මිනිස්සු දුක් විඳින්නේ දේශපාලඥයින්ගේ තීරණ නිසා කියලා ඔවුන් දන්නේ නෑ…

අදාල පුද්ගලයෝ, දේශපාලඥයෝ, රජය පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂයේ දැන් බොහොම සතුටින් වාඩි වෙලා හිනා වෙවී ඉන්නවා…
සමහර විට ඒගොල්ලෝ දන්නෙත් නෑ මීට අවුරුදු 6 කට කලින් ඒගොල්ලෝ අහෝසි කරපු අහවල් බලාගාරේ හින්දා තමයි අනේ මේ power cut එක අද තියෙන්නේ කියලා…
මොකද ඒ ඒ අවස්ථා වලට තම තමන් හිතුමතේට තමන්ට තියෙන පීඩනයට වාණිජමය අංශ වලින් තමන්ට තියෙන බලපෑමට… පිටරටවල් වලින් එන යෝජනා….
අපි ඊයේ පෙරේදා ඇහුවනේ මිත්ර රටකින් කිව්වා කියලා අපේ මේ අහවලාට මේ බලාගාරේ දෙන්ඩ කිව්වා කියලා…
මේ යෝජනා හින්ද මේ බලාගාර ව්යාපෘති එහේ මෙහේ වෙනවා….
අවුරුදු පහක් හයක් ගිහිල්ලා තමයි එකේ විපාකය එන්නේ…
ඒ විපාකය ආවම ඒ තීරණ ගත්ත නොගත්තු පුද්ගලයන් දන්නෙත් නෑ මම මේ කරපු දේ නිසා තමයි මේක මෙහෙම උනේ කියලා….
කවුරුත් ඒගොල්ලන්ට කියලා දෙන්නෙත් නෑ, ඒගොල්ලෝ දන්නෙත් නෑ…
ජනතාව දුක් විඳිනවා…!!!

අසාධාරණ බදු පනතට එරෙහිව ලංවිම ප්‍රධාන කාර්යාලය සහ ඌව පළාත වෘත්තිකයින් හා සේවා නියුක්තිකයින් පෙත්සම් අත්සන් කිරීම – 2023 ජනවාරි 03 දින

අසාධාරණ හා අත්තනෝමතික ආකාරයෙන් සිදුකළ බදු සංශෝධන සහ පනත් සම්මත කරවා ගැනීමට විරෝධතාව පළ කරමින් ජනාධිපතිවරයා වෙත යැවීමට සූදානම් කර ඇති පෙත්සම අත්සන් කිරීම අද දින ලංවිම ප්රධාන කාර්යාලය ඉදිරිපිට සහ බදුල්ල ලංවිම ඌව පළාත් නියෝජ්ය සාමාන්යාධිකාරී කාර්යාලය ඉදිරිපිට සියළුම ලංවිම වෘත්තීකයින්ගේ සහ සේවා නියුක්තිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කළ අයුරු…
ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා මාධ්ය හමුවේ තවදුරටත් අදහස් දක්වා සිටියේය…
මෙම පෙත්සම මගින් මතු කරන වැදගත්ම කාරණාවක් වනුයේ “මහජන බදු මුදල් රජය විසින් වියදම් කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහාත් විනිවිදභාවයකින් යුතුව එය වාර්ෂිකව මහජනතාව වෙත වාර්තා කිරීම සඳහාත් පාර්ලිමේන්තුවට වගකියන ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම” යන ඉල්ලීමයි.

රටටත්, ජනතාවටත් අත්‍යාවශ්‍ය විදුලි ව්‍යාපෘති ප්‍රමාද කරවන්නේ කාගේ උවමනාවටද…?

අපේ රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වර්තමානයේදී ගිගාවොට් පැය 43 (43 GWh) හෙවත් විදුලි ඒකක මිලියන 43 ක් පමණ වෙනවා. ඒත් ආර්ථික කටයුතු වල හැකිලීම, කර්මාන්තශාලා වල නිෂ්පාදන ක්‍රියාවලි වල මන්දගාමීත්වය, විදුලි කප්පාදුව හා ගාස්තු වැඩි කිරීම වැනි හේතු නිසා, එය මේ දිනවල ගිගාවොට් පැය 35 (35 GWh) වගේ අගයකට පමණ අඩු වෙලා තියෙනවා.

මේ දින වල රටේ විදුලි අවශ්‍යතාවය දවසේ එක් එක් වේලාවේදී පහත ආකාරයෙන් වෙනස් වෙනවා.

  • පැය 24 පුරාම අවමය 1100 MW – 1200 MW වගේ අවශ්‍යයි. (මෙය Base Load යනුවෙන් හඳුන්වනවා)
  • දිවා කාලයේදී පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්. (Day Peak)
  • රාත්‍රි 6 – 10 අතර උපරිම ඉල්ලුමක් පවතින කාලයේදී 2300 MW – 2500 MW පමණ විදුලි ඉල්ලුමක් පවතිනවා. (Night Peak)

මේ වගේ එක එක වේලාවල් වලට විදුලිය නිපදවන්න භාවිතා වන බලාගාරත් වෙනස් වෙනවා. පැය 24 ම විදුලිය ලබාදෙන බලාගාර අඩුම ජනන වියදමක් සහිත බලාගාර වෙනවා වගේම, ඒවා ස්ථිර විදුලි සැපයුමක් සහිත බලාගාර (Base load plant) ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඒ වගේම දිවා කාලයේදී පුනර්ජනනීය බලශක්තීන්ගෙන් නිපදවන විදුලිය වැඩි වශයෙන් භාවිතා කරනවා. දිවා කාලයේදී අපි  දැනට පද්තිධයට සම්බන්ධ කරගෙන තිබෙන වහල මත සූර්‍ය බල පද්ධති ඇතුළු  700MW කට අධික සූර්‍ය විදුලියත් ලැබෙන නිසාවෙන්ම පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්.

රාත්‍රීයේ උපරිම ඉල්ලුම ඇති කාලයට (සවස 6 සිට රාත්‍රි 10 දක්වා) බොහෝ දුරට භාවිතා කලේ තාප බලාගාර වලින් නිපදවන විදුලියයි. නමුත් මේ දින වල ඒ වෙලාවටත්, විදුලිය නිපදවන්නේ වෙනත් ප්‍රභව වලින්.

තත්ත්වය මෙසේ පවතිද්දී වැස්ස ලැබෙන දාට පැය 24ම ජල විදුලිය භාවිත කලත්, එයත් කෙටි කාලීන නිසා අවුරුද්දෙ 365 දවසෙම ස්ථිර ලෙස විදුලිය දෙන්න අඩු ජනන වියදමක් සහිත ගල්අඟුරු බලාගාරයත් භාවිතා කරනවා.

ගල් අඟුරු වගේම අඩු වියදමකින් විදුලිය නිපදවන පැය 24 පුරාම 365 දවසම එක දිගටම විදුලිය ජනනය කල හැකි ක්‍රමයක් තමයි ස්වාභාවික වායු බලාගාර. අප රට තුල දැනටමත් 350 MW බැගින් වූ ස්වභාවික වායු බලාගාර දෙකක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරල තියෙනවා.

මේ අලුත් ස්වභාවික වායු බලාගාරයන්ට අමතරව දැනට ක්‍රියාත්මක වන 300 MW යුගදනවි බලාගාරයත් ස්වභාවික වායු වලින් දුවන්න පුළුවන් විදියට තමයි ඉඳිකරල තියෙන්නෙ.

ඒත් අප රට තුලට ස්වභාවික වායු ගෙන ඒම සහ ගොඩ බෑම වෙනුවෙන්, සැලසුම් කරල තියෙන පද්ධති සහ නල මාර්ග ඉදිකරන ව්‍යාපෘතියෙ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර, 2022 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතියට යොමුකර තිබුණත්, මේ වනතුරුත් අදාළ අනුමැතිය නම් ලැබිල නැහැ. මේ අනුමැතිය පරක්කු වෙන එකෙන් අපි හදන බලාගාර විදුලි ජනනය පටන් ගැනීමටගතවන කාලය “අවුරුදු වලින්” ප්‍රමාද වීම සිදුවෙනවා.

LNG දෙවෙනි බලාගාරය ඉදිරියට නොයවා දැන් මාස ගණනාවක් තිස්සේ තියෙන්නේ අමාත්‍යංශයේ. මේ අනුමැති ලබාදීම ප්‍රමාද කරන්න මෑත කාලයේ වැඩිපුර කතාබහට ලක්වූ නිව් ෆෝට්‍රස් සමාගම, ඇමරිකානු බලපෑම්, ඉන්දියානු බලපෑම් රජය ඇතුලෙ හොල්මන් කරනවද කියල හිතෙන්නෙ, එහෙම ප්‍රමාද වෙන්න වෙනත් හේතු හොයාගන්න අසීරු වෙලා තියෙන නිසාමයි.

ඉතින් මේ ව්‍යාපෘති නිසි කලට නිම කර පැය 24 ම දින 365 ම අඛන්ඩ විදුලි සැපයුමක් අ⁣ප රටේ ජනතාවට ලබාදීම අපේ ඒකායන අරමුණයි.

මේ අනුමැති තව තවත් ප්‍රමාද කරන එකෙන් මේ නැතිවෙන්නේ රටේ අනාගතය නොවේද…?

අපේ අනා⁣ගතය නොවේද… ?

අපේ දරුවන්ගෙ අනාගතය නොවේද… ?

මෙය ඔබ සැමට බුද්ධියෙන් විමසා බැලීමට, අපි මෙලෙස සටහන් කර තබන්නෙමු. මේ අප රටේ අනාගතය වෙනුවෙන්, අපේ ඉදිරි පරපුර වෙනුවෙන් අප සැවොම අත්වැල් බැඳගත යුතු කාලයයි.

— ලංවිම ඉංජිනේරු සංගමය —

හදිසි විදුලි මිලදී ගැනීම්

මෙම වසරේ අප්රේල් මාසයේ පටන්, අපි රටක් විදියට දේශපාලනික, සමාජීය සහ ආර්ථිකමය ක්ෂේත්රයන් වල දැඩි ලෙස වෙනස්කම් වලට ලක් වූ බව අපි කවුරුත් දන්නා කරුණක්. ඒ අතරිනුත් ආර්ථිකය පහලටම ඇද වැටී, රට බංකොලොත් රටක් ලෙසයි දැන් ලෝකයම පිළිගෙන තියෙන්නේ.
මේ හේතු නිසා, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ජනතාවට පැය 24 පුරාම විදුලිය ලබාදීමේ අරමුණ ඇතිව සිදුකරගෙන ගිය ව්යාපෘති ගණනාවක්ම මේ වන විට අතරමග නැවතිලයි තියෙන්නේ. ඊට හේතුව නම්, අපට ණය ලබාදුන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, JICA ආයතනය වැනි ණය ලබාදෙන ආයතන ඔවුන් පොරොන්දු වෙලා තිබුණු ණය ලබාදීම නවතා දැමීමයි. IMF එක හරහා ලංකාවට ණය ලබාදීම අනුමත කරන තෙක්, ඒ ආයතන ණය ලබාදෙන්නේ නැති බව තමයි ප්රකාශ කරන්නේ.
මේ ණය මුදල් නොලැබී යාමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට, රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අත්යවශ්ය, ඉදිකරමින් තිබු LNG බලාගාර, සුළං බලාගාර සහ සුර්ය ශක්ති විදුලි උත්පාදන ව්යාපෘති අතරමග නවතා, පිළිතුරක් ලැබෙන තෙක් බලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේම මෙම බලාගාර හා ව්යාපෘති හරහා ඉදිරියේදී නිපදවීමට නියමිත විදුලිය, සම්ප්රේෂණය සදහා ඉදිකරමින් තිබූ හා ඉදිකිරීමට නියමිත ග්රිඩ් ව්යාපෘති සහ සම්ප්රේෂණ රැහැන් මාර්ග ව්යාපෘති අතරමග නැවතීම හේතුවෙන්, අදාළ කොන්ත්රාත්කරුවන් ඔවුන්ට ගෙවන්න තියෙන මුදල් ඉල්ලමින් විදුලිබල මණ්ඩලයට බලපෑම් කරන තරම් අසීරු අවස්ථාවකට අපි අද මුහුණ දෙමින් සිටිනවා.
කරුණු මෙසේ තිබියදී, ලගදී හරි අපුරු නිර්දේශයක් විදුලිබල අමාත්යංශයෙන් ලැබී තිබෙනවා. එනම් 150 MW පමණ හදිසි විදුලි මිලදී ගැනීම් වෙනුවෙන්, ලබන ජනවාරියේ ඉදන් අනුමැතිය අමාත්යාංශයෙන් ලබාගන්නා ලෙසයි. මීට කිසිසේත්ම විදුලිබල මණ්ඩලය විදියට, කිසිම කැමත්තක් නැහැ. මන්ද යත්, අඩු තරමින් මේ දිනවල අපි කරගෙන යන කාර්යයන්ටවත් ගෙවන්න මුදල් නැති කොට අලුත් ඒවාට ගෙවන්න හැකියාවක් නැති බව, අපිට හොඳාකාරවම තේරෙන නිසයි.
විදුලිබල මණ්ඩලේ ගිණුම තියෙන මහජන බැංකුව, දවස ගානේ මණ්ඩලයෙන් නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම් කරන්නේ, ජනතාව ගෙවන මුදල් එකතු වෙන ප්රමාණය අනුවයි. එකතු වෙන ප්රමාණයට වඩා වැඩිපුර ණයට කීයක්වත් දෙන්න හැකියාවක් මහජන බැංකුවට නැහැ. මොකද විදුලි බල මණ්ඩලය, ඒ තරමටම බැංකුවට ණයයි. ඒ නිසා බැංකුව කියන්නේ තවත් නම් ණයට දීමේ හැකියාවක් නැති බවයි.
මේ තත්වය දැනගෙනත් “ඇයි මේ හදිසි මිලදී ගැනීම්”, විදුලිබල මණ්ඩලය වෙනුවෙන්ද, නැතිනම් රටේ ජනතාව වෙනුවෙන්ද?, එහෙමත් නැතිනම් ඇත්තටම කවුරු වෙනුවෙන්ද මෙවැනි අත්තනෝමතික තීරණ ගන්නේ. තීරණය ඔබ සතුයි.
ලගදීම මාධ්යට කියයි රටේ ජනතාවට පැය 24 ම විදුලිය දෙන්න අපි යෝජනාවක් ගේනවා, ඒකට විදුලිබල මණ්ඩලේ මාෆියාකර ඉංජිනේරුවෝ කැමති නෑ කියල. ඊට පස්සේ ඒ දේවල් අනුමත කරන අයටත්, මේ අවස්ථාවාදීව යෝජනා ඉදිරිපත් කරන අයත් එක්ක එකතුවෙලා අපිට දොස් කියන්න පුළුවන්. “මණ්ඩලයේ හැමෝම වැඩි පඩි නම් ගන්නවා, ඒත් අපිට විදුලිය නැහැ. මේක විකුණමු, එතකොට ප්රශ්න සියල්ල විසඳිලා, මේක සුරපුරයක් වේවි” කියල.
අපිත් කැමතියි පැය 24 ට පැය 48 ක් වුනත් විදුලිය දෙන්න. මොකද විදුලි බල මණ්ඩලයේ සේවය කලාට, අපිත් රටේ සාමාන්ය විදුලි පාරිභෝගිකයින් තමයි. ඒ නිසා අපි කොහෙත්ම කැමති නෑ ලයිට් කපනවට. මොකද එතකොට අපේ ගෙවල් වලත් ලයිට් පත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙන්න දැනට තියෙන බලාගාර වලට අවශ්ය ගල් අඟුරු ටික, ඩීසල් ටික මිලදීගන්න වත් වියදම් කරන්න මුදල් නෑ. එහෙම තත්ත්වයක තවත් හදිසි මිලදී ගැනීම් වෙනුවෙන් වියදම් කරන්න මුදල් කොහෙන්ද?. ඒ නිසයි අපි හදිසි මිලදී ගැනීම් වලට යන්න එපා කියල කියන්නේ.
අපිව කබලෙන් ලිපට ඇද දාන්න එපා කියලයි මේ ඉල්ලන්නේ. අපි රටේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි අවශ්යතාවය සපුරාලන්න කරගෙන යන ව්යපෘති ගැන අවබෝධයෙන්, ඒ සදහා අවශ්ය සහයෝගය හා කාලය දෙන්න කියලයි අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම වුනොත් මේ බංකොලොත් රට ගොඩ ගන්න අපිට අපගේ උපරිම දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබේවි.

වර්තමාන විදුලිබල ජනන අර්බුදයේ පැතිකඩක්…

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර‍යෙහි (Unit 02) A මට්ටමේ අලුත්වැඩියාව ඉතා සාර්ථකව නිම කරනු ලැබූ අතර එම යන්ත්‍රය මේ වන විට ඕනෑම මොහොතක යළි පණ ගන්වා පද්ධතියට සම්බන්ධ කිරීමට සුදානම් කර පවතී. ඒ සඳහා ඉතා කැප වීමෙන් වැඩ කටයුතු කල බලාගාරයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

මෙම අළුත්වැඩියාව පියවරෙන් පියවර විස්තර කෙරෙන ලිපි පෙළ සඳහා සබැඳියන් මෙතැනින් ලබාගන්න.

1. https://bit.ly/overhaulA1

2. https://bit.ly/overhaulA2

3. https://bit.ly/overhaulA3

4. https://bit.ly/overhaulA4

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සතුටුදායක ජල මට්ටමක් තිබීම හේතුවෙන් ජලවිදුලි බලාගාර උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කරමින් මුළු විදුලි අවශ්‍යතාවයෙන් 63% කට වැඩි ප්‍රමාණයක් එමගින් ජනනය කරන නිසා ගල් අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන යන්ත්‍ර දෙක ද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 220 බැගින් වූ ධාරිතාවයකින් පමණකි . සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක නොවීමත් සමඟ රටේ පවතින ඉන්ධන හිඟතාවය හේතුවෙන් ද්‍රව ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන පෞද්ගලික අංශයේ හා ලංවිම සතු තාප බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කිරීමද සැලකිය යුතු කාලයක සිට සිදු නොවේ. ජාතික විදුලිබල පද්ධතියට දැනටමත් සම්බන්ධ කර ඇති ජනන ධාරිතාවයන් පවා මුල්‍යමය හේතු මත නවත්වා තිබියදී විවිධ පාර්ශව වල අවශ්‍යතාවය මත ලංවිමට දරා ගත නොහැකි වියදම් තව තවත් එකතු කිරීමට උත්සාහ කරන කණ්ඩායම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු….

2022 වසරේ මුල් භාගයේදීද ලංවිම හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝගේ උවමනාවට පුද්ගලික තාප බලාගාර සමඟ අත්සන් තැබූ හදිසි මිලදී ගැනීම් ගිවිසුම් නිසා ඉන්ධන නැතිව නවතා තිබූ, මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කල බලාගාර වෙනුවෙන් ධාරිතා ගාස්තු වශයෙන් පමණක් ලංවිම ට දැරීමට සිදු වුන මුදල ඒකකයකට රුපියල් 6 කට වැඩිය. මේ රුපියල් 6 සම්බන්ධව පසුගිය COPE කමිටු වලදී රඟ දැක්වූ නාටක දැන් අමතක වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ. ඉන්ධන නොමැතිව නවතා තැබීමෙන් නිකරුනේ මෙගා වොට් 150 ක පුද්ගලිකබලාගාර සඳහා මෙවරද ගෙවීමට සිදු වනු ඇති මුදල රුපියල් මිලියන 1,300 කට වැඩිය.

ආර්ථිකය පතුල නොපෙනෙන අගාධයක වැටී, පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා මෙන්ම අනෙකුත් තාප බලාගාර සඳහා හිඟ මුදල් ගෙවා ගැනීමට නොහැකිව, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිරීමට අමතර කොටස් මිලදී ගැනීමට නොහැකිව බලාගාර අවදානමකට ලක්වී ඇති මෙවන් මොහොතක අප රටක් වශයෙන් කල යුත්තේ තව තවත් ණය කඳු පිටින් එකතු කරමින්, බොර දියේ මාළු බෑමට සූදානම් වන කූඨ ව්‍යාපාරිකයන් හා දේශපාලන අතකොළු පෙන්වන නාට්‍ය සංදර්ශන දෙස බල බලා සිටීම ද, නැතහොත් ඔබගේ හෙට දවස වෙනුවෙන් හඬ නැඟීම ද? තීරණය ඔබ සතුයි..!!!!

2022/2023 නව ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව පැමිණේ…!!!

2022/23 ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව ඔක්තෝම්බර් 25 වන දින රාත්‍රී පුත්තලම වරාය අසල නැංගුරම් ලන ලදි. නැවෙන් ගල් අඟුරු බෑම අද දින (ඔක්තොබර් 26) පස්වරු 1 ට පමණ ආරම්භ කරන ලදි. ගල් අඟුරු රැගත් පළමු බත්තල සවස 4 ට පමණ බලාගාරයේ ජැටියට සේන්දු විය. එම නැවේ ධාරිතාව ගල් අඟුරු මෙට්‍රික ටොන් 61,342කි. එය සම්පූර්ණයෙන්ම බෑම සඳහා දින 5 ක් පමණ ගතවේ.

මේ ආකාරයට සෑම වසරකම සැප්තැම්බර් මස 15 වන දින සිට ඊළඟ වසරේ අප්‍රේල් මස 15 වන දින වන තෙක් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000 බැගින් වන නැව් 38 ක් පැමිණීම සිදු වෙයි. එක් නැවකින් එම ගල් අඟුරු තොගය බෑම දින 5 ක් ඇතුලත සිදු නොකළහොත් අප්‍රේල් මස 15 සිට මාස 6ක් පමණ පවතින වාරකන් හෙවත් මුහුද රළු වන කාලයට පෙර එම නැව් 38හිම ගල් අඟුරු බෑම සිදු කරගත නොහැකි තත්ත්වයක් ඇතිවෙයි… එවිට ගල් අඟුරු අවශ්‍ය තොග නොමැති කමින් ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමටත් පවතින විදුලි ඉල්ලුම හමුවේ විදුලි කප්පාදුවකට යාමටත් සිදු විය හැක.

දැනටමත් ගල් අඟුරු ගොඩ බෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම මාසයකින් පමණ ප්‍රමාද වී ඇති බැවින්, මේ වසරේ අද දින සිට ලබාගත හැකි උපරිම ගල් අඟුරු තොග ලබාගැනීම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුය.

එබැවින් රටේ විදුලිබලශක්ති අවශ්‍යතාවයෙන් 1/3ක් සපුරාලන නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට නියමිත වේලාවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා දී ප්‍රමාණවත් ගල් අඟුරු තොග සපයාදීමේ භාරදූර වගකීම රජය සතුය…!!!

#CEB #LVPP #CoalSupply

Eng. Nihal Weerarathne – The new President of CEBEU for the term 2022/2023

Eng. Nihal Weerarathne was elected as the President of CEBEU for the term 2022/2023 in the Annual General Meeting held at Sri Lanka foundation institute on 30th September 2022.

Eng. Weerarathne currently hold the position of Deputy General Manager – Corporate Strategies and Regulatory Affairs of the Ceylon Electricity Board.

CEBEU Congratulates Eng. Nihal Weerarathne on his new appointment as the President of one of the most prestigious Professional Trade Unions in Sri Lanka and wishes best of luck for him and his team for the upcoming year filled with many challenges against the CEBEU as well as CEB.

ඇත්තටම විදුලි බිල වැඩි වෙයිද?

ජයමග රූපවාහිනී වැඩසටහනේ මාධ්‍යවේදී නුවන් විදානගේ මහතා සමග සිදුකළ වත්මන් විදුලිබල ක්ෂේත්‍රය හා සබැඳි අර්බුද හා ඒවාට ඇති විසඳුම් ගැන සාකච්ඡාව… #උත්තරය #ජයමගTV

ලංවිම ව්‍යාපෘති ඉංජිනේරු ඒ. ධනුෂ්ක පරාක්‍රමසිංහ – කමිටු සාමාජික ලංවිම ඉංජිනේරු සංගමය

නිකන් ලැබෙන හිරු එළියෙන් විදුලිය නිපදවන එක, කෙතරම් නම් ලාභද…?

මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය. ඒ අතරිනුත් හැමදාම, අඩුවක් නැතිව ලැබෙන හිරු එළියෙන් විදුලිය නිපදවීම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනවා. 

ඇත්තටම හිරු එළියෙන් විදුලිය නිපදවන එක රටට කොච්චර ලාභද?…… 

” එහෙම නම් මෙච්චර කාලයක් මේ තාක්ෂණය අපේ රටේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක නොකලේ ඊට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ මොකක්හරි අපි නොදන්න මාෆියාවක් නිසාද?……

එහෙම නැත්නම් අපි නොදන්නා හේතුවක් මේකට තියෙනවාද?….

හැමෝටම මේ ගැන ප්‍රශ්න තියෙන නිසා, සංඛ්‍යාලේඛන එක්කම මේ ගැන විමසීමක් කරල බලමු.” 

අපි ඉස්සෙල්ලම පොඩි ගානක් හදලා මේක තේරුම් ගන්න බලමු. 

====================

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2021 විදුලිබල මණ්ඩලය සතු තෙල් වලින් විදුලිය ජනනය කරන තාප බලාගාරවලින් විදුලි ඒකක මිලියන 1,237 (1,237 GWh) හදලා තියෙනවා. ඒකට වැය වෙලා තියන මුළු මුදල රුපියල් මිලියන 39,186. ඒ කියන්නෙ නිකං ගණං හදලා බැලුවොත් එක ඒකකයකට රුපියල් 31.67 (31.67 Rs/kWh). 

2021 අවුරුද්දේ පොළොව මත සවිකල සූර්ය බලාගාර වලින් විදුලි ඒකක මිලියන 154.5 (154.5 GWh) හදලා තියෙනවා. ඒ අයට ගෙවලා තියෙන මුදල රුපියල් මිලියන 3,248. ඒ කියන්නේ විදුලි ඒකකයකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 21.01 (21.01 Rs/kWh) විතරයි. 

දැන් අපි බලමු,

2021  අවුරුද්දේ ලංකා විදුලිබල මන්ඩලයේ තෙල් වලින් දුවන තාප බලාගාර ඔක්කොම නවත්තලා ඒ විදුලි ඒකක මිලියන 1,237  සූර්ය බලයෙන්  ගත්තනං ලංකාවට පාඩුද, නැත්තං වාසිද?, කියලා. 

බැලූ බැලූ බැල්මට හැමෝම කියයි සූර්ය බලය ඒකකයක් රුපියල් 21.01 වෙද්දී, තාප විදුලිය ඒකකයක් රුපියල් 31.67 (Rs/kWh) වෙනවා. ඒ හින්දා සූර්ය බලයෙන් විදුලිය නිපදවන එක තාප විදුලියට වඩා ලාබයි කියලා. 

ඒකනේ හැමෝම විදුලිබල මණ්ඩලයට දොස් කියන්නේ?… 

ඒත්  ඇත්තම කතාව ඔය කියන දේ 2021 අවුරුද්දේ වුනානම්…. ” *රුපියල් මිලියන 1,069 විදුලිබල මණ්ඩලයට පාඩුයි*. “

“සූර්ය බලයෙන් විදුලි ඒකකයක් නිපදවන්න අඩු වියදමක් යද්දී කොහොමද එහෙම වෙන්නේ”….

මම දැන් කියන්නම් කොහොමද ඒක වුනේ කියලා…. 

==========================

විදුලිබල මන්ඩලයේ තාප බලාගාර වලට 2021 අවුරුද්දේ වියදම් වෙච්ච බිලියන 39 ඇතුලේ තියෙනවා බිලියන 14 ක් , හරියටම කියනවා නම් රුපියල් මිලියන 14,266 ක් වෙච්ච ස්ථාවර වියදම්, (Fixed Cost). ඒ කියන්නේ ඒ බලාගාරවලින් විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් ඔය කියන ස්ථාවර වියදම එලෙසම දරන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. 

විදුලිය ජනනය කරන කොට වැයවෙන්නේ ඔය කියන ස්ථාවර වියදමට අමතරව යන ඉන්ධන වියදමයි. විදුලි ජනනය නැවැත්තුවොත් ඉතුරුවෙන්නේ ඉන්ධන සඳහා යන වියදම විතරයි. ස්ථාවර වියදම එහෙමමයි. ඒක කොහොමත් දරන්න වෙනවා.

ඒ ස්ථාවර වියදමට අපි කියනවා (Capacity Cost), එහෙම නැත්නම් ධාරිතාව (Capacity) සඳහා යන වියදම, එහෙම නැත්නම් විදුලි ජනන “හැකියාව” (generating capacity) පවත්වා ගැනීම සඳහා යන වියදම කියලා. 

(ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්.)

දැන් අපි ආයි පාරක් අර ඉස්සෙල්ලා කියපු සරල අංක ගණිත ගාන හදලා බලමු. 

2021 අවුරුද්දේ ලංවිම තෙල් තාප බලාගාර ඔක්කොම නවත්තලා  ඒවායෙන් ජනන කරපු විදුලි ඒකක මිලියන 1,237, ඒකකයක් රු. 21.01 ගානේ සූර්ය බලයෙන් ගත්ත නම්,….

සූර්ය විදුලියට වැය වෙනවා රුපියල් මිලියන 25,989. (1,237x 21.01).

ඒ වියදමට අපිට එකතු කරන්න සිද්ද වෙනවා අර රුපියල් මිලියන 14,266 වෙච්ච ස්ථාවර වියදම. 

දැන් ඔය දෙකම එකට එකතු කලහම ලැබෙනවා රුපියල් මිලියන 40,255 ක්. 

“ඒ කියන්නේ ඉන්ධන වලින් ජනනය කරන එක නවත්තලා සූර්ය බලයෙන් ජනනය කරොත් බිලියනයකටත් වඩා වැඩිපුර වියදම් වෙනවා.”……. ඒක තමයි ඇත්ත කතාව. 

එතකොට කෙනෙක් අහන්න පුළුවන් “ඇයි එහෙම ස්ථාවර වියදමක් තියෙන්නෙ”?….  ඒ මොනවටද කියලා . 

ස්ථාවර වියදම තමයි , ඒ බලාගාර වලට කරපු ප්‍රාග්ධන ආයෝජනය. ඒ බලාගාර *ඕනෑම වෙලාවක විදුලිය ජනනය කරන්න සූදානමින්* තබා ගැනීම වෙනුවෙන් කරන නඩත්තු කටයුතු සඳහා යන වියදම්, කාර්ය මණ්ඩල සඳහා වන පඩි නඩි,  ගොඩනැගිලි නඩත්තු කිරීමේ වියදම් වගේ දේවල්.

එතකොට කෙනෙක් අහන්න පුලුවන් සූර්ය බලයෙන් විදුලිය ගන්නවනම් මොකටද අපි ඒ වගේ විශාල වියදමක් දරලා තාප බලාගාර නඩත්තු කරන්නේ, ඒවා වහල දාල ඕනෙනං විකුණලා දාන්න පුළුවන්නේ, එතකොට ඔය ස්ථාවර වියදමත් ඉතුරුයි නේ කියලා.

අපි ඒකත් පොඩ්ඩක් සරලව විමසලා බලමු..

=====================

හැමදෙනෙක්ම වගේ විදුලිය ජනනය කරනවා කියනකොට හිතන්නේ ජනනය කරලා ලැබෙන විදුලි ශක්ති ඒකක ගණන (kWh) එහෙම නැත්තං unit ගණන ගැන විතරයි.  විදුලි ඒකකයක මිල සංසන්දනය කරලා තමයි සූර්ය බලය තාප බලයට වඩා ලාබයි කියන ගණන් හැදිල්ල හැමෝම කරන්නේ. ඒත් විදුලි පද්ධතියක ජනන කරන විදුලි  ශක්තියට  අමතරව ඉතාමත් වැදගත් තවත් පරාමිතියක් තියෙනවා. ඒකෙන් මනින්නෙ විදුලි බල ධාරිතාව, (Generating Capacity). මනින ඒකකය තමයි MW. 

විදුලි පාරිභෝගිකයන් ඉල්ලන විදුලි  ශක්ති (Energy) ඒකක ගණන (kWh) විදුලිබල මණ්ඩලයට සපයන්න වෙනවා වගේම හැම තප්පරයක් ගානෙම විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බලය (Power) සඳහා වන ඉල්ලුමත් (MW) අඩුවක් වැඩියක් නැතුව හරියටම එපමණකින්ම සපයන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බල ඉල්ලුම (Power Demand) 2000MW ක් නම් හරියටම 2,000MW ම ජනනය කරන්න විදුලිබල මණ්ඩලය සිද්ධ වෙනව. ඔය කියන ඉල්ලුම සහ සැපයුම මෙගාවොට් කීපයකින් හරි එහෙ මෙහෙ වුනොත් පද්ධතියේ සංඛ්‍යාතය Hz පනහෙන් එහාට වෙනස් වෙනව. ඒක කොච්චර භයානකද කියලා කියනවා නම් සංඛ්‍යාතය හර්ට්ස් තුනක් පහලට ඇවිත්, 47 Hz  වුණොත් මුළු පද්ධතියම තත්පර ගණනක් ඇතුළත කඩා වැටෙන්න පුළුවන්.

ඒක හින්දා විදුලි ශක්තිය (Energy – kWh) පාරිභෝගිකයන්ට සපයනවා වගේම පාරිභෝගිකයන්ගේ විදුලි බල ඉල්ලුමත් (Power – MW) තත්පරයක් තත්පරයක් ගානේ සපයන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. 

ඒ කටයුත්ත කරන්න විදුලිබල මණ්ඩලයට විදුලි ජනන ධාරිතාවක් (Generating Capacity) තියෙන්න ඕනේ.  සාම්ප්‍රදායික තාප හෝ ජල විදුලි බලාගාර වලින් විදුලි ශක්තිය (Energy) වගේම නිශ්චිත විදුලි බල ධාරිතාවක් (Firm Power Capacity ) අපිට ලැබෙනවා. ඒත් සූර්ය බලයෙන් අපිට ලැබෙන්නෙ විදුලි ශක්තිය විතරයි. ඒක හින්දා හැමවෙලේම විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා ඕනෑම වෙලාවක  විදුලි ජනන ධාරිතාව (Power Generating Capacity) තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන්න පුළුවන් ස්ථාවර ධාරිතා බලාගාර (Firm Power Plants) පද්ධතියේ තියාගන්න. ඒ ධාරිතා හැකියාව තමයි අපි Firm Capacity කියලා කියන්නේ. ඒ ධාරිතා හැකියාව තබා ගැනීම සඳහා  දරන්න වෙන වියදම, විදුලි ජනනය කරන වෙලාවෙදි ඉන්ධන සඳහා වන වියදමට වඩා වෙනස්. 

ඒක හරියට අපිට පැයට කිලෝ මීටර් 150ක් යන්න පුලුවන් හැකියාව තියෙන වාහනයක් ගත්තා වගේ.

ආයෝජන වියදම, වාහනය ධාවන තත්ත්වයේ තබා ගැනීම සඳහා කරන්න වෙන නඩත්තු වියදම, වගේ වියදමක් තමයි ධාරිතාව සඳහා ගෙවන ස්ථීර වියදම (Fixed Capacity Cost). ඒ  වාහනෙන් ගමනක් යනකොට හැම කිලෝමීටරයකට වැය වෙච්ච ඉන්ධන වියදම (Rs/km) වගේ තමයි අර විදුලි ඒකකයක් සඳහා යන වියදම (Rs/kWh).

=========================== 

ඔය කරුණු ඔක්කොම සලකලා බලද්දී තේරුම් ගන්න පුළුවන් මේ හැමදේකම අපි නොදකින පැත්තකුත් තියෙනවා කියලා. අපි මේක තේරුම් කරලා දෙන්න 2021 අවුරුද්දේ ගණන් හිලව් ගත්තේ දැන් තියන ඉන්ධන වියදම් අසාමාන්‍ය ඒවා හින්දා. ඒක ලෝක යුද තත්ත්වයක් හින්දා ඇති වෙච්ච එකක් . පුනර්ඡනනීය විදුලිය ඉන්ධන දහනයට වඩා හැම අතින්ම හොඳයි. ඒක ගැන කිසිම තර්කයක් නෑ. ඒ වගේම ලෝකය පුරාම පුනර්ජනනීය විදුලිය සඳහා යන වියදම  ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමිනුයි පවතින්නේ. මුළු ලෝකෙම අනාගතය පුනර්ජනනීය විදුලිය කියන එක ඉතාම පැහැදිලියි. අපි අනිවාර්යෙන්ම මේ රට එතෙන්ට ගෙනියනවා. ඉහළින් කරපු සරල පැහැදිලි කිරීම කලේ රටේ බහුතරයක් නොදන්න දේවල් ටිකක් මේක පිටිපස්සෙ තියෙනවා කියන එක පැහැදිලි කරන්නයි. ඒ මිසක් පුනර්ජනනීය විදුලිය, තාප විදුලිය සංසන්දනය කරන්න එහෙම නෙමෙයි. මේක දැන ගෙන යා යුතු ගමනක්. බොහොම සැලසුම් සහගතව යා යුතු ගමනක්. ඒක නිසයි අපි අවසාන අවුරුදු 5හේ අපේ සැලසුම්වල වසරින් වසර ක්‍රමානුකූලව පුනර්ජනනීය විදුලිය වැඩි කරලා තියෙන්නේ. සැලසුම් කරපු විදිහට පුනර්ජනනීය විදුලිය පද්ධතියට එකතු වුණේ නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒව හදාගෙන අනිවාර්යෙන්ම අපි මේ රට නැවතත් වාරයක් පුනර්ජනනීය විදුලිය මත පදනම් වෙච්ච විදුලි පද්ධතියක් කරා ගෙනියනවා. ඒක තමයි අපේත් ඉලක්කය.ඒක කරන්න හැමෝම අපිව තේරුම් අරගෙන අපිට සහයෝගය දෙයි කියලා අපි හිතනවා. 

ලක්මාලි කරුණානායක – ප්‍රධාන ඉංජිනේරු – බලශක්ති කළමනාකරණ -වයඹ පළාත II – ලංකා විදුලිබල මණ්ඩලය

2022/06/19

Cancelling Competitive bidding will not expedite the process but will lead to corruption

Dr. Asanga Rodrigo – Former Director General of SLSEA.

Here is a reply to the Minister of Power & Energy Kanchana Wijesekara’s tweet from the former Director General of Sri Lanka Sustainable Energy Authority.

This effort of the CEBEU is not to avoid RE integration. This is to prevent the killing of Tendering process of the country. We have added 705MW of Solar Power and 248MW of Wind power to our national grid so far. We have already installed 1400MW of Hydro power too. Don’t forget our maximum demand is around 2700 MW. So calculate the RE penetration percentage of Sri Lanka and compare the values with Germany and Australia. Understand the truth behind the scenes.

CEBEU sees ominous side of proposed changes to Electricity Act

By Ifham Nizam

The Ceylon Electricity Board Engineers’ Union (CEBEU) yesterday expressed concern about the Bill gazetted on April 29, 2022, to amend the Sri Lanka Electricity Act No. 20 of 2009.

The CEBEU said the Bill would be tabled in Parliament on June 09, 2022.

CEBEU Joint Front Representative Isuru Kasthurirathna told The Island that they had informed Prime Minister Ranil Wickremesinghe, Speaker Mahinda Yapa Abeywardena, Sajith Premadasa and Members of Parliament of their opposition to the Bill.

“We have requested all stakeholders to prevent the passage of amendments to the Sri Lanka Electricity Act,” Kasthurirathna said.

Power and energy sector was a more technically oriented field and was of highly importance in economic terms as it dealt with multi-billion rupee financial transactions. Thus, the basic concept of the Sri Lanka Electricity Act No. 20 of 2009 has been to procure electricity through competitive bidding only, to secure the lowest priced electricity through competition, to control its impact on the national economy properly, the CEBEU pointed out.

The Island – 07-06-2022

අදානි ව්‍යාපෘතිය නීති විරෝධියි…!!!

මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමූහය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම නීති විරෝධී බැවින් ඉන් ඉවත් වන ලෙස හා එසේ නොවුණහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සුළං බල සංගමය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුම් දී තිබේ.

ජුනි 02 සහිතව යොමුකර ඇති එම දැනුම්දීමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව විශාල විදුලිබල ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ස්වෙච්ඡා යෝජනා මත ලබාදිය නොහැකි බවත්, ලබා දෙනවා නම් එසේ ලබාදිය හැක්කේ ආණ්ඩු දෙකක් අතර සිදුකරන ගනුදෙනුවකදී පමණක් බවත්ය. එහෙත් අදානි සමාගම ඉන්දීය රජයට අයත් සමාගමක් නොවන බවත් එය එම රටේ ඇති පෞද්ගලික සමාගමක් බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රීලංකාවේ සුළං බලය සමබන්ධයෙන් ඇති ඉතාම වටිනා ස්ථාන වන මන්නාරම හා පුනරීන් යන ප්‍රදේශවල මෙම ඇති ඒකකයට ඇමරිකානු ඩොලර් සත 7.55 යන මිල ලෝකයේ එවැනි ව්‍යාපෘති සමග ගත්කළ ඉතා ඉහළ අගයක් බවත් දේශීය සුළං බල නිෂ්පාදකයින් ඒ සඳහා ඇමරිකානු ඩොලර් සත 5ක මුදලක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කළ බවද එහි සඳහන් කර තිබේ. එමෙන්ම ඇමරිකානු ඩොලර් වලින් මෙම මුදල් ගෙවීමට සිදුවීම නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටින් පිටවීමට නියමිත බවද එහි සඳහන් කර තිබේ.

ලසන්ත රුහුණගේ:

අනිද්දා පුවත්පත

ආර්ථිකේ, කොරෝනා, කාබනිකේ සහ විදුලිය…

මොකක්? කිරි පැණියි යකඩ ඇණයි වගේ… කිසිම ගැලපීමක් නැති මාතෘකා ටිකක් නේද…?

නැත්තෙමත් නෑ… ඔය හැම මාතෘකාවක් ගැනම ඔන්න ඔය උඩ වීඩියෝ එකේ තියෙනව වගේ ලොකු මිටින් මන් දැකල තියෙනව TV එකේ 2019 හිටං. මට මේ මිටීම දැක්කම ඒවා මතක් උනා.

මතකද 2019 නොවැම්බර් දෙසැම්බර් වගේ කලෙක ජනාධිපතිතුමා මහා බැංකුවේ භාණ්ඩාගාරේ වගේ ආයතනවල ඉන්න ආර්ථික ලොක්කෝ ගෙන්නලා ආවේශ වෙලා වගේ දෙහි කැපුවා ආණ්ඩුවේ වැඩවලට සහය දෙන්න බැරිනම් යන්න කියල. අද වෙලා තියෙන විනාසෙට සෑහෙන්න වග කියන්න ඕනි නමුත් රට බංකොලොත් වෙන්න ටිකකට කලින් ගෙදර මාරුඋන අර්ථික ඝතකයොත් මේන් මේ මිටීමේ ඔව් සෑර් කියා කියා අර නිළදාරින්ට දෙහි කැපුවා නොසෑහෙන්න. අද අපේ ගැලවුම්කාරය කියල ගෙනත් ඉන්න නනදලාල් මහත්තයත් ඔය බැනුම් අහපු ගොඩේ හිටියද මන්ද ? බොරු කියන්න ඕනි නෑ TV එකේ පෙන්නපු විස්තරවලට අනුව මටත් හිතුන එහෙම තමයි ජනාධිපති සැරට ඉන්න ඕනි… නැතුව බෑ කියල. එත් මොකද ඇත්තටම උනේ. දැන් අන්තිමට ඉතින් අපි හිඟන්නෝම උනානේ. මට අද හිතෙනවා එදා මහා බැංකුවේ හිටපු හොඳ මොලේ තියෙන නිලධාරී “ඔහොම මරි-මෝඩ වැඩ කරොත් ආර්ථිකේ වැටෙනවා” කියපු එක වෙන්න ඇති ඒ මිනිස්සු බැනුම් අහන්න හේතු උනේ කියා කියල… මං ඉතින් ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවන නිසා මීට වඩා ඒ ගැන කතාකරන්නේ නෑ…

ඊලඟට ආයේ කොරෝනා ආපු මුල වකවානුවේ ඔය වගේම මිටිං දැක්ක TV එකේ. වසංගත රෝග ගැන වගකීම ඇති දොස්තරල ටික දෙනෙක්, වෙන්න ඕනි දේ ගැන කියන්න හදනවා. නමුත් දොස්තරලා නොවන බොහෝ දෙනෙක් ජනාධිපති වටකරගෙන හරි සෑර් මෙහෙම කරමු අරම කරමු කියනවා, අර දොස්තරලාට කතා කරන්න නොදී. ඉතින් ඒ වගේම මුල වකවානුවේ පිළිගත් වෛද්‍ය ක්‍රමවේද වලින් බැහැර ධමිමික පැනිය වගේ නොයෙකුත් විකල්ප ක්‍රම ගලාගෙන ආව මතකද? රජයත් මුල්ම වකවානුවේ එන්නත ගෙන්න ඕනිද නැද්ද වගේ මට්ටමක හිටියා. නමුත් වාසනාවට වගේ පහුවෙලා හරි මගට වැටුන. මෙහිදී ජනතාවගේ ජිවිත බේරගන්න පිළිගත් වෛද්‍ය ක්‍රමවේදවලට යන්න ලොකු සටනක් කරපු බෝවෙන රෝග අංශයේ සහ අනිකුත් වෛද්‍යවරුන්ට සමාජයේ ප්‍රණාමය අදටත් තියෙනවා. (එත් දොස්තරලා අතරින් ඉතා සුළු පිරිසක් ‘වටවෙලා උරණ දුම් හට්ටි’ , ‘අමුතු කරල්’ වගේ අසම්මත දේවලින් නොයෙකුත් ලාබ ප්‍රයෝජන ගන්න කරපු උත්සාහයනුත් නොතිබුනා නෙවෙයි.). මෙන්න මේ රැස්වීමේ ලෝකේ පුනර්ජනනීය විදුලිය ට්‍රෙන්ඩ් එකත් එක්ක අපිත් යමු සෑර් කියන අපේ ජාසිංහ දොස්තර මහත්තයා ඒ කාලේ පොදු ජනතාවගේ වීරයෙක්. අපි දේශපාලකයෝ කියන කිසිදෙයක් විස්වාස නොකරත් ජාසිංහ දොස්තර මහත්තය කියනදේ, දෙන උපදෙස් විවාදයකින් තොරව පිළිගත්තා. තව එකක් ඉංජිනේරුවෝ වෙච්චි අපි දොස්තර මහත්වරු කියන දෙයක් කරල, ඒ කියන්නේ ඔය රෝහල් වල තියෙන කැඩුන ඉලෙක්ට්‍රොනික උපකරණ හදල දීලා, ගොඩනැගිලි, උපකරණ අරන් දීල උදව් කරා මිසක් දොස්තරලට කොරෝනා වලින් රට ගොඩදාන හැටි කියල දෙන්න ගියේනම් නෑ. ඒක අපේ විෂය නෙවෙයිනේ…

ඊළඟට කාබනිකේ. ඒ කාලෙත් අපි මේ වගේම ලොකු මිටිං දිහා කට ඇරන් බලං හිටිය TV එකේ. කෘෂිකර්මය පිලිබඳ උගතුන් කීපදෙනෙක් ඕක එක පාරට කරන්න ගියොත් සාගතයක් එනවා කියන්න හදනවා. නමුත් මේ වගේම “ඔව් සෑර් සැට් එක” ඒ අයට කතා කරන්න දුන්නෙම නෑ. හොඳ නිළධාරී මේ විනාසෙට අත ගහන්න බෑ කියල අස්වෙලාත් ගියා නේද? ජනමාධ්‍යට ඇවිත් මේක මේ විදියට කරන්න එපා කියපු මහාචාර්යවරුන්ට චෝදනාකරා ඒ අය එහෙම කියන්නේ පෝර ගෙන්නන කොම්පැණි වලින් කොමිස් අරං කියල. මහා විනාසේකට පස්සේ අද ජනාධිපතිවරයා ඇතුළු අපි ඔක්කොම පිලිගන්නවා ඒක දඩිබිඩියේ කොරන්න පුළුවන් එකක් නෙවෙයි කියල.

දැන් කතාකරමුකෝ මේ වීඩියෝ එකේ තියෙන මාතෘකාව ගැන. ඒ කියන්නේ 2030 ටත් කලින් දඩිබිඩි ගලා දස දහස් ගානක් solar හයිකරලා ඉන්ධන වෙනුවෙන් යන ඩොලර් ඔක්කොම ඉතුරු කිරීම තමයි කතාව. ඒකට තියෙන බාධාව ( මාත් ඇතුළු) මණ්ඩලේ ඉංජිනේරුවෝලු. උල තියන්න වටිනවා නේද?

TV එකේ මිටීම හඳුන්වා දෙන්නේ පුනර්ජනනීය විදුලිය ගැන කථාකරන්න “කරන්ට් ලොක්කෝ” එක්ක සාකච්ඡාවක් කියල. දැන් දොස්තරලා අතරින් කොරෝනා ගැන උපදෙස් දෙන්න ඉන්නේ වසංගත රෝග පිලිබඳ දොස්තරලානේ. ඒ වගේ ඉංජිනේරුවෝ අතරින් රටේ විදුලි පද්ධතිය ගැන වගකීම තියෙන්නේ , විදුලි පද්ධති ගැන ඉගෙනගෙන ඒ ගැන ප්‍රයෝගික අත්දැකීම තියෙන විදුලි ඉංජිනේරුවෝ. ඔය මිටීමේ පනහක් විතර හිටියට එහෙම අය ඉන්නේ දෙතුන් දෙනයි.. ඒ අයටත් “ඔව් සෑර් සැට් එක” අභිබවා හරිදේ කියාගන්න ඔය වගේ මිටිංවල කවදාවත් ඉඩ ලැබෙන්නේ නෑ. (මටත් ජනාධිපතිවරයා ළඟ ඔය වගේ අත්දැකීම් දෙපාරක් අත්දකින්න උනා ). එකේ වරද ඒ අයගේ නෙවෙයි. හොඳ දියුණු උන රටවල රටේ ආර්ථිකයට, ජනජීවිතයට බලපාන, ඒ වගේම ඩොලර් බිලියන 10-12 වගේ ගණන්වල වියදම් ගැන තීරණ ගන්නේ ඔහොම කැකිල්ලේ මොඩල් මිටින් වලින් නෙවෙයි. ඒවට අදාල හැම ක්ෂේත්‍රයකම විද්වතුන් විසින් කරන ලොකු අධ්‍යනයකින් පස්සේ. දැන් ගත්තොත් 70% නෙවෙයි 100% පුනර්ජනනීය විදුලියට යාම ගැන උනත් කිසිම විවාදයක් අපිට නෑ . එත් ප්‍රශ්නේ තියෙන්නේ එක කන්නෙන් කාබනිකෙට ගියා වාගේ 2030 දී මේකට යන්න තියෙන කඩි කුලප්පුව ගැන. ඒ කඩි කුලප්පුව එන්නේ ඉක්මනට එකෙන් හම්බුකරන්න හිතන අය. මේ 2030 ඉලක්ක තීරණය කරන්න කලින් කිසිම විද්වත් අධ්‍යනයක් කරලා නෑ. solar ව්‍යාපාරිකයින්, බොරු උපදේශකයින්, දේශපාලකයින් තමයි 2030 ඉලක්කය තීරණය කරේ. නමුත් දැන් එක රටේ නීතිගත ප්‍රතිපත්තිය නිසා අපිට තියෙන්නේ හානිය අවම කරගෙන ඒ දිශාවට ප්‍රයෝගිකව යන්න පුළුවන් දුරක් යන එක.

ජනාධිපතිවරයා කියනවා සෝලා දාල විදුලිය නිපදවල, විදුලි කැපිල්ලත් නවත්තල ඉන්ධන වලට යන වියදම සම්පූර්ණයෙන් නවත්තන වැඩපිළිවලට ලං.වී.ම ඉංජිනේරුවෝ විරුද්ධයි කියල සමාජ මතයක් තියෙනවලු. එහෙම සමාජ මතයක් තියෙනවා කියන එකනම් ඇත්ත කියල මටත් හිතෙනවා. යාලු මිත්‍රයෝ, නෑදෑයෝ විතරක් නෙවෙයි කොන්ඩේ කපන්න ගියාම බාබර් පවා අහනවා ඉක්මනට solar දාල ලයිට් කැපිල්ල නවත්වන්න බැරිද කියල. මම fb එකේ post ගණනාවක් දැකල තියෙනවා නිකන් තියෙන හිරු එළියෙන් කොමිස් ලැබෙන්නේ නැතිනිසා ලං.වී.ම ඉංජිනේරුවෝ solar වලට විරුද්ධයි කියල. හැබැයි ඔය කියන මතේ නම් සමහර solar ව්‍යාපාරිකයින් විසින් හදපු එකක්. අපි උපකල්පනය කරමු ලං.වී.ම ඉන්න ඉංජිනේරුවෝ 100% ම කොමිස් බලාගෙන වැඩකරනවා කියල. මට අහන්න තියෙන්නේ මේක කොමිස් ප්‍රශ්නයක් නම්, solar වලින් කොමිස් නොගෙන හෙන අමාරුවෙන් බැනුම් අහ අහා ගල් අඟුරු, ස්වභාවික වායු (LNG) වලින් විතරක් කොමිස් ගන්න මුන්ට පිස්සුද කියල. ඒ වගේම බිස්නස් කරන අය අතරින් solar බිස්නස් එකට විතරක් කොමිස් නොදෙන, හිරු එළිය වගේම සුපිරිසිදු කට්ටිය විතරක් අපු එකත් හරි පුදුමයි නේද? අනේ මන්ද.

ඉතා පිරිසිදු හිරු එළියෙන් කිසිම සද්ද බද්දයක් නැතිව විදුලිය හදන එක හරිම ආස හිතෙන වැඩක් නේ. අපේ ගෙදරත් තියෙනව 5kW පද්ධතියක්. බිල බින්දුව නෙවෙයි අතටත් දෙතුන් දාහක් හම්බවෙනවා. මගේ යාළු මිත්‍රයොත් හිතන් ඉන්නේ සෝල දාල ගෙදර බිල බිංදුව කරා වගේ රටේ ඉන්ධන බිලත් බිංදුව කරන්න පුලුවන් කියල. මන් දැක්ක මේ මීටිමේ අපේ අලුත් තරුණ ඇමතිතුමා වගේම “යේස් සෑර් සැට්” එකේ කීපදෙනෙක්ම “දඩස්” ගාලා solar දාල ඉන්ධන බිල දඩස් ගාල බිංදුව විදිය කියල දෙනවා. ඉතින් ඒක එහෙම ලේසි කාරණාවක් නම් අපි අම්ම මෝ නැතුව බැණුන් අහන්නේ මොකටද. කරන්න එපැයි නේද? බිංදුව කොහොම උනත් ඉන්ධන ගෙන්න යන සැහෙන මුදලක් එකෙන් ඉතිරි කරන්න පුළුවන් කියන එක හරි. නමුත් වැදගත් දේ තමයි ඒකට ඉවසීමෙන් ක්‍රමානුකුලව යන්න ඕනි. නැත්නම් වෙන්නේ එක කන්නෙන් දඩිබිඩි කාබනිකෙට ගිහින් කරගත්තේ විනාසේ අනිත් එක. දඩස් ගාල කාබනික කරලා යූරියා වලට යන ඩොලර් වියදම සම්පුර්ණයෙන් අඩුකරන්න ගිහින් දැන් කන්නත් නැතිවෙන පොටක්නේ තියෙන්නේ. අපේ කරුමෙට විදුලිය පිලිබඳ ගන්න තකතීරු තීරණවල ප්‍රතිපල අර කොරෝනා සහ කාබනිකේ වගේ මාස කීපයෙන් දැනෙන්නේ නෑ. ආර්ථිකේ වගේම විදුලිය ගැන ප්‍රශ්නත් සංකීර්ණයි. ඒ වගේම ප්‍රතිපල එන්නේ තැපෑලෙන්… සැහෙන්න පහුවෙලා. විදුලියේ මෝඩ තීරණේක ප්‍රතිපල එන්නේ ඊළඟ ආණ්ඩුව ආවම. එතකොට හැමදාම කලින් කට්ටිය මත එක ලේසියෙන් පටවලා, ඉංජිනේරුවන්ටත් බැනල ලේසියෙන්ම යට ගහන්න පුළුවන්…

දිග වැඩි උනා. එත් මට මේක ලියන්න හිතුනේ මගේ කොරෝනා වීරයා , ඒ කියන්නේ අනිල් ජාසිංහ දොස්තර මහත්තයා, ලෝකේ යන විදුලි ට්‍රෙන්ඩ් එකට අපිත් යමු කියනව දැකලා. 2030 දී 80% විදුලිය පුනර්ජනනීය විදුලිය ප්‍රයෝගිකව කරන්න කොච්චර ඩොලර් බිලියන ගානක් යනවද වගේ ඒවා බලන්න විදුලිබල අමාත්‍යංශයෙන් විද්වත් කොමිටියක් දැම්ම. මතක විදියට 2020 මුල. විශ්ව විද්‍යාල ආචාර්යවරු, පිට රට විද්වතුන් එහෙම ඉන්න හොඳ කමිටුවක්. ඒක ඒ වැඩේ කරන් යත්දී , ජනාධිපතිවරයා ළඟ තිබ්බ මෙන්න මේ වගේම මිටිමක තීරණය කරා 2030දී 70% ක් ප්‍රයෝගික නෑ, 2030 දී 50% ක් යමු (2050 දී 100% යන්න බලමු) කියලා. අපිත් ඒකට එකඟ උනා. අර 2030දී 70% විද්වත් කොමිටියේ වැඩ නතර උනා. ඒ විදියට කරගෙන යද්දී කොරෝනා ආව. කොරෝනා අඩුවේගන යත්දි 2021 ජුනි මාසේ වගේ හිටිය ගමන් නෑ නෑ 50% නෙවෙයි 2030දී 70% යන්න පුළුවන් කියල ආයේ තීරණය කරා, මුල් ගල තියන්න ඔන්න මෙන්න තිබුණ නොරොච්චෝලේ අලුත් යන්ත්‍රයක් දාන ව්‍යාප්තිය වහාම නතර කරා කියල මාධ්‍ය හරහා අහන්න ලැබුණා. බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණාවක් තියෙනව. ඒ තමයි ඒ තීරණ ගන්න කැබිනට් පත්‍රිකාව දාල තිබ්බේ විදුලිබල අමාතංශයේන් නෙවෙයි. විදුලි බලේ ගැන අතිශය දරුණු ලෙස බලපාන තීරණ අරං යෝජනාව දාල තිබ්බේ පරිසර අමාත්‍යංශයෙන්. එතකොට අපේ කොරෝනා වීරයා, දොස්තර ජාසිංහ මහත්තයා පරිසර අමාත්‍යංශයේ ලේකම්. එයා තමයි කැබිනට් පත්‍රිකාව හදල පරිසර ඇමතිතුමා හරහා ඉදිරිපත් කරන වගකීම ගත්තේ. පරිසර අමාත්‍යංශයේ උපදේශකයෙක් ඉන්නවා විටෙක විදුලි තවත් විටෙක ලෝක දේශගුණ විපර්යාසය පිලිබඳ විද්වතෙක් හැටියට තමාව හඳුන්වා ගන්න පරිඝනක ඉංජිනේරුවෙක්. රැකියාවක් කරන්නේ නෑ. රැකියාවට කරන්නේ රටේ සංවර්ධන ව්‍යාපෘති නතර කරලා පිටරට NGO වලින් සල්ලි හම්බුකරන එක. යුරෝපිය ජාතික එයාගේ නෝනයි එයයි solar උපදේශක සහ බිස්නස් තමයි පිටට පෙන්න කරන රැකියාව. අන්න එයත් එක්ක එකතුවෙලා තමයි ජාසිංහ මහත්තයාගේ පරිසර කණ්ඩායම විදුලිය පිලිබඳ නැත්නම් මුළු රටේ ආර්ථිකයට තදින්ම බලපාන මේ තීරණ ගත්තේ. අන්තිමට ජනාධිපතිවරයා COP වගේ අන්තර්ජාතික සමුළුවල අපි වගේ දුප්පත් රටකින් ලෝකයා බලාපොරොත්තු නොවන අති භයානක පොරොන්දු දීල අව. මේක අත්සන් කරාම යුරෝපියන් රටවලින් ඩොලර් බිලියන ගණන් වලින් ආධාර ලැබෙනවා කියල ආණ්ඩුවේ ඉහල උදවිය අන්දලා තිබ්බලු. මං TV එකේ දැක්ක යුරෝපිය තානාපතිවරු ජනාධිපති හම්බවෙලා සම්පුර්ණයෙන් කාබනිකෙට සහ පුනර්ජනනියට යන තුන්වන ලෝකේ පළමු රට වන ලංකාවට හොඳටම උදව් කරනවා කියල. අන්න ඒ ආධාර ලැබුණද ජාසිංහ මහත්තයෝ? නැත්නම් උන්ට කියල අඩුම ගානේ ඔය නැතෙයි කියන පපුවේ අමාරුවට, ජලභීතිකාවට දෙන බේත් එන්නත් ටිකක් වත් ගන්න බැලුවොත් නරකද?

මේක දැන්නම් හොඳටම දිගයි නේ. සමාවෙන්න. එනිසා මේ ටික විතරක් දොස්තර ජාසිංහ මහත්තයගෙන් අහන්නම්.

දැන් තාප විදුලිය තහනම් කරලා solar වලින්ම විදුලි පද්ධතිය හදන එක ලාබම ක්‍රමේ නම් හැම රටක්ම ඒ ලාභ ක්‍රමේ ඉක්මනට කරන්නේ නැතිව, මොන උලව්වටද ‘අපි තාප බලාගාර හදන්නේ නැතෝ’ කියල අමාරුවෙන් සමුළු තියාගෙන වාද විවාද කරලා බල්ල නාවන්න ගෙනියනවා වගේ හෙන අමාරුවෙන් අත්සන් කරන්නේ…??? ඇයි චීනෙ කියන්නේ අපිට එක පාරට අපේ රටේ ගල්අඟුරු බලාගාර හදන එක නවත්තන්න බෑ, ඕනි නම් 2025දී ගල්අඟුරු බලාගාර හදන්න පිටරටට ණය දෙන එක නවත්වන්නම් කියල? ජාසිංහ මහත්තය කියනව මේක ලෝකේ trend එකලු. එතකොට අල්ලපු රටේ මෝඩි මහත්තය 2050 ශුන්‍ය කාබන් ප්‍රතිපත්තියට අපිට නම් යන්න බෑ , අපි 2070 යන්න බලන්නම් කිව්වෙත් ඔය සමුළුවෙදි නෙවෙයිද? සුද්දෝ දෙන හැම අණ්ඩරයම ගෙඩිය පිටින් ඉන්දියාවේ, බංගලිදෙශේ නායකයෝත් ගිල්ලනම් අද ඒ රටවලුත් නැති බංගස්ථාන වෙලා. ඒ මිනිස්සු මොලේ ඇතිව වැඩකරපු නිසා හිඟමනට වැටිච්ච අපිට සේලයින් දෙන්න තරම් ධනවත් වෙලා ඉන්නවා නේද?

Eng. Athula Wanniarachchi

වත්මන් අර්බුදය හමුවේ විදුලි බල ක්ෂේත්‍රය…

වත්මන් දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදය විදුලි බල ක්ෂේත්‍රයට බලපාන්නේ කෙසේද?”

වර්තමානයේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟය නිසා තාප බලාගාර වලට අවශ්‍ය ඉන්ධන නොමැති වී යාමේ අවධානමක් පවතිනවා. එසේ වුවහොත් පවතින විදුලි ඉල්ලුමට සරිලන පරිදි සැපයුම දැනට සපයන ප්‍රමාණයට වුවද සැපයීමට නොහැකි තත්වයක් තමයි පවතින්නේ. එහෙම වුනොත් දැනට විදුලි කප්පාදුව සිදුකරන පැය ගණනට වඩා වැඩි වේලාවක් විදුලිය විසන්ධි කිරීමට සිදුවනවා.

පසුගිය දින වල විදුලි ජනනය සඳහා ඉන්ධන භාවිතය ඉතා අඩු මට්ටමකයි පැවතියේ. ඊයේ දිනයේ (2022.05.12) විදුලි ජනනය සිදු වූ අයුරු පහළ රූපසටහනේ විදියටයි සිදුවූයේ. ඒ වගේම පහුගිය දින දෙක තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නිසා සමස්ත විදුලි ඉල්ලුමද පැවතුනේ ඉතාමත් අඩු අගයකයි. සාමාන්‍යයෙන් 42GWh ආසන්නයේ පවතින දෛනික විදුලි අවශ්‍යතාවය , පහුගිය දින වල පැවතියේ 35, 37 GWh වැනි අගයකයි.

නමුත් නැවත සාමාන්‍ය පරිදි වැඩ කටයුතු ආරම්භ වූ විට සමස්ත විදුලි ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යන නිසා ඊට සරිලන පරිදි සැපයුම ලබාදීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් විදුලි කප්පාදුව සිදුකරන කාලය දීර්ඝ කිරීමට සිදුවනවා. මේ මොහොතේ දරුණු ලෙස පීඩාවට පත්වී ඇති මහජනතාව, මෙයින් තවත් අපහසුතාවයට පත්වූවත්, ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය පරිදි ඉන්ධන ලබාගැනීමේ හැකියාවක් නොමැති නිසා මේ අවස්ථාවේ මෙය ක්‍රියාත්මක කිරීමට සිදුවෙනවා.


ඉන්ධන මතම යැපෙන විදුලි පද්ධතියක් පවත්වාගෙන යාමත්, පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර ජාතික පද්ධතියට වැඩියෙන් සම්බන්ධ කර නොගැනීමත්, මේ අර්බුදය නිර්මාණය වීමට හේතුවක් නොවේද?”

අපගේ විදුලි බල පද්ධතියේ අනාගතය කෙසේවිය යුතුද යන්න පිළිබඳව විෂේශඥ දැනුමැති පිරිසක් විසින් දීර්ඝ කාලයක් තිස්සේ, විස්තරාත්මකව අධ්‍යනය කර, සකසන දිගු කාලීන ජනන සැලසුමක් ලංකා විදුලි බල මණ්ඩලය සතුයි. එම සැලසුම වසර විස්සක් වැනි දීර්ඝ කාලයක් වෙනුවෙන් සකසන අතර, වසර දෙකකට සැරයක් යාවත්කාලීන කරනු ලබයි. මෙම සැලසුම සකස් කිරීමේදී තාක්ෂණික කරුණු වලට අමතරව, අඩු පිරිවැයකින් නිපදවීම යන කරුණු පිළිබදවත් විශේෂයෙන්ම සලකා බලනු ලබනවා. එම සැලසුම් පසුගිය අවුරුදු 8ක් වැනි කාලයක් තුල නිසියාකාරව ක්‍රියාත්මක වූවා නම්, අද මේ පවතින අර්බුදය මෙතරම් තීව්‍ර වෙන්නේ නැහැ. නමුත් එම අවධියේදී අපට මුහුණ පාන්නට සිදු වූ විවිධ සමාජ, දේශපාලන මෙන්ම ව්‍යාපාරික බලපෑම් නිසා විදුලි බල මණ්ඩලයේ දීර්ඝ කාලීන ජනන සැලසුම් නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර වලට වගේම, අනෙකුත් සැලසුම් කල බලාගාර වලටත් මෙය එකසේ බලපෑම් ඇති කලා. අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය පරිදි බලාගාර, නිසි කලට ඉදිනොකිරීම වර්තමානයේ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයටත් දැඩි සේ බලපෑම් ඇති කර තියෙනවා.

ඒ වගේම පුනර්ජනනීය බලශක්තීන් (අප රටේ නම්, ප්‍රධාන වශයෙන් සුළං සහ සූර්ය බලාගාර) විදුලි බල පද්ධතියට එක් කරගැනීමේ තාක්ෂණික සීමාවන් පවතිනවා. එය අපේ රටේ පමණක් නොවෙයි ඕනෑම රටක විදුලි බල පද්ධතියකට පොදුවේ බලපාන දෙයක්. පුනර්ජනනීය බලාගාර සහ පුනර්ජනනීය නොවන බලාගාර නිසි එකතුවක් සහිතවයි විදුලි බල පද්ධතියක් ක්‍රියාත්මක කල හැකි වන්නේ.

ඒ සීමාවන් සමඟ හැකි උපරිමයෙන් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර ජාතික පද්ධතියට එක් කර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක කරමින් පවතිනවා. එම සීමාවන් යටතේ සැලසුම් වූ පුනර්ජනනීය බලාගාර සෑහෙන ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව ඇතත්, පෙර සදහන් කල අභියෝගයන් නිසයි එම කටයුතු තවමත් ක්‍රියාත්මක කරගන්නට නොහැකි වී ඇත්තේ.

පුනර්ජනනීය බලශක්තීන් වැඩි වශයෙන් විදුලි පද්ධතියට එක් කර ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය, නොහැකි යැයි පැවසුවත් වෙනත් රටවල පුනර්ජනනීය බලශක්තීන් භාවිත කිරීම ප්‍රතිශතයක් ලෙස අපේ රටට වඩා වැඩියි නේද?”.

ප්‍රාථමික පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ (ජලය, සුළං බලය සහ සූර්ය බලය) ලබාගැනීම අප කිසිවෙකුගේවත් පාලනයෙන් තොරව පවතින දෙයක්. ඒ නිසා කිසිම විටෙක විදුලි බල පද්ධතියක් සම්පූර්ණයෙන්ම මෙවැනි බලාගාර වලින් පමණක් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ සඳහා ඒකාකාරීව සැපයුම ලබාගැනීමට හැකි, බලාගාරයන්ද පද්ධතියක පැවතිය යුතු වෙනවා.

සමහර රටවල පවතින ප්‍රාථමික බලශක්ති ප්‍රභවයන්ගේ ස්වභාවය සහ ප්‍රමාණය අනුව වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පැවතිය හැකියි. උදාහරණයක් ලෙස සමහර රටවල අසීමිත ලෙස භාවිත කල හැකි ජල විදුලි බලාගාර පවතී.

එමෙන්ම තවත් රටවල වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පවතින්නේ, ඒ රටවල විදුලි බල පද්ධතිය තවත් රටවල් සමඟ සම්බන්ධව ඇති නිසයි. (යුරෝපය)

ලංවිම පුනර්ජනනීය ශක්තියට අකැමති යයි කියවෙන ප්‍රචාරයන්ට එරෙහි හොඳම උදාහරණය විදුලිබල මණ්ඩලය සතු මෙගාවොට් 100 ක ධාරිතාවක් සහිත තම්බපවනී සුළං බලාගාරය. ලංකාවේ වැඩිම සුළං විභවයක් ඇති මන්නාරම් දුපතේ ඇති මෙම බලාගාරය මෙගාවොට් 375 ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

එමෙන්ම මෙගාවොට් 200කට ආසන්න මහා පරිමාණයේ සුර්ය හා සුළං බලාගාර කීපයක් සඳහා පසුගිය වසර 3ක පමණ කාලයක් තිස්සේ ටෙන්ඩර් මිළ ගණන් පවා කැඳවා ඇති නමුත් එම ටෙන්ඩර් මේ වනතුරු ඇගයීමටවත් ලක් නොකර යම් පාර්ශවයක් විසින් කල්මරමින් තබාගෙන සිටින්නේ ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු වලට එමගින් අවශ්‍ය සහයෝගය නොලැබෙන නිසයි.

සමහර රටවල් වැඩි වශයෙන් පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර පවතින්නේ, ඒ රටවල විදුලි බල පද්ධතිය තවත් රටවල් සමඟ සම්බන්ධවයි පවතින්නේ. (Interconnected Systems) එවැනි පද්ධති වලට උවමනා ඒකාකාරී සැපයුමක් පවතින බලාගාරයන්, එම පද්ධතිය සම්බන්ධ වී ඇති අනෙක් රට තුළයි පවතින්නේ. නමුත් අපේ රටේ එවැනි වෙනත් රටවල් සමඟ සම්බන්ධ වූ පද්ධතියක් නැහැ. ඒ නිසා පුනර්ජනනීය බලශක්තීන් ගෙන් ක්‍රියාත්මක වන බලාගාර යම් සීමාවන් සහිතවයි සැලසුම් කල යුතු වන්නේ.


” එසේ පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ සීමාවන් ඇති නම්, නිවෙස් වල වහල මත ඉදිකරන සූර්ය බල පද්ධතීන් වලට වත් අනුමැතිය ලබා දෙන්නේ නම් ඒක මේ වෙලාවේ රටට පහසුවක් වෙනවනේ. තම, තමන් තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීම. නමුත් ඒ සදහාත් විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමේ අපහසුතාවයන් ඇති බවනේ මහජනතාව නිතරම චෝදනා කරන්නේ.”

එසේ අනුමැතිය ඉල්ලන්නේ පද්ධතියට සම්බන්ධ වූ සූර්ය බල පද්ධතීන් (Grid connected solar system ) සඳහායි. මෙහිදී ඇතිවන එක අපහසුතාවයක් වන්නේ ජාතික විදුලිබල පද්ධතියේ යම් විදුලි කප්පාදුවක් හෝ බිඳ වැටුමක් සිදුවූ අවස්ථාවක අපගේ සුර්ය බල පද්ධතියට සම්බන්ධ ඉන්වර්ටරය (සරල ධාරාව ප්‍රත්‍යාවර්ථ ධාරාව බවට පරිවර්තනය කරන උපාංගය) ක්‍රියා විරහිත වීමයි. එවිට එම අවස්ථාවේ ජනනය කරන සුර්ය විදුලිබලය අපට පුද්ගලික පරිභෝජනයට හෝ ගත නොහැකියි. මේ සඳහන් කලේ පාරිභෝගිකයාගේ පැත්තෙන් සිදුවන අපහසුතාවයයි.

සූර්ය බල පද්ධතීන්, ජාතික විදුලි බල පද්ධතියට ඍජුවම සම්බන්ධ කිරීමේදී, එයින් ජනනය වන විදුලිය ඒ මොහොතේම කිසිම පාලනයකින් තොරව විදුලි පද්ධතියට එක් කරනවා. එම විදුලිය ඒ මොහොතේ ඊට සම්බන්ධ වෙනත් පාරිභෝගිකයින් විසින් පාවිච්චි කලේ නැත්නම්, පද්ධතියේ වෝල්ටීයතාව ඉහල ගොස් සූර්ය බල පද්ධතිය සවිකර ඇති නිවසට ආසන්නයේ ඇති වෙනත් නිවෙස් වල විදුලි උපකරණ වලට හානි සිදුවීමේ හැකියාවක් පවතිනවා. එලෙස හානි සිදුවූ අවස්ථා බොහොමයක් කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ වල මේ වන විටත් වාර්තා වී තිබෙනවා. එවිට එම උපකරණ හානි සඳහා වන්දි ගෙවීම වැනි කාරණා සඳහා මණ්ඩලයට මැදිහත් වීමටද සිදු වෙනවා. ඒ වගේම සූර්ය බල පද්ධතියක් ඍජුවම ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේදී ළඟම පිහිටි ට්‍රාන්ස්ෆෝමරයට ඇති දුර, එම ට්‍රාන්ස්ෆෝමරයට තවත් සුර්යබල පද්ධති කීයක් (උපරිමය 11ක්) මේ වන විටත් සම්බන්ධ කර ඇතිද යන්න වැනි තවත් කරුණු කීපයක් පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගෙනයි විදුලි බල මණ්ඩලය ජාතික පද්ධතියට සම්බන්ධ වන සූර්ය පද්ධතීන් සඳහා අනුමැතිය ලබා දෙන්නේ. මේ සඳහන් කලේ විදුලිබල මණ්ඩලය පැත්තෙන් දරන්නට සිදුවන අපහසුතාවය සහ ඒවා මැඩලීමට සිදු කල යුතු අමතර වියදම් පිළිබඳවයි.

මේ සීමාවන් බොහොමයක් සඳහා තාක්ෂණික වශයෙන් විසඳුම් තිබුණත්, ඒ සියල්ලක්ම වෙනුවෙන්   ඉතාමත් අධික පිරිවැයක් දරන්නට සිදුවෙනවා. එය අපි වගේ රටකට මෙවැනි අර්බුදකාරී අවස්ථාවක කිසිසේත්ම කල හැකි දෙයක් නොවෙයි.

තමන්ගේ විදුලි අවශ්‍යතාවය තමන් ටම සපුරා ගත හැකි ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධතීන්  (Off grid solar systems) හැකි සෑම අයෙකුම සවිකර ගන්නේ නම්, එය ඉතාමත් කාලෝචිත මෙන්ම වටිනා දෙයක් වනවා. ඒ සදහා මණ්ඩලයෙන් කිසිදු බාධාවක් නොමැති අතර, කිසිදු අනුමැතියක් ලබාගැනීම අවශ්‍ය වන්නේත් නැහැ.

මේ අවස්ථාවේදී මහජනතාවට මේ වෙනුවෙන් යමක් කල හැකිද?”

ඔව්, ජනතාවට මේ අවස්ථාවේදී විදුලි බල ක්ෂේත්‍රයේ අර්බුදකාරී තත්වයට සහනයක් ලෙස කීප අයුරකින් දායක වෙන්න පුළුවන්.

පළමු වෙනි ක්‍රමය නම්, ජාතික පද්ධතියට සම්බන්ධ නොවන සූර්ය බල පද්ධතියක් වෙනුවෙන් ආයෝජනය කල හැකි පාරිභෝගිකයින්ට, තමන්ගේ විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට තමන්ගේ වහල මත එවැනි පද්ධතියක් (Off Grid Solar System) සවිකර ගත හැකියි. එය විදුලි බල මණ්ඩලයට මෙන්ම පාරිභෝගිකයින් වශයෙන් ඔවුන්ට වාසිදායක තත්වයක්. මන්ද, එවිට විදුලි කප්පාදුව සිදුකරන වේලාවන්හිදී ඔවුන්ගේ විදුලි අවශ්‍යතාවය ඒ හරහා සපුරා ගන්නට හැකි වෙනවා වගේම, ඔවුන්ගේ විදුලි බිලටද යම් සහනයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

අනෙකුත් පාරිභෝගිකයින්ටද තමන්ගේ විදුලි ඉල්ලුම හැකි තරම් අඩුකර ගැනීමෙන්, මේ සඳහා දායක විය හැකිය. රටේ පවතින සෑම අර්බුදයකින්ම පීඩා විඳින ජනතාවට විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නට පැවසීම අසාධාරණ වුවත්, තමන් හැකි සෑම අයුරකින්ම තමන්ගේ අනවශ්‍ය පරිභෝජනයන් අඩුකර ඉල්ලුම අඩු කරගත හොත්, එයින් ඔවුන්ගේ විදුලි බිල අඩුකර ගත හැකි අතර, විදුලිය කප්පාදු කරන ආකාරය අඩුකර ගැනීමටද එය උපකාරී වේවි.

ඉංජිනේරු. ලක්මාලි කරුණානායක (ප්‍රධාන ඉංජිනේරු – බලශක්ති කළමනාකරණ – වයඹ පළාත 1)

2022-05-16

ඇඳිරි නීතිය ඉවත් කළ පසු…

ඇඳිරි නීතිය ඉවත් කළ විට, වැඩිවන විදුලි ඉල්ලුම සමග පැය හතහමාරක (7 1/2) විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංවිම පද්ධති පාලන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සහ ලංවිම ඉංජිනේරු සංගමයේ සම ලේකම් විදුලි ඉංජිනේරු එරංග කුඩාහේවා මහතා පවසා සිටියි…

මින් ඉදිරියට දේශපාලඥයින්ගේ විදුලි බිඳවැටුම් නඩත්තුවක් නෑ…

විදුලි ඉංජිනේරුවන්ගෙන් දැඩි තීන්දුවක්…

ඊයේ ගාළුමුවදොර සාමකාමී ජනතා අරගලයට රජයෙන් එල්ල කළ මැර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා…

කිසිදු ආකාරයකින් ජනතාව පීඩාවට පත්වන ආකාරයට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට සහතික වෙනවා…

මේ මොහොතේ ජනතාවට තොරතුරු දැනගැනීමට, සන්නිවේදන කටයුතු වලට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට විදුලිය අත්‍යාවශ්‍ය සාධකයක් බව අපි විශ්වාස කරනවා…

නමුත් ජනාධිපති, අගමැති හෝ අනෙකුත් ඇමති වරුන්ගේ විදුලි විසන්ධි වීමක් හෝ බිඳවැටීමක් සිදුවුවහොත් අපි ඒවා යතා තත්ත්වයට පත් කිරීමට කිසිදු ලෙසක මැදිහත්වීමක් සිදු නොකරන බව ප්‍රකාශ කර සිටිනවා…

ජනතා අරගලයේ අවශ්‍යතාවක් මත ජනතාව විසින් ඉල්ලා සිටියහොත් පමණක් විදුලිය විසන්ධි කිරීමට අපි විසින් කටයුතු කරනවා…

ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු අනිල් රංජිත් මහතා මාධ්‍ය හමුවේ පලකල අදහස්.

ලංවිම ඉංජිනේරු සංගමයේ ප්‍රවෘත්ති නිවේදනය

ගෝටාගෝගම පරිශ්‍රයේදී සාමකාමී අරගලකරුවන් වෙත එල්ල කල අමානුෂික ප්‍රහාරය ලංවිම ඉංජිනේරු සංගමය ලෙස අපි දැඩි ලෙස හෙලා දකිමු.

ගෝටාගෝගම පරිශ්‍රයට එල්ල කල බියගුළු, අමානුෂික ප්‍රහාරය සඳහා වගකිව යුතු සියලුම පාර්ශවයන් වෙත තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි වගකිවයුතු පාර්ශවයන් ට බල කර සිටිමු.

රටේ ආර්ථිකය බංකොලොත් කිරීමට හේතු වූ, සමාජ, දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් එක්ව පෙළගැසෙමු.

අර්බුදකාරී වතාවරණය සාමකාමී තත්වයක් වෙත රැගෙන යාම වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා උපරිමයෙන් කැපවෙමු.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් වී මෙම ගැටුම්කාරී සහ අරාජික තත්ත්වය මගහරවා ගැනීමට සියළුම ක්‍රියාමාර්ග ගත යුතුය.

සන්නිවේදනයේ සහ සමාජ මාධ්‍ය භාවිතයේ දැඩි අවශ්‍යතාවය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා කැපවෙමු. දැනටමත් අතිශය අසීරුතාවයන්ට මුහුණ දී ඇති අප රටේ ජනතාව තවත් අසීරු තත්වයකට පත්වන වීම වැලැක්වීමට, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් කැපවෙමු.

ජනතාවගේ බහුතර හඬ නොසලකමින්, සැබෑ වෙනසක් වෙනුවෙන් අරගලය කරන්නන් තවදුරටත් පීඩාවට පත්කරන්නේ නම්, ජනතාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ලංවිම ඉංජිනේරු සංගමය ලෙස අවධාරණයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

ඔබේ වහලයටත් සූර්ය බල පද්ධතියක් සවි කරගන්න කලින් දැනුවත් වෙන්න…!!!

“හැම වහලයකම සූර්ය බල පද්ධතියක් සවි කරගත්තොත් මේ විදුලි අර්බුදයට විසඳුමක් ලැබේවිද?” ඔය කියන විදියට හැම නිවසකටම සූර්ය බල පද්ධති සවි කරන්න පුළුවන්ද?, පුළුවන් නම් ඒ ක්‍රියා පටිපාටිය මොකක්ද ?”. අද බොහෝ දෙනෙකු සැලකිලිමත් වෙන කාරණයක් පිළිබඳවයි මේ පැහැදිලි කිරීම. තමන්ගේ නිවසේ සූර්ය බල පද්ධතියක් සවි කරගන්න අදහස් කරන ඕනෑම කෙනෙකු ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇතිව සිටීම වැදගත්. එසේ නොමැතිව ඒ කාර්‍ය්යට අවතීර්ණ වුව හොත්, විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්නට වනවා සේම, වැරදි අවබෝධයන් නිසා අයහපත් දේවල් සමාජගත වන්නටත් පුළුවන්.සූර්ය බල පද්ධතියක් නිවසකට සවි කර ගැනීමේ ආකාර කිහිපයක් පවතී. ඒ එක් එක් ක්‍රමයන් වලින් ඔබේ නිවසට සරිලන , ඒ වගේම ඔබගේ අවශ්‍යතාවය ඉටු වෙන ක්‍රමවේදය කුමක් දැයි මුලින්ම තීරණය කල යුතුය.

1. ජාතික පද්ධතියට සම්බන්ධ කල හැකි පරිදි පමණක් සවි කරන සූර්ය බල පද්ධති ( On Grid Solar System ) – මේ ක්‍රමයට සූර්ය බල පද්ධතියක් සවි කිරීමේදී, සූර්ය පැනල හරහා නිපදවන සියලුම විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි. මෙය ඍජුවම විදුලි පද්ධතියට මුදාහරින නිසා, සවි කිරීමට පලමුව අදාළ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාල හරහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමත කරන ලද ආයතනයන් ඇත. නමුත් සූර්ය පැනල සවිකිරීමේ ආයතනයන් වෙත යන්නට පලමුව විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම කල යුතු වේ. මන්ද සමහරවිට ඔබගේ නිවස පිහිටි ස්ථානය අනුව සූර්ය පැනල හරහා නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර ගැනීම ගැටලු සහගත වන්නට පුළුවන. Rooftop Solar System – වහල මත ඉදිකරන සූර්ය බල පද්ධති, ජාතික විදුලි පද්ධතියට එක් කර ගැනීමේදී සලකනු ලබන කරුණු ** මෙහිදී අදාළ නිවසේ විදුලි අවශ්‍යතාවය ජාතික පද්ධතිය මඟින් ලබා ගන්නා අතර, වහල මත ඉදිකර ඇති සූර්ය පැනල මඟින් නිපදවන විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි. මෙසේ බොහොමයක් යාබද නිවෙස් වලද සූර්ය පද්ධතීන් හරහා විදුලිය නිපදවීම සිදු වුව හොත්, ඊට අදාළ ට්‍රාන්ස්ෆෝමරයේ ධාරිතාවය ඉක්මවා යන තරම් විදුලි ප්‍රමාණයක් පද්ධතියට එකතු විය හැකිය. එය විදුලි පද්ධතියට හානිදායක කරුණකි. එබැවින් ට්‍රාන්ස්ෆෝමරයක ධාරිතාවයෙන් 80% ක ප්‍රමාණයකට වඩා සූර්ය පැනල සවිකිරීමේ හැකියාවක් නොමැත. ** එමෙන්ම සූර්ය පැනල මඟින් නිපදවන විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරින බැවින්, එය පරිභෝජනය කරන්නට ප්‍රමාණවත් තරම් පාරිභෝගිකයින් ඊට සම්බන්ධ විදුලි මාර්ගයේ සිටිය යුතුය. මන්ද එසේ නොමැති වුව හොත් විදුලි පද්ධතියට මුදාහරින විදුලිය කිසිවෙකු පරිභෝජනය නොකරන විට, සූර්ය පැනල සවිකර ඇති ස්ථාන ආසන්නයේ වැඩි වෝල්ටීයතාවයක් නිර්මාණය වී, ආසන්න නිවෙස් වල විදුලි උපකරණ වලට හානි විය හැක.එබැවින් සූර්ය පද්ධතියක් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ගැනීමේදී ජාතික පද්ධතියට සහ අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම, විදුලි බල මණ්ඩලය සතු වගකීමකි. එමෙන්ම විදුලි පාරිභෝගිකයින් ලෙස එය අප සැමගේමද ජාතික වගකීමකි. ඒ පිළිබඳව මනා අවබෝධයෙන්, දැනුවත් භාවයෙන් සිටීම මෙන්ම එයට අවශ්‍ය සහය දැක්වීමද අපගේ යුතුකමකි.

2. ජාතික පද්ධතියට සම්බන්ධ නොකරන සූර්ය පද්ධති ( Off Grid Solar System ) – ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධතාවක් නොමැතිව තමන්ගේ පෞද්ගලික විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පමණක් සරිලන පරිදි මෙම පද්ධති සවිකර ගනු ලබයි. එහිදී සූර්ය පැනල හරහා නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරගනු ලබන බැවින්, විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවන් වලද, තමන්ගේ විදුලි අවශ්‍යතාවය ඒ හරහා සපුරා ගැනීමේ හැකියාව පවතී. එසේම ඉදිරියේදී අඛණ්ඩව විදුලිය සපයන කාලයන් වල වුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුම පවතින කාල සීමාවේදී ( Peak hours- රාත්‍රී 6.00 ත් 10.00 ත් අතර ) ජාතික පද්ධතියෙන් ඉවත් වී අධික පිරිවැයක් දරා නිපදවන විදුලිය පරිභෝජනයෙන් වැළකීමටද ඔබට පුළුවන. එය ජාතික වශයෙන් ඔබ විසින් සිදු කරනු ලබන වටිනා ක්‍රියාවකි. තවද ඔබගේ නිවසේ සාමාන්‍ය තෝරාගත් අවශ්‍යතාවයන් සඳහා කුඩා ප්‍රමාණයේ සූර්ය පැනල සවිකර ගැනීමෙන්ද, නිවසේ විදුලි බිල අඩුකර ගත හැකි අතර ජාතික පද්ධතියේ ඉල්ලුම අඩු කරවීමටද දායක විය හැකිය. උදාහරණයක් ලෙස වතුර උණු කිරීමේ උපකරණ කුඩා සූර්ය පැනලයක් හරහා ක්‍රියා කරවා ගත හැක. එමෙන්ම එළිමහන් විදුලි බල්බ සඳහාද ඉතාමත් පහසුවෙන් මේ ක්‍රමය යොදා ගත හැකිය.

3. ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ හැකියාව මෙන්ම ජාතික පද්ධතියෙන් වෙන්ව ක්‍රියා කිරීමේ හැකියාවද ඇති සූර්ය පද්ධති ( Hybrid Solar System )මෙම සූර්ය පද්ධතීන් සඳහාද ඉහත විස්තර කල ජාතික පද්ධතියට සම්බන්ධ වන සූර්ය පද්ධති (On-grid Solar System ) වලට අදාළ සියලුම කරුණු අදාළ වේ. එමෙන්ම මෙම ක්‍රමයේදීද සූර්‍ය පැනල වලින් නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා වන බැවින්, විදුලිය නොමැති අවස්ථා වලද විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව තිබීමේ වාසියද ඇත.

Eng. Lakmali Karunanayake (Chief Engineer – EM – NWP1)

විදුලි අවුල තවත් වසර හතරක්. 2026 දක්වාම යයි…!!!

වර්තමානයේ මුහුණදෙන විදුලි අර්බුදය 2026 වසර පමණ වන තෙක් පවතිනු ඇතැයි විදුලි ඉංජිනේරු සංගමයේ හිටපු සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ප්‍රකාශ කළේය. 2014 න් පසු රටට අවශ්‍ය බලාගාර ඉදිනොවීම හා විදුලි ඉංජිනේරු සංගමය පසුගිය රජයට ලබා දුන් සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වූ බවද ඒ මහතා සඳහන් කළේය.

2030 වන විට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම රජයේ අරමුණ වී තිබේ. එම ඉලක්කයට ළඟාවීමට නම් එවැනි බලාගාර සඳහා වසරකට ටෙන්ඩර් 3ක්වත් කැඳවිය යුතුය. පසුගිය කාලයේ මෙගාවොට් 90ක, 50ක සහ 150ක ටෙන්ඩර් අනුමත වූ අතර මේ වන විට එම බලාගාර ඉදිවෙමින් පවතී. එහෙත් 2020 අගෝස්තු මාසයේ මෙගාවොට් 150ක සූර්ය බලශක්ති විදුලි බලාගාර හා මෙගාවොට් 40ක සුළං විදුලි බලාගාර අලුතින් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද මේ වන තෙක් එයට අනුමැතිය ලැබී නොමැත.

පුනර්ජනනීය බලශක්තියෙන් පමණක් රටේ විදුලිය අවශ්‍යතාව පිරිමැසිය නොහැකි හෙයින් අඩුවියදම් බලාගාර වන එල්එන්ජී හා ගල්අඟුරු බලාගාර ඉදිකිරීම අත්‍යවශ්‍ය වේ. ඒවා ඉදිකිරීමට වසර පහක් දහයක් වැනි කාලයක් ගතවන අතර වර්තමාන රජය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග ගතහොත් තවත් වසර කිහිපයක් තුළ මෙම අර්බුදයට විසඳුම් ලබාගත හැකි බවද, දැනට පවතින අර්බුදය කෙටිකාලීන වැඩි වියදම් බලාගාර ඉදිකිරීමෙන් කඩිනමින් විසඳිය හැකි වුවද කළ යුත්තේ අඩු වියදම් බලාගාර ඉදිකිරීම බවද ඒවා ඉදිනොකරන තාක් විදුලි අර්බුදය පවතිනු ඇති බවද කුමාරවඩු මහතා සඳහන් කළේය.

news – අකුරට වැඩ නිසා පැය 8 න් පසු හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ඉවත් වේ – ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව පැය 8 ක සේවා කාලයෙන් පරිබාහිරව හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ද ඉවත් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මේ බව කියා සිටියේ කොළඹ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව කටයුතු කළ විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු සහ තවත් නිළධාරියෙකු සභාපතිවරයා විසින් ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ඊට විරෝධය දැක්වීම සඳහා ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ සාමාන්‍යාධිකාරිවරයා සිටින කාමරය වටලා සිය විරෝධය දැක්වීමත් සමඟයි.  

ඉංජිනේරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකල ද විදුලි හදිසි බිඳ වැටීමක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා සූදානම් බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළා. https://www.youtube.com/embed/djNAN3_uwVw

MAWBIMA ”පැය 8න් පසු විදුලිය බිඳ වැටුණොත් සේවය සපයන්නේ නැහැ” – ලංවිම ඉන්ජිනේරුවරු

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය දියත් කළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය තවදුරට ත් දැඩි කරමින් පැය 8ක සේවා කාලයෙන් බාහිරව විදුලි බිඳ වැටීම් සඳහා සිය සේවය ලබා නොදීමට එම සංගමය තීරණය කර තිබේ.

අද (දෙසැ. 1) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කළේ, මීට පෙර අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයකට යොමුව සිටිය ද හදිසි බිඳ වැටීම්වලදී රාජකාරි කටයුතු කළ බව ය.

කෙසේ වෙතත්, ඉදිරියේදී ප.ව.4.15න් පසුව සිදුවන විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

මෙම ක්‍රියාමාර්ගයට එළඹීම සඳහා හේතු වී ඇති කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු සඳහන් කළේ, ලංවිම සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීම බව ය.

ඊට අදාළ ලිපිය ඉවත් කර ගැනීමට සභාපතිවරයා හමුවීමට උත්සාහ කළ ද අද දින එයට නිසි ප්‍රතිචාරයක් හිමි නොවුණු බව ඔහු පැවසීය.

නිව් ෆෝට්‍රස් ගිවිසුම සඳහා අත්සන් තැබීමෙන් වැළකී සිටි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාට අනිවාර්ය නිවාඩු ලබා දී සේවයෙන් බැහැර කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

එසේ කිරීමෙන් පෙනී යන්නේ, “නීතියට වැඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්ව ඇති බව” යැයි ඔහු සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මේ වන විට “නීතියේ ආධිපත්‍යයට එරෙහිව කැලෑ නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින බව” ය.

කෙටි කාලයකට සේවයට පැමිණි සභාපතිවරයාගෙන් මෙම ගැටලුවට විසඳුම් නොලැබෙන බව අවබෝධ වූ බව ද ඔහු පැවසීය.

පවතින ගැටලුවලට විසඳුම් විදුලිබල අමාත්‍යංශය මට්ටමින් අපේක්ෂා කළ ද එය නොලැබුණු බැවින් මින් ඉදිරියට ජනාධිපතිවරයාට මැදිහත්ව මෙම ගැටලුවලට විසඳුම් ලබා දෙන ලෙස දන්වන බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම, යුගදනවි ගිවිසුම ඇතුළු මෙතෙක් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳුම් ලබා ගැනීමට යොමු වුව ත් එයින් විසදුම් ලැබීමට පෙර වෘත්තීය සමිති අරගලවල නිරත වන්නට සිදු වනු ඇතැයි ද ඔහු වැඩිදුරට ත් අවධාරණය කළේ ය.

https://mawbima.lk/news-more/89854

DIVAINA- විදුලි සටන තීන්දුයි: යුගදනවි පැවරීමේ ගිවිසුම අහෝසි කරන්න – ලංවිම ඉංජිනේරුවො අකුරට වැඩ

යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්. එන්. ජී. ඒකාධිකාරිය ඇමෙරිකානු නිව් ෆෝට‍්‍රස් සමාගමට ලබාදීමට අත්සන් කර තිබෙන ගිවිසුම අහෝසි කරනතෙක් ලංකා විදුලිබල මණ්්ඩලයේ ඉංජිනේරු සංගමය ඊයේ (25දා) සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට අවතීර්ණ විය.

බලධාරීන් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට ඇහුන්කන් නොදෙන්නේ නම් ඉංජිනේරු සංගමය වැඩ වර්ජනයක් කරා යොමුවීමට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඊයේ බත්තරමුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ඊයේ දහවල් 12.00 සිට ආරම්භ කළ බවත් එහි බලපෑම දින දෙකතුනක් යනවිට බලධාරීන්ට දැනෙනු ඇති බවත් හෙතෙම කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා මෙසේද කීය.

විදුලි ඉංජිනේරු සංගමය මේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයට එළඹී වැඩ වර්ජනයක් දක්වා යෑමට තීරණය කර තිබෙන්නේ වසර 10 කට පසුවයි. මේ වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට එළඹීමට පෙර ජනාධිපති අගමැති ඇතුළු සියලූ පාර්ශව දැනුවත් කළා.

එල්. එන්. ජී. සැපයීමට ඉදිරිපත් වී තිබෙන්නේ ඇමෙරිකාවේ බංකොළොත් වෙමින් තිබෙන සමාගමක්. මෙවැනි සමාගමකට එල්. එන්. ජී. සැපයීමේ අවස්ථාව ලබාදී රට අඳුරට යෑමට සහ ජාතික ආරක්‍ෂාවට එල්ල වන බලපෑම දකින්නේ වෘත්තිකයන් හැටියට අපියි. මේ සමාගම නීත්‍යානුකූල ආකාරයට ටෙන්ඩරයට ඉදිරිපත් වී නැහැ. විදුලි පාලනාධිකාරිය සක්‍යතා වාර්තා සකස්කර ඉදිරිපත් කළ ටෙන්ඩරයට ඉදිරිපත් වීමට මෙම සමාගමට නොහැකි නිසයි එසේ ඉදිරිපත් වී නැත්තේ.

එවැනි නුසුදුසු සමාගමකට අනුමැතිය ලබාදීම මෙරට විදුලිබල ඇතුළු නීති පද්ධතියටත් අභියෝග කිරීමක්. අඩුම ගානේ මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට පවා නිසියාකාරව ඉදිරිපත් කර නැහැ. කැලෑ නීතියට ගිහින් වතුර බොරකර මාළු අල්ලන න්‍යායට මේ ආණ්ඩුව වැඩ කරනවා.

ආණ්ඩුව විදුලිබල මණ්ඩලය කෑලිවලට කඩලා එහි ඉහළ නිලතලවලට දේශපාලන හිතවතුන් පත්කර ගිවිසුම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. එල්. එන්. ජී. මිලදී ගැනීමට පෙර නළ එළීම ඇතුළු යටිතල පහසුකම් සකස් කරගත යුතුයි. ඒ සඳහා වසර එකහාමාරක පමණ කාලයක් ගත වනවා. ඉන්පසුවයි එල්. එන්. ජී. මිලදී ගැනීමට ටෙන්ඩර කැඳවීම් කළ යුත්තේ.

චමින්ද සිල්වා – ඡායාරූපය නිමල් දයාරත්න

බලශක්ති සුරක්ෂිතතාවය සහ ජාතික සම්පත්

“අපගේ ඉංජිනේරු ආචාරධර්ම අනුව තමන්ගේ සේවායෝජකයා හෝ ඉහල නිළධාරියෙකු හෝ පැවසූ පමණින් එය නීති විරෝධී කාර්‍ය්‍යයක් නම් එය නොකල යුතු අතර ඉහල නිළධාරියෙකුගේ අණ ක්‍රියාත්මක කිරීම පිණිස යුධ අපරාධ සිදුකළ සෙබලුන්ට දඬුවම් පැණවූ නියුරම්බර්ග් නඩු තීන්දුව මේ සඳහා ඇති හොඳම උදාහරණයකි ….” (Nuremberg Trials) – ඉංජිනේරු සෞම්‍ය කුමාරවඩු

පා.ම. සුනිල් හඳුන්නෙත්ති, ලංවිම සභාපති එම්.එම්.සී.ප්‍රදිනාන්දු, ලංවිම සාමාන්‍යාධිකාරි එම්.ආර්.රණතුංග, ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු, සාගර තෙල් කැණීම් විශේෂඥ නිමල් සිල්වා, ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඇතුලු ආරාධිතයින් 9 දෙනෙක් සහභාගි වූ සිරස ටීවී මාවත – 2021-09-30 සම්පූර්ණ වැඩසටහන මෙතනින් නරඹන්න….

වීඩියෝව

𝐂𝐄𝐁 𝐄𝐧𝐠𝐢𝐧𝐞𝐞𝐫𝐬 𝐟𝐞𝐚𝐫 𝐭𝐡𝐞 𝐰𝐨𝐫𝐬𝐭 𝐢𝐟 𝐆𝐨𝐯𝐭. 𝐦𝐨𝐯𝐞𝐬 𝐚𝐡𝐞𝐚𝐝 𝐰𝐢𝐭𝐡 𝐍𝐞𝐰 𝐅𝐨𝐫𝐭𝐫𝐞𝐬𝐬 𝐝𝐞𝐚𝐥

– 𝗦𝗮𝘆 𝗦𝗟 𝘀𝗲𝘁 𝘁𝗼 𝗹𝗼𝘀𝗲 𝗮𝘁 𝗹𝗲𝗮𝘀𝘁 𝗨𝗦$ 𝟰𝟬𝟬𝗺𝗻 𝗻𝗲𝘅𝘁 𝟱 𝘆𝗲𝗮𝗿𝘀 𝗶𝗳 𝘁𝗵𝗲 𝗱𝗲𝗮𝗹 𝗴𝗼𝗲𝘀 𝗮𝗵𝗲𝗮𝗱

– 𝗪𝗮𝗿𝗻 𝘁𝗵𝗲 𝗱𝗲𝗮𝗹 𝗰𝗼𝘂𝗹𝗱 𝘁𝘂𝗿𝗻 𝗼𝘂𝘁 𝘁𝗼 𝗯𝗲 𝘁𝗵𝗲 𝗻𝗲𝘅𝘁 𝗵𝗲𝗱𝗴𝗶𝗻𝗴 𝗱𝗲𝗮𝗹

– 𝗙𝗲𝗮𝗿 𝗴𝗼𝘃𝘁. 𝗮𝗹𝗿𝗲𝗮𝗱𝘆 𝗵𝗮𝘀 𝗰𝗼𝗺𝗺𝗶𝘁𝘁𝗲𝗱 𝘁𝗼 𝘁𝗵𝗲 𝗱𝗲𝗮𝗹

– 𝗣𝗼𝗶𝗻𝘁 𝗼𝘂𝘁 𝘁𝗵𝗲 𝗱𝗲𝗮𝗹 𝘄𝗼𝘂𝗹𝗱 𝗰𝗮𝗿𝘃𝗲 𝗼𝘂𝘁 𝗮 𝗺𝗼𝗻𝗼𝗽𝗼𝗹𝘆 𝗳𝗼𝗿 𝗡𝗲𝘄 𝗙𝗼𝗿𝘁𝗿𝗲𝘀𝘀 𝗶𝗻 𝘁𝗵𝗲 𝘀𝘂𝗽𝗽𝗹𝘆 𝗼𝗳 𝗟𝗡𝗚 𝘁𝗼 𝗦𝗟

By Nishel Fernando (Daily Mirror)

Sri Lanka stands to lose up to US$ 400 million over the next five-year period if the government decides to move ahead with the unsolicited proposal submitted by the US-based New Fortress Energy (NFE), allowing them to setup the country’s LNG infrastructure and procure LNG from them for the country’s power sector, the Ceylon Electricity Board Engineers’ Union (CEBEU) cautioned this week.

Following an unsolicited proposal directly sent to the Ministry of Finance, the government signed a Framework Agreement (FA) with NFE on July 7, 2021.

The key features of the unsolicited proposal include the purchase 40 percent shares of West Coast Power Private Limited (WCPL) for US$ 250 million, execution of the LNG terminal project, which includes a floating storage regasification unit (FSRU), a mooring system and the pipelines as well as supply of LNG to WCPL, Sobadhanavi Limited (SBL) and other plants.

Further, the CEBEU claimed that the proposal also includes giving away exclusive rights of supplying LNG to Sri Lanka’s electricity generation to NFE with commitment to purchase LNG from the firm under very strict conditions, which would be favourable to them.

CEBEU stated that the Cabinet of Ministers has already approved a resolution to enter into a gas supply term sheet and share sale & purchase agreement of WCPL and a gas supply agreement for SBL. Hence, it fears that the government has already entered into some of these agreements. 

“Though in general, take-or-pay (TOP) clauses are typically not absolute and may include flexibility mechanisms for the buyer to adjust the contracted volumes, huge amount of TOP gas volumes   commitments of the buyers have been included in the NFE offer. The purchaser needs to pay the LNG supplier the cost of TOP gas volumes whether or not the purchaser uses the particular gas volumes,” CEBEU stated. 

The trade union warned that the CEB and the government could incur an additional US$ 400 million as a result of these clauses including the additional undue gain from LNG pricing formula, which is extremely high when compared to international competitive prices.

It estimated that the transaction cost under the NFE’s LNG supply contract could be in the range of US$ 3 billion for 5 years and could go up to US$ 6 billion for 10 years.

“The offered pricing formulas for LNG supply are very much disadvantageous to Sri Lanka. NFE could make enormous profits from this contract. It is like the infamous hedging deal of petroleum fuel supply, which caused  a loss of millions of dollars to the country. If this NFE proposal is implemented, Sri Lanka will not have the opportunity to gain the advantages of price reductions of LNG in future. Further, Sri Lanka will be deprived of benefiting to procure LNG on government to government (G to G) contracts from friendly Middle Eastern countries,” it elaborated. 

Further, under the NFE contract for terminal facility, CEB is also required to pay a minimum of US$ 253 million for 5 years for the FSRU separately as the capacity charge in addition to LNG payment, which is in contrast to the previous unsolicited proposal made by a South Korean firm under the Swiss Challenge basis, where the payment to FSRU was free-of-charge.

Hence, CEBEU claimed that the unsolicited proposal which came in disguise at US$ 250 million for 40 percent of WCPL, in fact aims to secure multi-billion LNG supply contracts without competition and with exclusive rights of supplying LNG to the whole country with undefined extended duration beyond 5 years, creating a monopoly in LNG supply and risking the country’s national security and energy security. 

The Union also raised concerns on the laws governing these contracts. 

“The governing law of the contracts is the Law of England and Wales where Sri Lanka will be in a very  much disadvantageous and powerless position,” it stated. 

Moreover, the CEBEU also charged that the purchase consideration of US$ 250 million for 40 percent stake in WCPL by NFE is less than the valuation of the Chief Government Valuer.

It also cautioned that implementation of NFE’s unsolicited contracts would mark the end of competitive bidding process for LNG supply, the FSRU and pipelines as there are no other requirements than a single terminal facility and single LNG supply contract for the country at the moment. 

In addition, it pointed out that the country’s power sector won’t be able to benefit from exploration of natural gas in Mannar basin, if these unsolicited contracts are implemented. 

“The Ministry of Energy is working fast on the exploration of natural gas in Mannar basin. This will be of no use locally as entire LNG supply of the country will be supplied through a NFE contract,” it said.

New Fortress Energy (NFE) Unsolicited Proposal; Threat to Energy Security and Enormous Loss to the Country

National Energy Policy

  • The Sri Lanka government has gazetted the National Energy Policy and Strategies of Sri Lanka in August 2019. The primary objective of the national energy policy is to ensure energy security through the supplies of reliable, cost effective and competitively priced energy services from diverse sources to support the social equitable development of Sri Lanka. National energy policy is founded mainly focusing on several aspects such as assuring energy security through continuity, adequacy and reliability, providing energy services at the optimum cost to the national economy, enhancing self-reliance, strengthening good governance in the energy sector among several others.    
  • The national energy policy identifies the liquefied natural gas (LNG) as the next fossil fuel option for the country to broaden diversity.
  • The national energy policy clearly states that considering the impact to the national energy security, operation of the first LNG terminal and LNG procurement shall be kept under state control.
  • National energy policy further establishes that procurement of plant, equipment, crude oil and other fuels as well as power purchase agreements and similar concessions, will be made through a streamlined competitive bidding scheme ensuring transparency and accountability.        

CEB’s Initiatives for the Deployment of LNG for Electricity Generation in Sri Lanka

  • In line with the national energy policy and the general policy guidelines on the electricity industry, CEB has already taken initiatives to deploy LNG for electricity generation in Sri Lanka.  
  • CEB has already developed a comprehensive road map for the deployment of LNG for Sri Lanka electricity generation through a detailed feasibility study funded by ADB. 
  • The intention was to deploy LNG for the Colombo based power plants initially with the actual LNG requirement determined carefully in accordance with CEB’s generation plan as well as forecasted dispatch scenario.
  • The tenders were separated for the procurement of LNG terminal, pipeline and LNG supply through competitive bidding process to secure the optimum economic benefits to the country while ensuring the transparency and accountability. 
  • International Competitive Tenders were called by CEB to procure LNG terminal (FSRU, mooring facility and other infrastructure) and by CPC to construct the pipe line network and the bids received are currently under evaluation.
  • Bid documents to procure LNG through competitive bidding process are being prepared.

Page 2 of 6 New Fortress Energy’s Proposal

  • New Fortress Energy (NFE), a USA based company has submitted an unsolicited proposal directly to the Ministry of Finance which has a huge direct impact to the LNG deployment in Sri Lanka.
  • This NFE’s unsolicited proposal was submitted disturbing the formal procurement process to procure LNG, terminal facility and pipelines to Sri Lanka through competitive bidding process where bids on terminal facility and pipelines are now in the final stage of evaluation.
  • The salient features of NFE’s unsolicited proposal are as follows,
  1. To purchase 40% of shares of West Coast Power Private Limited (WCPL) at a purchase consideration of USD 250 million.
  2. To execute LNG terminal project which includes Floating Storage Regasification Unit (FSRU), Mooring system and the Pipelines.
  3. Supply of Liquefied Natural Gas (LNG) to WCPL, Sobadhanavi Limited (SBL) and other plants which will come in Kerawalapitiya and with higher possibility the CEB plants at Kelanitissa as well.  
  4. Inclusion of very high Take or Pay (TOP) gas volumes than the actual minimum requirement of the country with strict conditions that NFE should be paid irrespective of whether the contracted volumes are consumed or not. 
  5. Contract term initially for 5 years with almost definite compelled further extensions.
  6. Exclusive rights of suppling LNG to Sri Lanka electricity generation.
  7. NFE being granted all tax exemptions/benefits/investment incentives available under Sri Lankan law.
  8. Any taxes/charges which are not exempted will be a pass-through cost.
  9. Governing law of the contracts is Laws of England and Wales.
  • The Framework Agreement (FA) has already been signed between the GOSL and NFE on 07.07.2021.
  • Recently, Cabinet has given approval to enter into the Gas Supply Term Sheet, Share Sale & Purchase Agreement (SSPA) of WCPL, Gas Supply Agreements with WCPL and SBL and subsequently media reports reveal that some of these agreements have already been signed.

Threat to the National Energy Security & Enormous Loss to the Country if NFE’s Unsolicited Proposal is implemented

  • The unsolicited proposal of NFE contradicts the provisions of the procurement policies and principles, National Energy Policy as well as Sri Lanka Electricity Act, where competitive bidding process should be adopted to procure electricity as well as fuels and also to keep the first LNG terminal and LNG supply under the state control. 
  • Exclusive rights of supplying LNG to Sri Lanka will be tied up with a USA company for 5 years initially with definite compelled extensions forever which is a great threat to national energy security. The Colombo based existing and future power plants can be controlled by a USA company through the LNG supply which will greatly hamper the country’s electricity supply availability and reliability. Supply of LNG under this contract may not be limited to electricity sector but could also be extended to other sectors such as transport and domestic usage in the years to come which will give a huge controlling power to a foreign company.  
  • The contracts of LNG terminal, pipelines and LNG supply bundled together in a single unsolicited contract and handed over to a foreign company which is a severe threat to the national security as well as energy security and Sri Lanka will be in their custody forever.
  • Majority of the countries in the world, the contracts of LNG supply and infrastructure development are not bundled together instead execute as separate tenders due to the concerns of national security, energy security and to harness the maximum benefit of market competitiveness. 
  • Acquiring shares of WCPL and also SBL which is an absolute possibility as learnt, a USA based company will have the control over the electricity supply in the country.
  • The transaction cost under the NFE’s LNG supply contract could be in the range of USD 3000 million for 5 years and could go up to USD 6000 million for 10 years, given the fact that the country will be forced to buy LNG from NFE for the plants in Kelanitissa premises as well since there is no other alternative option. It is a huge crime meted out to the country if such a massive contract which could easily be the biggest contract of the country, is obtained through an unsolicited proposal without following due competitive bidding process.
  • The offered pricing formulas for LNG supply are very much disadvantages to Sri Lanka. NFE could make enormous profits from this contract. It is like the infamous hedging deal of petroleum fuel supply which caused millions of dollar loss to the country. If this NFE proposal is implemented, GOSL will not have the opportunity to gain the advantages of price reductions of LNG in future. Further, GOSL will be deprived of benefitting to procure LNG on Government to Government (G to G) contracts from friendly middle east countries.  
  • Though in general, Take or Pay (TOP) clauses are typically not absolute and may include flexibility mechanisms for the buyer to adjust the contracted volumes, huge amount of TOP gas volumes with firm commitments of the buyers have been included in the NFE offer. The purchaser needs to pay the LNG supplier the cost of TOP gas volumes whether or not the purchaser uses the particular gas volumes. Hence, TOP gas volumes needs to be very carefully determined to the minimum value considering the plant factor, availability, dispatch scenario and availability of other low-cost energy sources like hydro, coal, wind and solar.
  • However, the TOP volumes included in the NFE’s LNG supply contract are extremely high. It can cause a huge additional financial burden on CEB and GOSL up to USD 400 million for 5 years including the additional undue gain from LNG pricing formula which is extremely high comparing to international competitive prices.
  • With the government’s simultaneous policy decision of 70% Renewable Energy integration for electricity generation, the usage of LNG could be even less and Take or Pay commitment of LNG will burden the country even more while benefitting NFE massively.
  • What is more pathetic and beyond thinkable is that when it is unable to use the TOP LNG volume in a month, the purchaser has to pay the cost for TOP volume for that month and then subsequently has to pay again for the next month’s actual usage of the same LNG which is stored in seller’s facility. It is like selling the same LNG quantity twice. This is the extent of losing by the country if LNG supply contracts are signed for higher TOP volumes.
  • Higher TOP contracts will also influence the merit order dispatching of power plants in the country and can lead to corruption practices.
  • Under the NFE contract for terminal facility, CEB should pay a minimum of USD 253 million for 5 years for FSRU separately as the capacity charge in addition to LNG payment. However, with the previous unsolicited Korean offer under the Swiss Challenge basis, the FSRU was offered free of charge.
  • In the Cabinet paper dated 06.09.2021 submitted by the Hon. Minister of Finance with regard to the NFE’s unsolicited proposal, the capacity charge on the CEB executed tender for FSRU was compared to indicate that NFE’s unsolicited proposal is more economical than offers received through CEB’s competitive bidding process. This is a big lie and misrepresentation of real facts to misguide the Cabinet and the general public. NFE is granted all tax exemptions/benefits/investment incentives while bidders through CEB’s competitive bidding process are subjected to payment of 24% of corporate tax and personal income taxes. In addition, under the tender conditions, the pipeline system having 40 years of lifetime and mooring facility having 25 years of lifetime will be transferred to CPC and CEB respectively free of charge at the end of 10th year of the contract. Costs of these infrastructures contribute significantly to the tariff offered by bidders. Further, the tariff of the tender is inclusive of pipeline from FSRU to Kelanitissa power plant premises which is the most expensive and difficult part of the pipeline system. Hence, tendered prices can not be compared with NFE offered prices which is merely based on temporary infrastructures with limited scope.      
  • Further, NFE’s capacity charge of USD 1.45 per MMBtu for FSRU, is just a cover up figure based on a high dispatch scenario whereas the actual dispatch would be much less and the actual capacity charge of NFE could exceed USD 5.50 per MMBtu.
  • It is clear that real dominating factors with respect to financial feasibility are intentionally hidden in the submitted Cabinet paper. The cost of terminal facility and the pipelines is a minute figure of around USD 200 million when compared to the LNG supply contract of around USD 6000 million for 10 years.  Nearly 95% of the total contract sum accounts for the LNG supply contract. Hence, it is the LNG supply contract which matters most for economic feasibility and not the terminal facility as misrepresented through the Cabinet paper. NFE has sensible enough to include all their undue profits in the LNG supply contract while misguiding the GOSL on terminal facility contract benefitted through undue access for the information of bids submitted through CEB’s competitive tender process. 
  • FSRU agreements are extremely complex in nature. Off hire, warranty compensation, operations during turbulent oceanic conditions, commitment to availability of gas during May to September should be covered and none of these things have been discussed.
  • The purchase consideration of USD 250 million for 40% stake in WCPL by NFE is said to be much less than the valuation of Chief Government valuer.   
  • NFE has determined a minimum plant factor of 70% for WCPL which is an extra cost to CEB while more profitable for NFE on return on shareholder investment as well as huge TOP LNG volumes.
  • Changes intended to bring on heat rates during the impending amendments to the existing Power Purchase Agreement (PPA) of WCPL will bring enormous cost to CEB.
  • As per the existing PPA of WCPL, coming years from 2022 onwards will be more profitable for shareholders as repayment of loan has almost been completed and hence NFE will be immensely benefitted.  
  • All existing shareholders of WCPL (Treasury-50%, EPF-27%, LECO-18%, LTL-5%) are local entities and return on equity is paid in LKR. However, when NFE becomes a shareholder, dividends on their investment will have to be paid in USD, a new avenue for forex outflow.     
  • What another regretful fact for the country is that when the dividend payments are compelled to made in USD to NFE during the favorable years to come, the so-called incoming investment of USD 250 million through share purchasing will be wiped off within few years.
  • Under the NFE’s unsolicited LNG supply contract and the amendments to the existing PPA together with actual plant factor, the cost of electricity unit of WCPL could easily go up to such a level that sometimes it might be cheaper running the power plant on HFO under existing PPA. 
  • The Framework Agreement (FA) signed and what is doing now are two different things. FA is only for WCPL with a USD 9.9 Cents maximum price per kWh of electricity. Now, there is a Cabinet decision to amend the FA and increasing of the electricity unit cost is a definite occurrence.        
  • It is crystal clear that the main aim of NFE is not the mere USD 250 million investment in shares of WCPL but the securing of multi-billion dollar LNG supply contract without a competition and with exclusive rights of supplying LNG to the whole country with undefined extended duration beyond 5 years with massive controlling power on the country’s national security and energy security and with guaranteed exorbitant profits.
  • No official discussions or consultations were held with CEB or Ministry of Power on this unsolicited proposal and the Ministry of Finance single handedly managed the entire process.
  • GOSL is going to sign agreements with NFE and not CEB as usually done hence it will be a strong binding and dispute resolution will be extremely difficult.  
  • The governing law of the contracts is the Law of England and Wales where Sri Lanka will be in a very much disadvantageous and powerless position.
  • In the Cabinet paper dated 06.09.2021, the Minister of Finance has quoted and compared all figures from the financial proposal of the ongoing tender initiated by CEB. This is totally against the NPA procurement guidelines and good governance. This will set a very bad precedence on all types of procurement in the country and severely hamper the credibility, transparency and confidentiality. This will greatly discourage genuine investors coming to our country. This is a gross violation of the clause 3.8.2 of the national energy policy as well.     
  • NFE has taken all information from CEB floated tender for FSRU to formulate their offer and bundled with LNG supply also. All studies carried out by CEB for years have been obtained by NFE at no cost and submitted an unsolicited proposal.
  • Implementation of NFE unsolicited contracts is the end of competitive bidding process for LNG supply, FSRU and pipelines as there are no other requirements than a single terminal facility and single LNG supply contract to Sri Lanka at the moment.
  • The Ministry of Energy is working fast on exploration of natural gas in Mannar basin. This will be of no use locally as entire LNG supply of the country will be supplied through NFE contract.

රටේ බලශක්ති ආරක්‍ෂාවට තර්ජිත, New Fortress Energy (NFE) සමාගම ගෙනෙන Unsolicited ආකාරයේ යෝජනා රටට විශාල පාඩුවක්

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය

අඛණ්ඩව, ප්‍රමාණවත් ලෙස හා විශ්වසනීයව; බලශක්ති සුරක්‍ෂිතතාවය සහතික කිරීම වැනි අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින්, ජාතික ආර්ථිකයට ප්‍රශස්ත මිලකට බලශක්ති සේවා සැපයීම, විදුලිය පිළිබඳ ස්වයං විශ්වාසය වැඩි දියුණු කිරීම, අනෙකුත් ක්‍ෂේත්‍ර අතර බලශක්ති ක්‍ෂේත්‍රයේ හිතකාමී පාලනය ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ප්‍රධාන වශයෙන් ආරම්භ කරන ලද ‘ජාතික බලශක්ති ප්‍රතිපත්තිය’ ශ්‍රී ලංකා රජය විසින් 2019 අගෝස්තු මස ‘ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා උපාය මාර්ග’ ගැසට් කරන ලද අතර එහි මූලික පරමාර්ථය වන්නේ විශ්වසනීය, ලාභදායි හා තරඟකාරී මිලකට බලශක්ති සේවා සැපයීම් තුළින් ශ්‍රීලංකාවේ සමාජ සාධාරණ සංවර්ධනයට උරදිය හැකි ලෙස බලශක්ති සුරක්‍ෂිතතාවය සහතික කිරීමයි.

රට තුළ විදුලිබල උත්පාදනයේ විවිධත්වය පුළුල් කළ හැකි (Country to broaden diversity) පොසිල ඉන්ධන විකල්පය ලෙස (Fossil Fuel Option) දවීකරණය කළ ස්වාභාවික වායුව (Liquefied Natural Gas – LNG) උක්ත ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ පැහැදිලිව සඳහන් වන අතර ජාතික බලශක්ති ආරක්ෂිත උපාය මාර්ගයන්ට ඇති වන බලපෑම සලකා පළමු LNG පර්යන්තයේ ක්‍රියාකාරිත්වය හා LNG ප්‍රසම්පාදනය (Operation & Procurement) රාජ්‍ය පාලනය යටතේ තිබිය යුතු බව පැහැදිලිව සඳහන් කර ඇත.

විනිවිදභාවය සහ වගවීම සහතික කෙරෙන විධිමත් තරඟකාරී ලංසු යෝජනා ක්‍රමයක් තුලින් යන්ත්‍ර, උපකරණ, බොරතෙල් හා අනෙකුත් ඉන්ධන මෙන්ම බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම් සහ ඒ හා සමාන සහන ක්‍රියාත්මක කරනු ඇති බව ජාතික බලශක්ති ප්‍රතිපත්තියේ තවදුරටත් සාක්ෂාත් කර ඇත.

LNG විදුලිබල උත්පාදනය සඳහා ලංවිම විසින් ගෙන ඇති ආරම්භයන්

ජාතික බලශක්ති ප්‍රතිපත්තිය හා විදුලි කර්මාන්තය පිළිබඳ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන්ට අනුකූලව, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය සඳහා LNG යෙදවීමට මේ වන විටත් පහත සඳහන් පියවර ගෙන ඇත.

  1. ආසියානු සංවර්ධන බැංකුව මඟින් අරමුදල් සපයන සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයකින් දැනටමත් පුළුල් සැලසුමක් සකස් කර ඇත.
  • විදුලිබල මණ්ඩලයේ උත්පාදන සැලැස්මට අනුකූලව මෙන්ම ජනිත විදුලිය බැහැර කිරීමේ පුරෝකථනයන්ට අනුව තීරණය කළ මූලික LNG අවශ්‍යතාවයන්ට අනුව කොළඹ පදනම් වූ බලාගාර සැලසුම් කර ඇත.
  • විනිවිදභාවය හා වගවීම තහවුරු කරමින් තරඟකාරී ලංසු තැබීමේ ක්‍රියාවලිය තුළින් රටට ප්‍රශස්ත ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා LNG පර්යන්තය, නල මාර්ගය හා LNG සැපයුම ප්‍රසම්පාදන ටෙන්ඩර් වෙන් කරන ලදි.
  • LNG Terminal (FSRU, Mooring Facility & other Infrastructure) මිලදී ගැනීම සඳහා සහ නල මාර්ග ජාලය ඉදි කිරීම සඳහා ලංවිම විසින් කැඳවන ලද ජාත්‍යන්තර තරඟකාරී ටෙන්ඩර් ලංසු දැනට අගයමින් පවතී.
  • තරඟකාරී ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය තුළින් LNG මිළදී ගැනීම සඳහා වූ ලංසු ලේඛන සකස් වෙමින් පවතී.

New Fortress Energy (NFE) බලශක්ති යෝජනා

ඇමරිකා එක්සත් ජනපද NFE සමාගම විසින් සෘජුවම මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති යෝජනාව ශ්‍රී ලංකාවේ LNG යෙදවීමට විශාල බලපෑමක් ඇති කරන අතර ආරම්භ කර ඇති ලංවිම හා තෙල් සංස්ථා අවසන් අදියරේ තරඟකාරී ලංසු ඇගයීමේ ක්‍රියාවලියටද බාධාවක්වී ඇත.

NFE යෝජනාවේ කැපී පෙනෙන ලක්‍ෂණ පහත පරිදි වේ.

  1. ඩොලර් මිලියන 250 ක West Coast Power Private Limited (WCPL) කොටස් 40% ක් මිලදී ගැනීම පිළිබඳ සලකා බැලීම.
  2. FSRU, Mooring System හා නල පද්ධතිය සහිත LNG පර්යන්ත ක්‍රියාත්මක කිරීම.
  3. කෙරවළපිටිය ඉදිවිය හැකි අනෙකුත් බලාගාර සමඟ WCPL, Sobadhanavi Limited (SBL) බලාගාර සඳහාද කැළණිතිස්ස ඉදිවිය හැකි ලංවිම බලාගාර සඳහාද LNG සැපයුම  
  4. තවදුරටත් දීර්ඝ කිරීම් සමඟ මුලින් නිශ්චිත වසර 5 ක් සඳහා කොන්ත්‍රාත් කාලය.
  5. විදුලි උත්පාදනය සඳහා ලංකාවට LNG සැපයීමේ එකම අයිතිය.
  6. ශ්‍රී ලංකාව යටතේ ඇති සියලුම බදු නිදහස් කිරීම්/ප්‍රතිලාභ/ආයෝඡන දිරි දීමනා NFE වෙත ලබා දීම.
  7. නිදහස් නොකෙරෙන ඕනෑම බදු මුදලක් රජයට ගාස්තුවක් වීම.

NFE යෝජනාව ජාතික බලශක්ති ආරක්ෂාවට තර්ජනයක් මෙන්ම එය ක්‍රියාත්මක කිරීම රටට විශාල පාඩුවකි

  • ප්‍රසම්පාදන ප්‍රතිපත්ති, ජාතික බලශක්ති ප්‍රතිපත්ති මෙන්ම තරඟකාරී මිල ගණන් ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බවටූ ශ්‍රී ලංකා විදුලි බල පනතෙහි විධිවිධාන වලටද ඉන්ධන මිලදී ගැනීම මෙන්ම පළමු එල්එන්ජී පර්යන්තය සහ එල්එන්ජී සැපයුම රජය යටතේ තබා ගැනීම යන යෝජනාවලටද NFE පටහැනිවේ.
  • මුලදී ලංකාවට එල්එන්ජී සැපයීමේ සුවිශේෂී අයිතිය එක්සත් ජනපද සමාගමක් සමඟ වසර 5 ක් සඳහා බැඳී පවතින නමුත් බලහත්කාරයෙන් දිගු කිරීමත් සමඟම ප්‍රවාහන හා ගෘහස්ත භාවිතය වැනි අනෙකුත් අංශ සඳහා ද ව්‍යාප්ත කළ හැකි එය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි. කොළඹ පදනම් කරගත් දැනට පවතින සහ අනාගත බලාගාර ඇමරිකා එක්සත් ජනපදයට පාලනය කළ හැකි අතර මෙම කොන්ත්‍රාත්තුව යටතේ එල්එන්ජී සැපයුම විදුලියට පමණක් සීමා නොවි NFE සමාගම එල්එන්ජී සැපයුම හරහා රටේ විදුලි සැපයුමට විශාල බාධාවක් වනු ඇත.
  • එල්එන්ජී පර්යන්තය, නල මාර්ග සහ එල්එන්ජී සැපයුමේ කොන්ත්‍රාත් එකවරම එකට එකතු කිරීම, කොන්ත්‍රාත්තුව විදේශ සමාගමකට භාර දීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් වන අතර ඉදිරි වසර ගණනාවක දී විදේශීය සමාගමකට විශාල පාලන බලයක් ලබා දීම මෙන්ම බලශක්ති ආරක්‍ෂාව සහ ලංකාව සදහටම ඔවුන්ගේ භාරයේ පවතිනු ඇත.
  • ලොව පුරා රටවල් බහුතරයක ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සැපයීමේ ටෙන්ඩර සහ එයට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ටෙන්ඩර ඒකාබද්ධ කර සිදු නොකෙරෙන අතර රටෙහි ජාතික ආරක්ෂාව, බලශක්ති ආරක්ෂාව තහවුරු කරනු වස් සහ තරඟකාරී වෙලඳපොලක උපරිම ප්‍රතිලාභ ලබාගනු වස් එම ටෙන්ඩර කැඳවීම හැමවිටම වෙන්වෙන්ව සිදු කරනු ලබයි.
  • WCPL සහ SGL හි කොටස් ලබාගැනීම පැහැදිලිවම සිදුකල හැකි බවට අනාවරණය වූ හෙයින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති සමාගමක් විසින් මෙරටෙහි විදුලිබල සැපයුමේ පාලනය සියතට ගනු ඇත.
  • NFE සමාගම හරහා ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සැපයීමේ කොන්ත්‍රාත්තුව වසර පහක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3000ක් පරාසයක පවතිනු ඇති අතර එය වසර දහයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6000ක් දක්වා වැඩිවිය හැක. බොහෝ විට මෙරටෙහි සිදු වූ විශාලතම කොන්ත්‍රාත්තුවද වියහැකි මෙවැනි මහා පරිමාණයේ කොන්ත්‍රාත්තුවක් සඳහා තරඟකාරී මිලගණන් කැඳවීමකින් තොරව වෙනත් අයෙකුට ලංසු ඉදිරිපත් කල නොහැකි ආකාරයට එක ආයතනයකට ලබාදීම බරපතල අපරාධයකි.
  • මෙහිදී ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) සැපයීමට අදාල මිලගණන් තීරණය කෙරෙන මිලසූත්‍ර මෙරට ඉතාමත් අනර්ථකාරී වන ලෙසට ඉදිරිපත් කර ඇත. රටට ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනාවක පාඩුවක් සිදුකල කූප්‍රකට හෙජින් ගිවිසුමේදී සිදු වූයේද මෙවැනිම ක්‍රියාවලියකි.
  • NFE සමාගමේ ‍යෝජනාව ක්‍රියාත්මක කලහොත් ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී LNG මිලගණන් පහල යෑමෙන් සිදුවන වාසිය ලබාගැනීමට නොහැකි වනු ඇත. තවද රජයක් වශයෙන්  මිත්‍රශීලී මධ්‍යදරණී රටවල් වල රජයන් හරහා වඩා වාසිදායක ලෙසට LNG මිලදී ගැනීමට මෙරට රජයට ඇති හැකියාවද මේ සමග අහෝසි වනු ඇත.
  • සාමාන්‍යයෙන් TOP (Take or Pay) යනුවෙන් සඳහන් වන මිලදී නොගත්තද යම් LNG පරිමාවකට අනිවාර්යයෙන්ම ගෙවීම් කිරීමට සිදුවන කොන්දේසිය එම ඉන්ධනය ලබාගන්නා කොන්ත්‍රාත්තු වලම කොටසකි. එබැවින් මිලදී ගන්නා පාර්ශවය LNG සැපයුම්කරුට TOP පරිමාවට අදාල ගෙවීම එම ඉන්ධන ප්‍රමාණය ලබාගත්තද නොගත්තද ගෙවිය යුතුය. ඒ හේතුව මතම මෙසේ ගෙවීම් සිදුකල යුතු TOP LNG පරිමාව තීරණය කිරීම සුපරික්ෂාකාරීව සිදුකල යුතුය. එසේ කිරීමේදී විදුලි බලාගාර භාවිතා සාධකය (Plant Factor), විදුලි බලාගාර තිබෙන ධාරිතාව(Plant Availability), විදුලි බලාගාර යෙදවෙන තත්වයන් (Dispatch Scenario) සහ වෙනත් අඩු වියදම් ජනන මූලාශ්‍ර වන ජල, ගල් අඟුරු, සුලං, සූර්ය බලශක්තීන් හි පවතින ධාරිතාව වැනි කරුණු රැසක් සලකා බැලිය යුතුය.

තත්වය එසේ වියයුතු නමුත් NFE සමාගමේ  LNG සැපයුම් කොන්ත්‍රාත්තුවේ සඳහන් වන TOP-LNG පරිමාවේ අගය ඉතා ඉහලය. එය ලංකා විදුලිබල මණ්ඩලයට සුවිශාල මූල්‍ය බරක් පටවන කොන්දේසියක් වන අතර වසර පහක කාලය සඳහා එය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 පමණ වනු ඇති බවට ගණන් බලා ඇත. ලංකා විදුලිබල මණ්ඩලය එසේ පාඩු ලබද්දී NFE සමාගම එම කාලසීමාව තුල අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා ගෙවීම් ලබාගනිමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයකට අධික ලාභයක් ඉපයනු ඇත.

මේ වනවිට රජයේ බලශක්ති ප්‍රතිපත්තිය වන 2030 වනවිට රටේ බලශක්ති ඉල්ලුමෙන් 70%ක් සුනිත්‍ය බලශක්තියෙන් සැපිරිමේ ඉලක්කයට අනුව ඉදිරියේදී LNG අවශ්‍යතාව අඩු වන තත්වයක් තුල ඉහත සඳහන් කල අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා ගෙවීමට එකඟවීමක් රජය විසින් සිදුකලහොත් එහි අනිටු ප්‍රථිපල මුලු රටටම ආර්ථික වශයෙන් විඳීමට සිදුවන අතර NFE සමාගම එයින් සුවිශාල ලාභයක් උපයාගනු ඇත.

මෙම ගිවිසුමේ වඩාත්ම කණගාටුදායක තත්වය නම් එයට අනුව මිලදී ගන්නා පාර්ශවය ගිවිසුම් ප්‍රාකාරව යම් මාසයක් සඳහා භාවිතා කල ඉන්ධන ප්‍රමාණය අඩු බැවින් එකඟ වූ අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා එක මසක ගෙවීම් සිදුකල යුතු අතර පසුව ඊලඟ මාසයේ LNG  භාවිතා   කරන විට පෙර මාසයේ වැඩිපුර භාවිතා නොකල LNG පරිමාව සඳහා වන අමතර ගෙවීම නොසලකා හැරෙන අතර ඊලඟ මාසය සඳහා වෙනම සියලුම ගෙවීම් සිදුකල යුතුය. ඒ අනුව බලනකල විකුණුම්කාර පාර්ශවයේ ගබඩා වල ඇති LNG එකම ධාරිතාව සඳහා දෙපාරක් මුදල් ගෙවීමට මිලදී ගන්නා පාර්ශවයට සිදුවනු ඇත. මෙම ගිවිසුමේ පරිදි අතිවිශාල TOP-LNG පරිමාවක් සඳහා රජය එකඟ වුවහොත් මෙරටට සිදුවන අනිටු ප්‍රතිවිපාකයන් හි තරම මෙම කරුණු තුලින් සිතාගත හැක.

  • එමෙන්ම අතිවිශාල TOP-LNG පරිමාවක් මිලදී ගැනීමට රජයට සිදුවන කොන්ත්‍රාත්තු බලාත්මක වූ විට මෙරටෙහි දැනට සිදුවන සියලුම විදුලි බලාගාරවල ශක්‍යතාව මත භාවිතාවන ඵලදායී ක්‍රමවේදය වෙනස් කරමින් LNG බලාගාර හරහාම විදුලිබල ජනනය කරන ලෙසට බලපෑම් කිරීමට දූෂිත බලවේග යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතී.
  • NFE සමාගමේ පර්‍යන්ත පහසුකම් සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාවෙන ද්‍රවවායු ඉන්ධන ගබඩාව (Floating Storage Regasification Unit –FSRU)  සඳහා අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 253ක මුදලක් ධාරිතා ගාස්තුව(Capacity Charge) ලෙසට වසර පහක් සඳහා වෙනම ගෙවිය යුතු අතර එය ගෙවන්නේ TOP-LNG පරිමාවක් සඳහා සිදුකරන ගෙවීමට අමතරවය.
  • 2021.09.06 දිනැතිව ගරු මුදල් අමාත්‍යවරයා විසින් වෙනත් පාර්ශවයකට ඉදිරිපත් විය නොහැකි ලෙසට සැකසූ NFE සමාගමේ යෝජනාවට අදාලව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ‍යොමු කලේය. එයට අනුව NFE සමාගමෙ යෝජනාව මගින් ලංකා විදුලිබල මණ්ඩලය මත බලපැවැත්වෙන FSRU සඳහා වන ධාරිතා ගාස්තුව(Capacity Charge) ලංකා විදුලිබල මණ්ඩලය මගින් තරඟකාරී මිලගණන් කැඳවීම යටතේ ලබාගත් ලංසු වල ඇති අගයන් සමග සංසන්දනය  කර ඇති අතර එහිදී ඇමෙරිකානු සමාගමේ යෝජිත ගෙවීම් අගයන් ලාභදායි බවට සඳහන් කර ඇත. මෙය අමාත්‍ය මණ්ඩලය සහ රටේ මහජනතාව නොමග යැවීමට වැරදි අර්ථ නිරූපණයක් හරහා සිදුකල බරපතල අසත්‍ය කරුණක් බවට අවධාරණය කල යුතුය. සිය මූල්‍ය යෝජනා සැකසීම සඳහා ඇමෙරිකානු සමාගමට ලබාදිය හැකි සියලුම බදු සහන, පහසුකම් සහ ආයෝජන ප්‍රථිලාභ අදාල පාර්ශවයන් විසින් ලබාදී තිබූ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ තරඟකාරී මිලගණන් කැඳවීම යටතේ ටෙන්ඩර් ඉදිරිපත් කල එකදු සමාගමකට හෝ එම මූල්‍ය සහනයන් ලැබී තිබුණේ නැත. තත්වය එසේ තිබියදී උක්ත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ සිදුකල පරිදි ධාරිතා ගාස්තු(Capacity Charge) සංසන්දනයක් කිසිසේත්ම කල නොහැක.

තවද NFE සමාගමේ ධාරිතා ගාස්තුව(Capacity Charge) වන FSRU ගබඩාවෙන් ලබාගන්නා ගෑස් ඒකක (MMBTU – Metric Million British Thermal Unit) මිලියනයක් සඳහා වූ ඇමෙරිකානු ඩොලර් 1.45ක මුදල LNG විදුලි බලාගාර මහාපරිමාණයෙන් භාවිතා වන ව්‍යාජ තත්වයක් සඳහා ලබාදුන් අගයකි. වත්මන් රජයේ බලශක්ති ප්‍රතිපත්ති මත මෙරටෙහි LNG බලාගාර ඉදිරියේදී භාවිතාවන සැබෑ ආකාරය සැලකූ විට ඉහත ඇමෙරිකානු සමාගමේ ධාරිතා ගාස්තුවේ සැබෑ අගය FSRU ගෑස් ඒකක(MMBTU -Metric Million British Thermal Unit) මිලියනයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 5.50ද ඉක්මවිය හැක.

  • පෙර සඳහන් කල කැබිනට් පත්‍රිකාව මගින් මූල්‍ය ශක්‍යතාව සම්බන්ධයෙන් අවධානය යොමු වියයුතු ප්‍රධානතම කරුණු රැසක් වසන් කර ඇතිබව ඉතාම පැහැදිලිය. පර්‍යන්ත ඒකකය සහ බටනල එලීම වෙනුවෙන් යන වියදම (ඇ.ඩො මිලියන 200ක් පමණ) LNG සැපයීමේ කොන්ත්‍රාත්තුව (වසර 10ක් සඳහා ඇ.ඩො මිලියන 6000ක් පමණ) හා සසඳා බැලීමේදී සාපේක්ෂව සුලු මුදලකි. සමස්ථ කොන්ත්‍රාත්තුවේ වියදමෙන් 95%ක් පමණ ආවරණය වන්නේ අදාල කාල සීමාව සඳහා වන LNG ඉන්ධනය ලබාදීම මගිනි.
  • එසේ බලන කල LNG මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවක ප්‍රමුඛතාව හිමිවිය යුත්තේ පර්යන්ත සහ බටනල එලීම සඳහා වන මූල්‍ය ශක්‍යතාව නොව අදාල කාලසීමාව සඳහා LNG ඉන්ධනය ලබාදීමට අදාල මූල්‍ය ශක්‍යතාවටය. මේ අනුව අදාල කැබිනට් පත්‍රිකාව මගින් අමාත්‍ය මණ්ඩලය නොමග යවන පරිදි වැරදි අර්ථකතනයන් ලබාදී ඇති බව පැහැදිලිය. NFE ඇමෙරිකානු සමාගම විසින් ඉතා කූට ලෙස පර්‍යන්ත ඒකකය සහ බටනල එලීම වෙනුවෙන් අඩු වියදමක් ඉදිරිපත් කර එයින් සිදුවන පාඩුව LNG සැපයීමේ කොන්ත්‍රාත්තුව මගින් පියවාගනිමින් එයින් ඔබ්බට ගොස් අධික ලාභයක් උපයාගැනීමට හැකිවන පරිදි සිය යෝජනා සකස් කර ඇත. දැනට ලංකා විදුලිබල මණ්ඩලය මගින් සිදුකරමින් යන තරඟකාරී මිල ගණන් කැඳවීමේ LNG සැපයීමේ ටෙන්ඩරයේ රහසිගත කරුණු නීතිවිරෝධී ලෙසින් ලබාගනිමින් ඔවුන් විසින් කූටාකාරයෙන් ශ්‍රී ලංකා රජය නොමග යවා ඇත.
  • FSRU සඳහා සැකසෙන ගිවිසුම් ඉතාම සංකීර්ණ ස්වභාවයක් ගනී. විදෙස් සේවා කුලී ගාස්තු, වගකීම් ප්‍රතිපූර්ණය, අයහපත් සාගර තත්ව යටතේ මෙහෙයුම් කිරීම, මැයි සිට සැප්තැම්බර් දක්වා කාලය තුල අඛණ්ඩව LNG ඉන්ධන සැපයීමට වගවීම වැනි කරුණු රැසක් මෙම ගිවිසුම් තුල අන්තර්ගත විය යුතු නමුත් ප්‍රශ්නගත ගිවිසුමේ මෙම කරුණු කිසිවක්ම අන්තර්ගත වී නොමැත.
  • West Coast Plant Limited (WCPL) බලාගාරයේ කොටස් 40%ක් මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් ලබාදීමට NFE සමාගම සලකා බලා ඇති අතර රජයේ ප්‍රධාන තක්සේරුකරුට අනුව එම අගයන් තක්සේරු කල කොටස් වල වටිනාකමට වඩා බොහෝ අඩුය.
  • මෙහිදී NFE සමාගම අදාල බලාගාරයේ භාවිතා සාධකය(Plant Factor) 70% ලෙසට සලකා කටයුතු කිරීමට තීරණය කර ඇත.මෙමගින් ලංකා විදුලිබල මණ්ඩලයට ජල විදුලි බලාගාර වැනි අඩු වියදම් බලාගාර යෙදවිය හැකි අවස්ථාවල පවා LNG බලාගාර භාවිතා කිරීමට සිදුවන අතර එමගින් විශාල පාඩුවක් දැරීමට එම ආයතනයට කටයුතු සැලසෙනු ඇති අතර ඇමෙරිකානු සමාගම අධික ලාභයක් උපයාගනු ඇත. තවද ඉහත වැනි ඉහල  භාවිතා සාධකයක් (Plant Factor) සහිතව මෙම LNG බලාගාර භාවිතා කිරීමට අතිවිශාල TOP-LNG පරිමාවක් මිලදී ගැනීමට එකඟ වීමටද සිදුවීම වැලැක්විය නොහැක.
  • දැනට ලංකා විදුලිබල මණ්ඩලය සහ West Coast Plant Limited(WCPL) බලාගාරය අතර ඇති බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුම ඉදිරියේදී මේ අනුව සංශෝධනය වුවහොත් අධික මිලගණන් එයට ඇතුලත් වන බවට කිසිදු සැකයක් නැත.
  • වර්තමානයේ බලාත්මක බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අනුව 2022 වර්ෂයේ සිට මෙම බලාගාරයට අදාල ණය වාරික බොහෝ දුරට ගෙවා අවසන් බැවින් එහි කොටස් හිමිකරුවන් හට සැලකියයුතු ලාභයක් උපයාගැනීමට හැකිවනු ඇති අතර එයිනුත් වැඩි කොටස මෙම ඇමෙරිකානු සමාගම විසින් අත්පත් කරගනු ඇත.
  • West Coast Plant Limited (WCPL) බලාගාරයේ වර්තමාන කොටස්කරුවන් (මහා භාණ්ඩාගාරය – 50%, අර්ථසාධක අරමුදල – 27%, ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) – 18%, ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගම (LTL) – 5%) සියල්ලෝම මෙරටෙහිම ආයතන වන අතර එම සමාගමේ ආදායම උක්ත කොටස්කරුවන් අතර බෙදී යන්නේ ශ්‍රී ලංකා රුපියල් වලිනි. නමුත් මෙම සමාගමේ කොටස් වලින් 40%ක් ඇමෙරිකානු සමාගමට ලබාදුන් විට ඉදිරියේදී එම සමාගමට අදාල ලාභාංශය ඇමෙරිකානු ඩොලර් වලින් ගෙවීමට සිදුවනු ඇති අතර එමගින් මෙරටෙහි විදෙස් මුදල් සංචිතය විශාල වශයෙන් පිටරටකට ඇදී යාම වැලැක්විය නොහැකි වනු ඇත.
  • මෙසේ සිදුවනවිට වඩාත්ම අවාසනාවන්ත තත්වය නම් රජය මෙම කොටස් විකිණීමෙන් ලබාගැනීමට බලාපොරොත්තුවන ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක මුදල ඉහත පැහැදිලි කල පරිදි වසර කීපයක් තුල පිටරටට මුලුමනින්ම ඇදීයාම වැලැක්විය නොහැකි වීමයි.
  • මේ අනුව නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම විසින් ලබාදී ඇති TOP-LNG සැපයීමේ යෝජනාව සහ ඔවුන් ඉල්ලා සිටින බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සංශෝධන වලට අනුව West Coast Plant Limited(WCPL) බලාගාරයේ වර්තමාන සැබෑ භාවිතා සාධකය(Plant Factor)ට අනුව එක විදුලි ඒකකයක් මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලයට රු.30.00ක් වැයවන බවට ගණන් බලා ඇත. ඒ ආකාරයෙන් සංසන්දනය කර බැලූ විට මෙම බලාගාරයෙන් දැනට ඇති බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමට අනුව ඛණිජ තෙල් ඉන්ධන වශයෙන් යොදාගෙන බලශක්තිය මිලදී ගත්තද එය ලංකා විදුලිබල මණ්ඩලයට වාසි සහගතය.
  • උක්ත සමාගම සමග මෙරට මුදල් අමාත්‍යංශය පෙරදී අත්සන් කල මූලික ප්‍රතිපත්ති රාමුව සහ වර්තමානයේ සිදුවන ක්‍රියාවලිය හාත්පසින්ම වෙනස් තත්වයකට පත්වී ඇත. එම ප්‍රතිපත්ති රාමුව තුල අදාල ඇමෙරිකානු සමාගම WCPL බලාගාරයේ විදුලි ඒකකයක් ඇමෙරිකානු ඩොලර් සත 9.9කට (රු. 19.80කට පමණ) ලබාදීමට එකඟ වූ අතර ඔවුන්ගේ නව යෝජනාවලියට අනුව එම අගය රුපියල් 30.00ක් දක්වා වැඩි කර ඇත.
  • මෙම කරුණු සියල්ල සබුද්ධිකව විමසූ කල මෙම නිව් ෆෝට්‍රස් එනර්ජි ඇමෙරිකානු සමාගමේ ප්‍රධාන ඉලක්කය WCPL බලාගාරයේ කොටස් 40%ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක් දී මිලදී ගැනීම නොවන බවත් ඔවුන්ට අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් වටිනා LNG සැපයීමේ ටෙන්ඩරය සහ එම ඉන්ධනය සැපයීමේ සියලු බලාධීකාරය තරඟයකින් තොරව තමන්ට වසර පහක් සඳහා ලබා ගැනීම බවත් ඉතාම පැහැදිලිය. එය සාක්ෂාත් කරගතහොත් ඔවුන් විසින් ඉදිරි වසර පහ සඳහා මෙරටෙහි බලශක්ති ක්ෂේත්‍රය සහ ජාතික ආරක්ෂාවට දැඩි බලපෑම් එක්ක කරමින් රිසිසේ සිය ලාබයන් උපයා ගැනීමට අවශ්‍ය මංපෙත් විවර කරගනු ඇත.
  • මේ දක්වා මෙම ඇමෙරිකානු සමාගමේ යෝජනාවලිය පිලිබඳව නිසි සාකච්ඡා කිරීමක් තුලින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් උපදේශනයක් ලබාගැනීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර නොමැති අතර එහි නිලධාරීන් විසින් සිය අභිමතය පරිදි මෙම ක්‍රියාවලිය පාලනය කරන බව මනාව පසක් වී ඇත.
  • මෙරටෙහි විදුලිබල සැපයුම සඳහා LNG ඉන්ධන භාවිතය පිලිබඳව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දීර්ඝ කාලයක් විශාල මුදලක් වැය කර ශඛ්‍යතා අධ්‍යනය කර සැලසුම් සකස් කල අතර මෙම ඇමෙරිකානු සමාගම කූට ආකාරයෙන් එම සියලුම තොරතුරු ලබගෙන කිසිදු අපහසුවකින් තොරව සිය ව්‍යාපෘති යෝජනාවලියට ඇතුලත් කර ඇත.
  • මෙම NFE සමාගමේ අහිතකර ව්‍යාපෘති යෝජනාව යම් හෙයකින් ක්‍රියාත්මක වුවහොත් එය ඉදිරියේදී මෙරටෙහි සිදුවන සියලුම LNG බලාගාර සඳහා ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය  FSRU සහ නල පද්ධතියේ අයිතිය එම සමාගමට හිමිවන බැවින් තවදුරටත් එම නව බලාගාර සඳහා තරඟකාරී මිලගණන් කැඳවීමේ ටෙන්ඩර් මගින් LNG ඉන්ධනය ලබාගැනීමට නොහැකිවනු ඇති අතර එම අවශ්‍යතාවන් සියල්ල උක්ත ඇමෙරිකානු සමාගමෙන් ඔවුන්ගේ කොන්දේසි වලට යටත්ව සපුරා ගැනීමට සිදුවනු ඇත.
  • වර්ථමානයේ බලශක්ති අමාත්‍යංශය මගින් මන්නාරම ද්‍රෝණියෙ ඇති LNG නිධියට අදාල විමර්ෂණයන් සිදුකරගෙන යන අතර මෙම ඇමෙරිකානු සමාගම සමග ඔවුන් ඉදිරිපත් කරන යෝජනාවලියට ගිවිසුම්ගත වුවහොත් ඉදිරියේදී එසේ සොයාගන්නා LNG ඉන්ධනය මෙරට බලශක්තිය නිපදවීමට භාවිතා කිරීමේ හැකියාව පවා මෙරටට ඇහිරී යනු ඇත.

LNG ගනුදෙනුව වහා අත් හිටුවන්න…!!!

ඇමරිකානු සමාගමේ අවශ්‍යතාව බලාගාරයේ 40 % ලබා ගැනීම නෙවෙයි – ලංවිම ඉංජිනේරු සංගමය

මේ පිළිබඳ News1st පුවත් වාර්තාව මෙතනින් නරඹන්න. (https://youtu.be/UPvmtQ34oAQ?t=829)

”මේ නැව ගන්න එකයි, පයිප්ප ටිකයි දාන එක 5% ක්. 90% ක් 95% ක් තියෙන්නේ අපි ගන්න තෙල් ප්‍රමාණයත් එක්ක සැලකුවාම අර අපි මධ්‍ය කාලීන හෝ දීර්ඝ කාලීන එහෙම නැත්නම් ස්පොට් මාර්කට් එකෙන් මේ LNG මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුවේ තමයි මෙතන බිස්නස් එක තියෙන්නේ. මේක ඇමරිකානූ සමාගම දන්නවා”

අදාළ සමාගම මෙහි යටිතල පහසුකම් ක්‍රමානුකූලව ඔවුන් යටතට ගනිමින් පර්යන්ත 10 ක් 15 ක් හදන මුදල් උපයා ගනු ඇතැයි, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

”ඒ නිසා තමයි ඒ ගොල්ලෝ ක්‍රමානූකූලව මේ යටිතල පහසුකම් ඒ ගොල්ලෝ යටතට අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ එයාලට ඕනි විදිහට මේ පර්යන්ත 10 ක් 15 ක් හදන සල්ලි හම්බකර ගනියි. අපේ බලශක්ති ප්‍රතිපත්තියක් තියනෙවා. මේ කියන යටිතල පහසුකම් ටික සහ නල පද්ධතිය මෙහෙයුම් කටයුතු රජය යටතේ සිදු කෙරන්න ඕනි කියලා”

තව ද යම් හෙයකින් නළ පද්ධතිය සමාගම අතට පත්වුවහොත් හෝ පර්යන්තය ඕනෑම වෙලාවක නැවතුව හොත් අපේ බලාගාර දුවන්නේ කෙසේ දැයි, සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.

Sri Lanka could lose Billions through unsolicited New-Fortress Energy Deal

Sri Lanka stands to lose hundreds of millions of dollars through a back-door liquefied natural gas (LNG) deal with a US firm which could be worth up to 6.0 billion US dollars but is coming in as the sale of share of a power plant, engineers of the state power utility have warned.

Energy security would also be undermined as the national grid would be dependent on a single company for the supply of LNG to the entire country and will also block state-run Ceylon Electricity Board from using cheapest energy source based on market prices, the CEB Engineers Union has said.

It is not clear how the unsolicited deal was suddenly struck without open tender for either the sale of a 40 percent Treasury stake in a power plant, LNG procurement for at least five years, or to operate floating liquefied natural gas terminal which is expected to charge fees from the state-run Ceylon Electricity Board.-EconomyNext

Read The Story: https://economynext.com/sri-lankas-could-lose-billions…/

Sustainable Pathway to Sustainable Power

AN INTERVIEW WITH ENG. LAKSHITHA WEERASINGHE

AUGUST 2021 |SLEN PODCAST

In the tenth episode of the SLEN Podcast, Eng. Suran Fernando speaks with the Head of CEB Long Term Planning, Eng. Lakshitha Weerasinghe about “Power Generation Strategy of the Country”.

IESL SLEN Link: https://iesl.lk/SLEN/57/podcast_10.php

Youtube Link: https://youtu.be/uhAuuBZVEQc


Eng. Suran Fernando :

You are listening to IESL SLEN Podcast, featuring a wide range of conversations on diverse engineering and non-engineering sectors of national importance. I am Eng. Suran Fernando, and today, for our 10th podcast, we have a special guest. Today, our discussion is on the power generation strategy of the country which is a hot topic discussed and argued in many engineering circles now-a-days. For that discussion we have Eng. Lakshitha Weerasinghe, who is the Head of CEB Long Term Planning. Let me warmly welcome Eng. Lakshitha Weerasinghe for today’s discussion.

Eng. Lakshitha Weerasinghe :

Thank you for considering me and inviting me for this podcast. I hope I would be able to do justice in the next 15 to 20 minutes to come.

Eng. Suran:

There is a lot of discussion in the society these days about generating electricity using renewable energy sources. Judging by certain criticism in the society on the main electricity supplier, Ceylon Electricity Board, it appears that CEB is not holding this same view on the role of Renewable Energy. As the head of CEB’s long term planning branch, what are your views on relying more and more on renewable energy sources to meet our future electricity requirements?

Eng. Lakshitha :

That is a good question. in fact, we also hold the same view as those in the society that we should gradually transition into a greener, cleaner future and gradually abandon fossil fuels. it is very clear that the entire world is moving in this same direction. and unlike during any other period in the past, we even see that the required associated grid support infrastructure and enabling technologies also coming up for us to make this transition. That means we can certainly rely on renewable forms of energy to meet our future electrical requirements. As a result, we are fully in agreement with the general view in the society that the country should gradually relieve itself from the dependency on imported fossil fuels and go for indigenous renewable forms of energy. in fact, if you go by our recent long-term generation expansion plans, including the recent most draft long term generation expansion plan prepared for a 20-year period, starting from 2022-2041 also is clearly aiming at taking the country in that direction. For example, the latest draft long term generation plan had not identified any Coal-fired power plant after 2030. It had identified only a single new coal plant of 300MW size as compared to nine in the current pan that had received the approval of the Public Utilities Commission. We planned it that way despite coal being the cheapest source of a thermal generation because coal steam technology does not operationally complement the requirements of when running a system with a large proportion of variable renewable energy sources. So, it is clear we too are heading for the same goal, in the same direction.

Eng. Suran :

If that is the case, why is there some criticism about CEB? Some claim that CEB is reluctant to go to Renewables.

Eng. Lakshitha:

Well, I don’t think there is any reluctance on the part of CEB. The criticism I think is more about the strategy adopted by CEB in reaching carbon-neutrality and what is expected from us by others. You must understand that we have a responsibility to keep the lights on while also listening to multiple drivers of the society including the government. As a result, our strategy of reaching for this low carbon future, which is of course is based on years of experience we have in operating our power system and in seeing practical limitations in executing projects in the country, is different to what is obviously expected from us by the others. I think it is mainly to do with the speed that we see as optimal and practical as against what some others think than anything else.

Eng. Suran :

What is CEB strategy then? Can you explain to our audience? It is very important to know from the CEB itself as it is the main electrical utility provider in Sri Lanka.

Eng. Lakshitha :

Let me explain. In order to understand what should be the correct strategy and what should be the correct speed at which renewable sources are to be added onto the system, one must have a little basic understanding of how power systems actually work. As you all know, from the day we decided alternating current, or AC as the best choice to transmit and distribute electricity, we have inherited what is known as synchronous power grids with synchronous generators, running in synchronism supplying the customer demand. in such a grid, the supply of electrical power (measured often in MW) must be exactly equal to the demand for electrical power in real-time. if this supply and demand balance is not maintained, in real-time from megawatt to megawatt, that affects the system frequency. and the system frequency is maintained within a very narrow and tight band. For example, when frequency deviates just 3 Hz from the nominal of 50Hz, the power grid could collapse. And that too within seconds.

So what is that got to do with renewables? If we are to go with a very high proportion of renewables, we have to rely on Solar PV and wind technology to take us there. (You know that all our hydro potential has been already exploited). And we all know that solar and wind have varying and intermittent outputs unless we take corrective action. In conventional power systems, maintaining the supply-demand balance was not a big problem as the only things that were changing were on the demand side or on the customer side. The power system operators, you know, power system operators are the engineers who are at national grid control centres like our own System Control Centre at SJP and centrally operating and dispatching the grid-connected generators and they also operate the high voltage transmission network. So, those system operators adjust conventional generators they have at their control and match the demand. Sometimes this is called load following. But now they have an additional problem. In addition to the customers, even some of the generators they have are now changing. As a result, they now have customers who change their demand minute by minute and generators like wind and solar who too change their output minute by minute. So, now maintaining the supply-demand balance must be done by very few remaining conventional synchronous generating units, whose share should now gradually come down also to give way to renewables like solar and wind. So that is one problem.

Now I told you earlier that in synchronous power grids the supply-demand balance must be maintained MW to MW in real-time. Actually, system operators do not intervene to maintain this balance in seconds to a millisecond scale. It is taken care of by the stored kinetic energy in the generators, mainly. So when customers suddenly ask for more electrical power in the next second or start using less power than in the last second, it is the stored kinetic energy that gets converted to electrical power in the generators before the primemovers that are coupled to the generators (it can be turbines or engines) start giving the mechanical power back to the generators. That is the nature of synchronous power systems. When kinetic energy changes, the generator rotational speeds changes and generator speeds are directly related to the frequency of supply and as a result frequency changes. That means, when the mechanical inertia of all the generators is high, there is lot of kinetic energy and that kinetic energy can take care of sizeable supply-demand imbalances without causing a significant change to speeds or frequency. But when the mechanical inertia is low, there a higher chance to the speed is required to give the same kinetic energy, and as a result, frequency is affected. So when the conventional generators gradually give way to solar and wind, the mechanical inertia too becomes low and low. Both wind and solar technologies have power electronic interfaces and do not add any mechanical inertia. Sometimes you may think that there are these big wind turbines, when you see the rotating blades they add mechanical inertia, but they don’t. their interface is power electronics. Same with solar. So we expect the mechanical inertia of our future power system to get lower and lower, and that means a more and more unstable grid, and we have to take corrective action for that. As a result, CEB strategy to low carbon future also address such technical problems on its way or else we could inherit a cleaner greener grid but with blackouts or brownouts!

Eng. Suran :

So, you mean to say, that it is the technical problems that keep us from making the transition faster? That means CEB engineers have failed so far to give proper solutions to those problems. Isn’t that the case?

Eng. Lakshitha :

I am glad you phrased the question that way, in fact, lot of people think so, and my answer is definitely NOT. Technical problems have technical solutions. Engineering problems have engineering solutions. It is not the lack of solutions but it is other practical limitations in implementing such solutions and also certain very important OTHER strategic reasons that had compelled the CEB to propose its own pathway to the greener grid. You know, one must understand that it must not only the energy sources that must be sustainable, but our progression to renewable itself must be sustainable. It is those reasons that keep CEB too from taking the very rapid, near-overnight transition that a lot of people are advocating.

Eng. Suran :

Now, you are saying about some limitations other than the technical problems that you mentioned earlier. Can you please share with us what those are? Initially, you said it is the technical challenges that you are more concerned about.

Eng. Lakshitha :

Let me put it like this. There are three important considerations in deciding the optimum pathway the country must take to the green grid. It is very important for our country to have our own pathway, have our own strategies in going for the green grid. We must not merely follow what other countries are doing but must take our own strengths and weaknesses and national priorities into consideration and devise our own strategies to come up with the best pathway.

So, as I told you before, there are three considerations.

First, consideration, there are challenges that we have to overcome on the way. There are three such challenges in my opinion, … which I will explain later…. and mind you only one of those challenges is the technical challenge. Technical challenge is the smallest of the three challenges though many think it is the biggest. Many try to teach us technical solutions and fundamentals of power systems thinking our reluctance to go faster is in fear of such technical problems. But contrary, … though the technical challenge is also a grave concern, in comparison it is the smallest of the three.

So, facing such challenges is the first consideration in deciding our own path to a low carbon future.

The second consideration is that there are very important benefits also that is available for us to gain or reap DURING the journey to maximize renewables. Going for renewables is not only about REACHING a target by such and such a date.

We must make the country also benefit, …not only by merely reaching the goal… but also during the transition. There are a lot of benefits available, which we are likely to miss if we unduly rush, I will explain this later.

So that is considered number two, the benefits.

The third consideration is, there are very important corrections and adjustments that we definitely require to make during our journey. If we simply try to JUMP from today to a target on say 2030, we are most likely would not be able to make those corrections and adjustments on the way. I will try to explain very briefly but it’s quite impossible for me to explain everything in a short chat like this. You know, the world around us is changing very rapidly and there are very important new developments in the field of Renewable Energy that we see coming up. Very promising and very interesting. Even now we see clearly different directions leading to the same end result of an all-renewable future. There are different directions that we could take to go to the same end result. So, unless we are very careful and try to go rapidly, but in small steps, we will not be able to make these corrective actions and adjustments. So CEB’s approach is to go in small steps but rapidly.

You must understand that going for the all-renewable future is not only by installing N number of solar parks and X number of wind parks. A lot of people think so, mainly influenced by the commercial lobby. But we see a lot of other opportunities we as a country must take note of and try to adopt during this journey rather than simply putting up solar and wind farms.

Eng. Suran :

Can you please elaborate on the three considerations that you mentioned? If I get it right, I think they are, first the challenges, the second, the benefits and third, the adjustments. So, can we start from the challenges?

Eng. Lakshitha:

There are three challenges, technical financial and implementational. They are coupled to each other. For example, if we try to achieve say 70% of electricity generated by 2030 from renewables, as I told you earlier, we have to rely on solar and wind to takes us there. Both these technologies, particularly solar have low plant factors. That means, to get the same equivalent energy of a 300MW LNG fired power plant running at 70% plant factor from solar, we need about 1000MW of solar. This is a big problem. Solar generates a very high power capacity during a shorter period of the day to give the same energy. Now, our transmission network must be rated to transmit 1000MW instead of 300MW to evacuate power from the solar plant to get the same equivalent energy. To evacuate power from solar and wind zones right around the country, we now need a very high capacity 400kV backbone transmission line network, connecting our load centres with RE zones. Right now our backbone transmission line is 220kV. But in order to transmit these high power capacities, we cannot rely on 220kV. So you have to upgrade to 400kV.

This is both a financial challenge and an implementational challenge very difficult to achieve. As per the very preliminary estimates we have made, we will require an additional 1.7 billion USD to invest in transmission infrastructure. That is required before 2029 if we are to achieve our target in 2030. Again, we also need to maintain the supply-demand balance every second. But now solar brings in more power than required by customers in real-time. I hope you can visualize now. As per our simulations, if we are to achieve 70% of generation from solar and wind by 2030, that requires over 1000MW of batteries to be installed by that time to take the excess generation that is coming from the solar and wind during day time. Batteries are only emerging technologies. There was a lecture recently where it was told that the total installed batter capacity word-wide is less than 2000MW. But here, we too require 1000MW. Also, battery prices, though rapidly falling, are still high. As per present costs, batteries will also require about 2 billion USD within the period 2025 to 2029. So there is a big financial problem for the country. Unlike conventional thermal plants where the costs are spread over 25 years, initially, you have the cavity cost and thereafter the operational cost which is the fuel cost. It spreads over 25 years. But for solar and wind, they don’t need any fuel. So they generate electricity without any cost during the operational period. But for solar and wind, the cash outflows are mainly upfront. Can the country afford to do so, amidst the present forex problem? Well, I do not know.

The third and the biggest challenge is the IMPLEMENTATIONAL challenge. If we are to achieve 70% from RE by 2030, we need about 400MW of solar PV on average per year from next year onwards. If we realize only a half of that using solar parks, we need 2 – 100MW solar parks constructed every year from next year. Mind you, we do not have a single 100MW solar park in the country and to purchase land for the first 100MW solar park at Siyambanalduwa, the Sustainable authority is struggling since 2017. It is not their fault. That is how things happen in this country. In addition to solar, once in every two years, we need three Mannar wind park size wind parks developed in the country. With the sort of implementation difficulties in the country, is it possible? I will let the audience to answer that question. Merely raising a target alone will not make anything.

That is why when Engineers say that something is “yes possible” it must be possible both technically and practically. We are not scientists, or academics or visionaries, who have the liberty to state anything they foresee as possible. We are engineers and remember as I told you at the beginning, we have a responsibility to keep the lights on! That is why when we say something is possible, it has to be possible both technically and as well as practically.

Eng. Suran :

Looks that we came to the interesting part of the discussion but since we are running out of time, Eng. Lakshitha, can I ask you to quickly let us know the other two considerations, the benefits and third, the adjustments you think as required?

Eng. Lakshitha:

The journey to renewables must be made in such a way that it breeds local industry, local entrepreneurship also. Our country does not have a big market to support large industries like automobiles. But power sector is sizeable to support the growth of new players compared to other opportunities. We already see that Sri Lankan business enterprises that entered into mini-hydro industry and even wind industry now operates very successfully even overseas. Same with even certain companies that carried out EPC contracts for thermal power plants like our own Lanka Transformers Limited. They now even operate in Bangladesh. There are very successful local companies that have invested in wind power. We must make this journey in such a way that local players, new small players, or those who are already experienced to come and do the development of RE and thus get benefitted from the opportunity. To do so, we must go gradually big with a mixed model. But if we simply rush to a high target, you will soon see only big international companies coming and doing the development. It is only such big international players who can engage in developing 100MW, 200MW, 300MW and even 500MW size development and we Sri Lankans will miss the opportunity to develop the small-scale industrial players capable initially to engage in smaller sizes 1MW, 10MW scale. So we missed the opportunity of developing them. It is them who later on stepping on to 20MV, 100MV and go overseas and that is how the business develops in a country. If we rush unduly, we also would see these international companies coming and asking for dollar-denominated tariffs. To take a very careful note on this, if you unduly rush it is the only big players who can come and take the challenge and ask for dollar-denominated tariff. In such an eventuality, we would not only be able to develop our own business sector but also will have to pay electricity produced by our solar and wind resources back in dollars. Is it any different to generating from imported fossil fuels?

CEB plans had already offered very big opportunities to the solar and wind industry. For example, as per the draft CEB generation plan, we plan to add over 2000MW of solar by the end of 2029, which is five times what we have now. That itself is a massive opportunity to the local business sector.

I do not have time to let you know what adjustments are we need as it takes time. But let me summarize the CEBs pathway to a low carbon future in one statement.

We intend to go from the high carbon electricity (I may call it the brown grid. Right now even though I call it high carbon electricity, our CO2 in single KW electricity that we produce is only 0.55 Kg of CO2 which is quite low by the world standards. But let’s call it the brown grid.) So if we intend to go from this brown grid initiative our plan is to initially via a blue grid that uses LNG as a transition fuel, that is why I have told you at the beginning that we have stopped generating new coal power plants by 2030. So it will be mainly LNG as a transition fuel to the greener grid of the future. Our proposal is to do so via successive generation plans from brown to blue to green, but not just within one plan but in successive generation plans that we would prepare once in every two years. So that we can adjust to new developments and practical technical challenges on the way. Our plan is to make our grid zero carbon ready first before we make the jump.

But if we simply try to take a big jump (thinking it is very attractive to have such policies and slogans), without realizing the bigger picture, well your guess is good as mine.

Thank you. .

Eng. Suran :

Yes. Those are the views of Eng, Lakshitha Weerasinghe who is the Head of Long Term Planning at CEB. Let us conclude this fruitful discussion now. Thank you very much engineer Lakshitha Weerasinghe for spending your valuable time to share your ideas, opinion, your strategy on the CEB’s path towards Renewable Energy. We wish you all the success in your future endeavours.

Eng. Lakshitha:

Thank you once again for giving me the opportunity to brief IELS membership of the quite pertinent subject. And also I take this opportunity to wish you all good success on your future endeavours and the SLEN. Thank you.

Eng. Suran :

Yes. Those are the views of Eng, Lakshitha Weerasinghe who is the Head of Long This is engineer Suran Fernando from SLEN podcast. Have a nice day!

පුනර්ජනනීය ඉලක්ක සහ විදුලි මාෆියාව

රටේ පවතින ඉතා අවදානම් කොවිඩ් තත්වයක් මධ්‍යයේ වුවද රජය විසින් විදුලි බල ක්ෂේත්‍රය පිලිබඳ ගනු ලැබූ සමහර තීන්දු තීරණ පිළිබඳවද යම් සමාජ කතිකාවක් ඇතිවී තිබේ. මේ අතරින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ” 2030 වන වනවිට විදුලි නිෂ්පාදනයෙන් 70% ක්ම පුනර්ජනනීය ක්‍රම මගින් සිදු කල යුතුය” යන ප්‍රතිපත්තිය පිළිබඳ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය වශයෙන් සමාජයේ වඩාත් කතාබහට ලක්වෙන සහ අපෙන් විමසනු ලබන පහත කරුණු පිළිබඳ අදහස් දැක්වීමට කැමැත්තෙමු. කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට ලැදිව කටයුතු කරන බවට අවම වශයෙන් මාධ්‍ය විවේචනයකට හෝ ලක්ව නැති වෘතීයවේදීන්ගෙන් සමන්විත අප සංගමය මේ අදහස් දැක්වීම සිදුකරන්නේ සමාජ මෙහෙවරක් වශයෙන් මිස කිසිදු දේශපාලනික හෝ වෙනත් පටු පරමාර්ථයකින් නොවන බව කරුණාවෙන් සලකන්න.

මොකද්ද ඔය කියන 2030 දි 70% පුනර්ජනනීය ඉලක්කය?

2030 වන වනවිට විදුලි නිෂ්පාදනයෙන් 70% ක්ම ජලය, හිරු එලිය සහ සුළං ආදී පුනර්ජනනීය ක්‍රම මගින් සිදු කල යුතුයි කියල සංකල්පයක් ව්‍යාපාරිකයින්, දේශපාලකයින් සහ රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන පිරිසක් ප්‍රභලව ඉදිරිපත් කරනවා. මේ ඉලක්කය කොහෙන් ආවද, ඒ ගැන කරපු අධ්‍යයනය මොකක්ද කියන එක අපිත් තාම සොයනවා. ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ එවැනි (80% ක) ඉලක්කයක් තිබුණ බවක් පැවසුනත් එය නම් අසත්‍යයකි. එහි 59 වැනි පිටුවේ සඳහන් වන්නේ පුනර්ජනනීය විදුලිය හැකි උපරිමයෙන් පද්ධතියට එකතු කරගන්නා බවයි. සමහර විට 80%ක ඉලක්කයක් ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුල් කරන්න යම් ව්‍යාපාරික පිරිසකට අවශ්‍යව තිබුණා විය හැක. කෙසේ වෙතත් වෙන රටවල නම් හැකි උපරිමයත්, එයට යායුතු කාල වකවානුත් තීරණය කරන්නේ ක්ෂේත්‍රය පිලිබඳ සුදුසුකම් සහ අත්දැකීම තියෙන කණ්ඩායමක් විසින් කරනු ලබන මනා අධ්‍යනයකින් පසුව පමණි.

ඇයි ඉතින් ලං.වී.ම. ඉංජිනේරු සංගමය මේ දවස්වල මේ ගැන විශේෂ ජනතා අවදානයකට යොමු කරන්නෙ? මොකද්ද විශේෂිත තත්වය?

ඉතා මෑතකදී විදුලි නිෂ්පාදනයෙන් 70% ක් පුනර්ජනනීය ක්‍රම මගින් සිදු කල යුතුය සහ ලංකාවේ මින් ඉදිරියට ගල් අඟුරු බලාගාර ඉදි නොකරන බවට පරිසර සහ විදේශ කටයුතු අමාත්‍යංශවල මැදිහත් වීමෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් කැබිනට්ටුව විසින් සම්මත කර තිබෙනවා. මෙහි දී මේ පිළිබඳ ලං.වි.ම. යේ සියලු අදහස් දැක්වීම් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර එම තීරණය මේ වනවිටත් අන්තර්ජාතික පරිසර සංවිධාන වලට ද පොරොන්දුවක් වශයෙන් ලබා දී ඇති බවද වාර්තා වෙනවා.

විදුලිබල ක්ෂේත්‍රය පිලිබඳ තීන්දු තීරණ අදාල ආයතනවලින් පරිබාහිරව වෙනත් අමාත්‍යාංශවල මැදිහත් වීමෙන් ගනු ලබන එකම රට ලංකාව විය යුතුයි. පිටරැටියන්ගෙන් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන සහ ව්‍යාපාරිකයින්ගේ මැදිහත් වීම් මගින් මේ ක්‍රියාදාමය සිදුවන අතර අමාත්‍යාංශ නිලධාරීන්ගේ අනවබෝධය සහ වගකීම පැහැර හැරීමත්, තත්වය පාලනයකින් තොර වෙන්න හේතු වෙලා තියෙනවා.

මේ 70% ප්‍රතිපත්තිමය තීරණය විදුලිබල පනතට අනුව හරියාකාර ව නිළ වශයෙන් ලං.වී.ම. වෙත දැනුම් දෙනු ලැබුව හොත් ඒ ඔස්සේ සියලු ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමට ලං.වී.ම. නිලධාරීන් බැඳී සිටිනවා. නමුත් එම තීරණවලින් ඇතිවන ඵල විපාක වල සම්පුර්ණ වගකීම්ද එම තීරණගත් පුද්ගලයින් සහ කණ්ඩායම් විසින්ම භාරගත යුතුය. මේ මාධ්‍ය නිවේදනයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එය රටේ මහජනතාව වෙත දැනුම් දීමයි.

ඉතින් මේ කියන 70%ක ඉලක්කයයි දැනට ඔබ යෝජනායි අතර තියෙන ප්‍රධාන වෙනස මොකද්ද?

රටේ තියෙන සහ ඉදිවෙමින් පවතින ලක්ෂපාන, මහවැලි වගේ මෙ.වො. 1565 ක ප්‍රමාණයක ස්ථාවර විශාල ජල විදුලි බලාගාරත් වැටෙන්නේ පුනර්ජනනීය විදුලි ගණයට. දැනට මේ විශාල ජල විදුලි බලාගාර වලින් දල වශයෙන් අවුරුද්දකට 30% වගේ ප්‍රමාණයක් විදුලි ඒකක ප්‍රමාණයක් ලබාදෙනවා. මෙවැනි විශාල බලාගාර සියල්ලම පාහේ සාදා අවසන් නිසා පද්ධතියේ ඉල්ලුම වැඩි වන විට 2030 වසරේ දී මේ මෙ.වො. 1565 ප්‍රමාණයම සහ විදුලි එ්කක ප්‍රමාණය එසේම තිබ්බත්, එම ඒකක ප්‍රමාණය ප්‍රතිශතයක් විදියට 20% කට වගේ අඩුවෙනවා. (අවුරුදු 4 කට පමණ වරක් එන නියඟයක් සහිත වසරක මේ ප්‍රමාණය තවත් අඩුවන්න පුළුවන්). ඒ කියන්නේ මේ 2030 දී 70% ක් පුනර්ජනනීය විදුලිය ලබාගන්න නම් 50% ප්‍රමාණයක් පාලනය කල නොහැකි, නිතර වෙනස්වන සුර්ය සහ සුළං බලයට යන්න වෙනවා. (20% ස්ථාවර ජල විදුලිය + 50% අස්ථාවර විදුලිය = 70% පුනර්ජනනීය විදුලිය). මෙන්න මේ 50% ක අස්ථාවර විදුලියක ඉලක්කයකට අවුරුදු 8-9 ක් වැනි කෙටි කාලයක දී යාම තමයි මෙතන තියෙන ගැට‍ළුව. එතැනදී අපිට දැනට තියෙන සහ පසුගිය අවුරුදු 10 තුල ගොඩනැගුණ මෙ.වො. 460 වන සුර්ය විදුලිය අවුරුදු නමයක් ඇතුළත මෙ.වො. 4000 දක්වාත්, මෙ.වො. 248 පමණ වන සුළං විදුලිය මෙ.වො. 1500 දක්වා ද වැඩි කරන්න සිදු වෙනව.

ලෝකයේ බහුතරයක් රටවලට තියෙන්නේ වසර 2050 දී කාබන් ශුන්‍ය බලශක්තියකට යාමේ ඉලක්කයක්. නමුත් අතීතයේ ලෝක පරිසරය විනාශ කරපු සමහර ධනවත් රටවල් කිහිපයකට 2035-45 වගේ ඉලක්කත් තියෙනවා. මොකද ඔවුන්ට හරිතාගාර වායු අඩුකරන්න කියල ජාත්‍යන්තර වශයෙන් විශාල පීඩනයක් එල්ල වෙනවා. ඒත් මේක වියදම් අධික අසීරු කාර්යක් නිසා සිංගප්පුරුව වගේ රටවල තියාගෙන ඉන්නේ ‘2100 ට පෙර’ වගේ ඉලක්ක කියන එකත් අපි දැනගන්න ඕනි. ඉන්දියාව තාම ඒ ගැන කල්පනා කරනවා, ඉලක්කයක් කියලම නෑ. අපි ඉතා කුඩා රටක් උනත්, ලෝක පරිසරේට අපෙන් වෙන බලපෑම ඉතාම අල්පයක් උනත් බහුතරයක් රටවල් සමඟ 2050 දී මේ ගමනට ඉලක්කයක් තියාගන්න එක හොඳයි.

ඒ අනුව අපේ විදුලි සැලසුම් වල තියෙන්නේ 2050 දී 100% ක්‌ම පුනර්ජනනීය විදුලියට ක්‍රමානුකුලව යාමේ අභිලාෂයක්. ඒ ගමනෙදි 2030 වෙනකොට 50% කට ආසන්න පුනර්ජන්නිය ඉල්ලක්කයකට යන්න බලාපොරොත්තු වෙනවා. මේ 50% කට ආසන්න පුනර්ජනනීය ඉලක්කයට යාමට නම් 2030 වසර වන විට මෙ.වො. 2800ක් සූර්ය විදුලියත් මෙ.වො. 1100ක ප්‍රමාණයක සුළං බලාගාරත් හදා ගන්න අවශ්‍යයි.

මේක තාක්ෂණිකව කරන්න බැරි දෙයක්ද? එහෙම නැත්නම් අපේ ඉංජිනේරුවන්ගෙ ඒ ගැන දැනීමේ මදිකමක්ද ? මොකද නිකන්ම ලැබෙන හිරු එලියෙන් සුළං බලයෙන් මුළු රටේම විදුලිය නිෂ්පාදනය කරල ඉන්ධන වලට යන විදේශ විනිමයත් ඉතුරුකරන් පරිසරයත් රැකගැනීම ඉතා ඉකමනින්ම කරන එක හොඳයිනෙ. නෑ, බෑ නොකියා ඒ ගැන ක්‍රියා කිරීම ඔබේ රාජකාරිය නේද?

70% ක් නොවෙයි ලංකාව 100% ම පුනර්ජනනීය විදුලියෙන් උනත් දුවන්න මේ පද්ධතිය හදන්න අවශ්‍ය දැනීම අපිට තියෙනවා. 70% හෝ 100% ඉලක්කය හුදු තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි, 2030 කියන අනවශ්‍ය කඩිමුඩි උප ඉලක්කය තමයි ප්‍රශ්නේ.

ඒ ඔරොත්තු නොදෙන කඩිමුඩිය නිසා ඇතිවෙන ප්‍රශ්න ගණනාවක් අතරින් සරල උදාහරණයක් දෙකක් පමණක් කියන්න පුළුවන්.

70% ඉලක්කයට යන්න 2030 වෙන කොට මෙ.වො. 4000ක සූර්ය බලය හදා ගන්න ඕනිනේ. වහල මත සූර්ය පැනල සවිකරලා විතරක් මේ කඩිමුඩි ඉලක්කයට යන්න බෑ. ඉක්මනින් යන්න උතුරු නැගෙනහිර වගේ ඈත පළාත්වල මුඩු ඉඩම්වල මෙ.වො.100-200 වගේ තනි විශාල සූර්ය බලාගාර ගොඩක් ඉතා වේගෙන් හදන්න වෙනවා. ඒ වගේම මේ ඈත තියෙන සුර්ය විදුලිය රටේ අනිත් ප්‍රදේශ වලට අරන් යන්න විශාල ප්‍රමාණයක කි.වෝල්ට්. 400 අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග හදන්න වෙනවා. 70% කට ගියොත් දවල් කාලයේ පෙ.ව. 11.00 සිට ප.ව. 2.00 වගේ කාලය තුල ලැබෙන උපරිම සුර්ය විදුලිබල ප්‍රමාණය අපේ කුඩා පද්ධතියට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉතා වැඩියි. ඒ නිසා යම් ප්‍රමාණයක් රෑට භාවිතයට ගන්න බැටරි වල ගබඩාකරන්න වෙනවා. මේ සඳහා මෙ.වො. 1000-1500 වඩා ප්‍රමාණයක් බැටරි අවශ්‍ය කරනවා. ඒ වගේම මේ වගේ විශාල ප්‍රමාණයෙන් විචල්‍යවන විදුලිය ලබාගන්න නම් පද්ධතියේ ස්ථාවර බව රැකගන්න තවත් නොයෙකුත් උපකරණ සවි කරන්න වෙනවා. පද්ධති පාලනය ඉතා සංකීර්ණ වන නිසා පාලනය පහසුකිරීමට තොරතුරු තාක්ෂණික මෙවලම් සහ පද්ධති සඳහා ද වියදම් කරන්න වෙනවා . ඒ විතරක් නෙවෙයි සුළඟ සහ හිරු එළියේ වෙනස් වීමට අනුරූපව ධාරිතාව ඉක්මනින් වෙනස් කළ හැකි, ඉන්ධන වියදම අධික ගෑස් ටර්බයින් බලාගාරත් ඉදි කරන්න වෙනවා. ඒ කියන්නේ මේ මෙ.වො.4000 සූර්ය විදුලිය ලබාගන්න අවුරුදු කීපයක් ඇතුලත මේ සියළු දේ කරන්න ඩොලර් බිලියන 4 – 5 ක් (රුපියල් බිලියන 1,000 ක් පමණ) පිටරටට යවන්න වෙනව. ඒ වියදම දරන්න වෙන්නෙ රජයට. මෙ.වො. 4000 සුර්ය බලාගාර ලංකාවේ පුද්ගලික අංශයෙන් කලොත් මේ කෙටි කාලය ඇතුලත ඩොලර් බිලියන 2.5 – 3.0 ක වගේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. විදේශ සංචිත නැතිව අත්‍යවශ්‍ය ආනයන පවා නතර කරලා තියෙන මේ මොහොතේ මේ වියදම රටට දරන්න පුළුවන්ද ?

ඒ වගේම කි. වෝල්ට්. 400 අධි වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ගයක් හදන්න කිලෝ මීටර ගණනාවක් දුරට අඩි 150ක විතර පළල, උස ගස් හෝ ඉදිකිරීම් නොමැති කොරිඩෝවක් අවශ්‍ය වෙනවා. අද ජනතාවට ඉන්න හිටින්න වත් ඉඩකඩම් මදිව ඉන්න මේ රටේ පරිසර අනුමැති සහ මහජනතාවගෙන් කැමැත්ත අරන් ප්‍රශ්න ඇතිවුණාම උසාවිත් ගිහින් කි.වෝල්ට්. 33 වෝල්ටීයතා කුඩා සම්ප්‍රේෂණ මාර්ගයක් හදන්නත් සැහෙන කාලයක් යනවා. ඉතින් කි. වෝල්ට්. 400 අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග ජාලයක් අවුරුදු 5-9 ත් අතර හදා ගන්නවා කියන්නේ හීනයක් විතරයි. සල්ලි තියෙන ඇමරිකාවටත් අද ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.

ඔය කියන විශාල සූර්ය බලාගාර සඳහාත් විශාල ඉඩම් ප්‍රමාණයක් ඕනිනේ. ඒ ඉඩම් සොයාගෙන මූලික අවශ්‍යතා සැපයීම පිලිබඳ වගකීම තියෙන්නේ සුර්යබල , සුළං සහ ජල විදුලි ව්‍යාපෘති පිළිබඳ රාජ්‍ය අමාතංශය යටතේ ඇති සුනිත්‍ය බලශක්ති අධිකාරියට. දැන් මේ අධිකාරියෙන් අවුරුදු ගණනාවක සිට සියඹලාන්ඩුව ප්‍රදේශයේ මෙ.වො. 100ක සූර්ය බලාගාරයක් ඉදිකිරිම සඳහා අක්කර 500ක ඉඩමක් ලබාගන්න හේන් ගොවියන් සමඟ ඔට්ටු වෙමින් ඉන්නවා. ලං.වී.ම. බලාගාරයට ටෙන්ඩර් කැඳවන්නේ මේ ඉඩම හරියට පවරා ගත්තාට පස්සේ. අධි-වෝල්ටීයතා සම්ප්‍රේෂණ මාර්ග , මාර්ග පහසුකම් සැපයීමද රජයේ වියදමින් කල යුතු වෙනවා. මේ සියල්ල සඳහා ඔවුන් තවත් කෙතරම් කාලයක් ගනීද කියන එක තවම ගැටලුවක්. 2030 දී 70% ඉලක්කෙට යන්න නම් එක අවුරුද්දකට මේ වගේ බලාගාර 4ක් වත් හදා ගන්න අවශ්‍යයි.

පලවෙනි විශාල සූර්ය බලාගාරයට වත් අවුරුදු ගානක් තිස්සේ අක්කර 500ක ඉඩමක් සකස් කර ගන්න බැරි මේ ආයතන හා අමාත්‍යංශ එක්ක මේ වගේ ඉලක්කයකට යෑම කොයි තරම් ප්‍රායෝගික ද?

ඉතින් මෙතන තියෙන්නේ තාක්ෂණික ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ආර්ථික තත්වය , අවශ්‍ය විදේශ විනිමය ආදිය ගැන අල්ප මාත්‍ර දැනීමක් හෝ ඉදිකිරීම් ව්‍යාපෘතියක කිසිදු ප්‍රායෝගික අත්දැකීමක් නොමැති පුද්ගලයින් හා ව්‍යාපාරිකයින් කීප දෙනෙකුගේ ප්‍රායෝගික නොවන සිහින සැලැස්මක් ලං.වී.ම මත බලෙන් පැටවීම පිළිබඳ ප්‍රශ්නයක්.

එහෙනම් මේ සූර්ය සුළං බලය පද්දතියට එකතු කර ගැනීමට සුදුසු ඔබ යෝජනා කරන ක්‍රමය මොකද්ද ?

ලංකාවේ හොඳම සුළං බලය තිබෙන්නේ පුත්තලමේ සිට කන්කසන්තුරය දක්වා වෙරළ තිරයේ. ඒ වගේම ලංකාවේ කාන්තාර නැතිනිසා ලොකු සූර්ය බලාගාර හදන්න හේන් ගොවිතැනටවත් ගන්න බැරි මුඩු ඉඩම් තියෙන්නෙත් සීමිත ප්‍රමාණයක්. මහජන විරෝධ නොමැති ජලාශ කීපයක සුර්ය බලාගාර සවිකරන්න පුළුවන්, නමුත් වියදම 30% කින් වැඩියි. ඉතින් මේ තිබෙන සීමිත සම්පතේ උපරිම ප්‍රමාණය අපි ගන්න ඕන. ඒ වගේම සුර්ය සහ සුළං විදුලි තාක්ෂණය වේගෙන් දියුණු වෙනවා. එත් එක්කම අනාගතයේදී ඒවා අපේ රටට දරා ගත හැකි අඩුමිලකට එනවා. ඉතින් අපි යොදාගන්න ඕනේ දියුණුවන තාක්ෂණයේත් අඩුවෙන මිලෙත් උපරිම ඵල නෙලා ගන්න පුළුවන් ක්‍රමානුකුල සැලැස්මක්.

එහිදී මුලින් අපි දැනට තිබෙන විදුලි පද්ධතියේ විශාල වැඩි දියුණු කිරීම් අවශ්‍ය නොවන සූර්ය බල ප්‍රමාණය ඉතා ඉක්මනින් පද්ධතියට එකතු කරගන්න ඕනි. මොකද ඒ වැඩේට අපි විශාල ආයෝජනයක් කරන්න ඕනි නෑ නේ. හොඳම උදාහරණය තමයි දැනට මෙ.වො. 370 පමණ තියෙන වහල මත තියෙන සුර්ය පද්ධති තවත් දියුණු කිරීම. මේ වනවිට ඇතැම් නාගරික ප්‍රදේශවල පද්ධති (ට්‍රාන්ස්ෆොර්මර්) ධාරිතාව ඉක්මවා ගියත් නගරබද නොවන ප්‍රදේශවල තවත් බොහෝ ප්‍රමාණයක් එකතු කර ගන්න පුළුවන්. දැන් ඔය විදුලිබල මණ්ඩලය මගින් නගරයෙන් බැහැරව ඉඩකඩ තිබෙන ට්‍රාන්ස්ෆෝමර් වලට කි.වො. 75 ප්‍රමාණයේ කුඩා සූර්ය බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවා තියෙන්නේ ඊළඟ පියවර වශයෙන්. මහා පිනුම් පනින්න කලින් මෙ.වො. 10-30 වගේ සාමාන්‍ය ප්‍රමාණයේ ඒවා කරලා අත්දැකීම් ලබාගන්න ඕනි.

මේ කාලය තුල සමගාමී ලෙස විශාල ප්‍රමාණයේ සුර්ය බලාගාර සඳහා අවශ්‍ය සම්ප්‍රේෂණ මාර්ග වගේ යටිතල පහසුකම් ඉදිකරන්න පුළුවන්. මෙහිදීත් සූර්ය බලාගාරයක් සඳහාම කියල අධික වියදමක් දරල සම්ප්‍රේෂණ මාර්ග තැනීමත් අපේ වගේ රටකට ආර්ථිකමය වශයෙන් ඔරොත්තු දෙන්නේ නෑ . මොකද සුර්ය බලාගාරයක උපරිම ධාරිතාව ලැබෙන්නේ දවසට පැය තුන හතරකදී විතරයි. එ්ක හරියට විශාල මුදලක් වැය කරලා අධිවේගී මාර්ගයක් හදල දවසට පැය තුන හතරක් ඇරලා තිබ්බ වගේ වැඩක් නේ. ඉතින් වඩාත් සුදුසු වෙන්නේ පැය 24ම දුවන තාප බලාගාරයක් හෝ සුළං බලාගාරයක් එක්ක හවුලේ මේ සම්ප්‍රේෂණ මාර්ග භාවිතා කිරීම.

අති විශාල ප්‍රමාණයේ සුර්ය බලාගාර වලට යායුත්තේ අවසාන පියවර වශයෙන්. සූර්ය මෙ.වො. 4000 සහ සුළං මෙ.වො. 1500 සඳහා පමණක් ඩොලර් බිලියන 5.5ක විතර ආයෝජනයක් කරන්න වෙනවා. කලබලේ ඒ කියන්නේ අවුරුදු 8-9 කින් කරන්න ගියොත් මේ ව්‍යාපෘති සඳහා දේශීය ආයෝජකයන්ට ඇතුළු වෙන්න ශක්තියක් නෑ . නමුත් ක්‍රමානුකුල ගමනක් ගියොත් ඒ කාලය ඇතුලත දේශීය ව්‍යාපාරිකයොත් විශාල ප්‍රමාණයේ බලාගාරයකට ආයෝජනය කරන මට්ටමට දියුණු වෙලා තියෙයි. අපි කලබලේ මුලින්ම විශාල බලාගාර හදන්න ගියොත් ශක්තිමත් විදේශීය ආයෝජකයින්ට ඉතා වැඩි අවස්ථාවක් තියෙනවා මේ ව්‍යාපාර අයිති කර ගන්න. මේ අනවශ්‍ය කඩිමුඩිය නිසා අන්තිමේදී ලංකාවේ ජනතාව සතු ස්වාභවික හිරු එළියේ සහ සුළං වල වාසිය යන්නෙත් විදේශිකයින් අතට.

ඒත් ඔහොම අසීරු ඉලක්කයක් තියාගෙන මේ ගමන ගියොත් 2030 වෙත්දි 70% බැරිනම් ඔබ කියන 50% ක සීමාවට හරි ලඟා වෙලා තියෙයි නෙ. ඒ නිසා මේක විශාල ප්‍රශ්නයක් නෙවෙයිනෙ.

නෑ මෙතන තමයි විශාලම ප්‍රශ්නේ තියෙන්නේ. ලං.වී.ම ඉදිරි අවුරුදු 20 කට දිගු කාලීන අඩු වියදම් විදුලි ජනන සැලැස්ම හදනවා. ඒක සෑම අවුරුදු දෙකකට වරක් යාවත්කාලීන කරනවා. අපි අවසාන වතාවට මේ සැලැස්ම හැදුවේ 2018දී. ඊට පස්සේ තාම සැලැස්මක් හදාගන්න බැරිව ඉන්නවා මොකද මේ කෙටි කාලය ඇතුලත රජයේ ප්‍රතිපත්තිය 4 වතාවක් වෙනස් වෙලා තියෙන නිසා. දැන් මේ කියන “2030 දී 70% ක පුනර්ජනනීය විදුලිය” කියන ප්‍රතිපත්තිය ගැසට් කරලා නීත්‍යනුකුලව අපිට දැනුම් දුන්නොත්, ඒ අනුව අපිට දැනට සැලැස්මේ 2030 දක්වා තියෙන මෙ.වො. 950 ප්‍රමාණයක අඩු වියදම් තාප බලාගාර සැලැස්මෙන් ඉවත්කරන්න වෙනවා. එත් එක්කම ඒ බලාගාර සඳහා කරන ඉඩම් සොයාගැනීම්, නැවත පදිංචි කිරීම් , ශක්‍යතා අධ්‍යන , පරිසර අධ්‍යන වගේ වැනි මුලික කටයුතුද සම්පුර්ණයෙන් නවතා දමන්න වෙනවා. ඒවා අධික කාලයක් යන කටයුතු. ඉතින් 70% පුනර්ජනනීයට යන්න ගිහින් වැඩේ අමාරුවෙලා මගින් නැවතුනාට වැඩේ ගොඩ යන්නේ නෑ . ආයේ පායල ලයිට් කපන්න උනාම මේවා තේරුම් අරන් අපි එහෙනම් අර නවතපු බලාගාර ඉක්මනින් හදමු කිව්වට ඒක එහෙම අඩු කාලයකින් කරන්නත් බෑ. අඩු කාලයකින් කරන්න පුළුවන් එකම විසඳුම තමයි ලයිට් කැපිල්ල නැත්තනම් අධිමිල හදිසි විදුලිය. මේ වැඩේ දැන් කීපාරක් නම් උනාද. 2016 දී තිබූ රජය තීරණය කලා 2030දී 100% ක්‌ම පුනර්ජන්නියට යනවා කියල. ගැසට් ගැහුවේ නම් නෑ. එත් මෙ.වො. 500 සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් නැවැත්තුව. ප්‍රතිඵලේ ආවේ 2019 දී. ඔබට මතකයි ද 2019දී ලයිට් කැපුවා? පාස්කු ප්‍රහාරෙයි කොවිඩ් ප්‍රශ්නෙයි නිසා විදුලි ඉල්ලුම අඩු නොවෙන්න තාමත් හදිසි අධි වියදම් ඩීසල් විදුලියේ පිහිට තමයි.

හාල්, පරිප්පු කිසිදා රටින් ගේන්නේ නෑ වගේ ප්‍රතිපත්තියක් නම් අමාරුවේ වැටීගෙන එනකොට එක දවසින් තීරණය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම සතියෙන් හාල් නැව ආවම ප්‍රශ්නේ ඉවරයි. එත් මේ විදුලි ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් ඇති කර ගත්තොත් ගොඩ එන්න සෑහෙන්න කාලයක් යනවා. ආර්ථිකයට වාර්ෂිකව වෙන පාඩුව රුපියල් බිලියන 200-300 වගේ සීමාවක තියෙන්නේ.

එහෙනම් මේ මුළු ලෝකෙම සුළං සහ සූර්ය විදුලියට යනව කියන්නෙ ?

ඔව් යනවා තමයි. ඒත් තම තමාට ඔරොත්තු දෙන වේගෙන් තමයි යන්නේ. මේ අතරින් කඩිමුඩියේම යන්න හදන්නේ වසර සියගනනක් ලෝක පරිසරය විනාශ කරපු යුරෝපයේ ධනවත් රටවල් . ඒත් ඒ නිසාම ඒ රටවල පාරිභෝගික විදුලි මිල දෙතුන් ගුණයකින් ඉහළ ගිහින්.

” සුළං සූරය වගේ ප්‍රභව වලින් විදුලිය 40-50% වගේ අධික ප්‍රමාණයක් ලබාගන්න ජර්මනිය, ඩෙන්මාර්කය, දකුණු ඕස්ට්‍රේලියව වගේ රට වල/ ප්‍රාන්තවල තමයි අද ලෝකයේ ඉහලම පාරිභෝගික විදුලි මිල තියෙන්නෙ”

මොකද හිරු එලිය ,සුළඟ නොමිලේ ලැබුනත් ඒවා ගන්න පද්ධතියේ වැඩි දියුණුවට අර මුලින් කිව්වා වියදම් කරන්නම වෙන නිසා අවසාන වියදම වැඩියි. අනික යුරෝපයේ රටවල් සුළං සහ සූර්ය විදුලියට යන්නේ ලෝක පරිසරය සුරකින්නමත් නෙවෙයි. ඔවුන්ට ඕන රුසියාවේ ස්වාභාවික වායු මත යැපීමෙන් මිදෙන්න.

එමනිසා තමයි දියුණු වෙමින් පැවතුනත් අපිට වඩා යහපත් ආර්ථික තත්වයන් තියන ඉංදියාව, බංගලිදේශය, පකිස්ථානය වගේ රටවල් 2040 දි 30%-40% වගේ ප්‍රායෝගික පුනර්ජනනීය ඉලක්ක ප්‍රකාශයට පත්කරල තියෙන්නෙ.

දැන් ඔය සමහරු කියන විදියට අධික වේගයෙන් සුර්ය විදුලියට ගිහිල්ල ඉන්ධන වලට යන වියදම ඉතුරු කරගන්න කඩිමුඩියක් මේ රටවලට නැත්තේ මොකද කියල ගැඹුරින් සිතා බලන්න වටිනවා නේද?

අපි වගේ දියුණු වෙමින් පවතින ඒ වගේම වෙනත් රටකට සම්ප්‍රේෂණ මාර්ග වලින් සම්බන්ධ නැති හුදකලා පද්ධතියක් සහිත කිසිදු රටක් 2030 දී 70% ක් වගේ කඩිමුඩි ඉලක්ක නම් තියාගෙන නෑ. ඔබටත් පුළුවන් මේක අන්තර්ජාලයෙන් සොයා බලන්න.

ඒ උනාට විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවො ඩීසල්, ගල් අඟුරු විදුලියෙන් කොමිස් ගහන්න ඕනි නිසා පුනර්ජනනීය විදුලියට අකුල් හෙලනව කියල චෝදනාවක් තියනවනෙ?

අපේ දිගුකාලින ජනන සැලැස්ම හරියට ක්‍රියාත්මක වෙනවානම් ඩීසල් විදුලියක් තියෙන්න බෑ. ව්‍යාපාරිකයින්, දවල් හීන දකින්නනන්, දේශපාලකයින් සහ NGO අනුග්‍රහයෙන් අඩු වියදම් බලාගාර කලට වෙලාවට ඉදිකිරීම කඩාකප්පල් කරාම තමයි හදිසි හෝ ඩීසල් විදුලියට යන්න වෙන්නේ. වැඩේ කියන්නේ ඔවුන්ගේ ක්‍රියා තුලින්ම වැඩිමිල ඩීසල් විදුලිය ආවම, ඩීසල් විදුලියෙ මිල පෙන්නලා ඒ අය විකුණන විදුලියටත් ඒවගේ මුදලක් ඉල්ලනවා.

පුනර්ජනනීය විදුලි ක්ෂේත්‍රයට ආයෝජකයින් ගෙන්න ගන්න මුල වකවානුවේ දී ටෙන්ඩර් කැඳවන්නේ නැතිව වැඩි මිලක් ගෙවනවා. ඒක සෑම රටකම පහේ කරන දෙයක්. ආයෝජකයින් යම් මට්ටමකට අවට පස්සේ තරගකාරී ටෙන්ඩර් වලට යන්නේ එයින් ලැබෙන වාසිය මහජනතාවට ලබා දෙන්න ඕන නිසයි. මුලින් සුළං, සූර්ය විදුලි ඒකකයකට රු. 22 වගේ ලොකු මිලක් ගෙව්වා. එත් දැන් ටෙන්ඩර් මගින් සූර්‍ය බලයෙන් ඒකකයක් රු 12 -15 සහ සුලං බලයෙන් ඒකකයක් රු. 9 -10 ට වගේ ගණන් වලට අඩුවෙලා. මේ ටෙන්ඩර් දැමිල්ල තමයි ඔය අකුල් හෙළනවා කියන්නේ. අපි මේ හැමෝටම වැඩිය පුනර්ජනනීය විදුලියට කැමති නිසානේ මන්නාරමේ මෙ.වො. 100ක විශාලතම සුළං බලාගාරය හැදුවේ. ඒ බලාගාරයෙ ඒකකයට වැය වෙන්නේ රුපියල් 8 යි.

දැන් මේ 2030 වගේ දරන්න බැරි ඉලක්ක වලට විදුලි බල මණ්ඩලය කොටුකිරීමේ ප්‍රධාන යටි අරමුණ තමයි ඉක්මනින් මේ ඉලක්ක වලට යන්න, ආයෝජකය දිරිගන්වන්න කියල ටෙන්ඩර් නැතිව ලොකු මුදලක් ගෙවන්න කියන එක. දැනටමත් ඊට අවශ්‍ය නීති රීති රහසේ සැකසෙමින් පවතිනවා.

අඩු වියදම් බලාගාර ඉදිකිරීම හරිම අමාරු වෙහෙසකර කාරියක්. ඉතින් එහෙම කොමිස් ගහල අයථා ලෙස හම්බ කරන්න ඕනි නම් මොකටද මේ දුක් මහන්සි වෙලා අඩු වියදම් බලාගාර හදන්න ඔට්ටු වෙන්නෙ, අපටත් පුළුවන්නේ ඔය සමහරු කරනවා වගේ පරිසර හිතකාමී ලෙස පුනර්ජනනීය විදුලියෙන්, ගසා කන්න. සල්ලි තාප විදුලියෙන් ආවද සූර්ය විදුලියෙන් ආවද කියල වෙනසක් නෑ නේ. පොඩි දෙයයි කරන්න තියෙන්න. ටෙන්ඩර නැතිව සමහර දේශපාලකයින් කියන ගණනකට ඒ අයගේ හිත මිතුරන්ගෙන් සූර්ය විදුලිය ගන්න එකයි. ඉංජිනේරුවන්ට විදුලි මාෆියාව කියල කරන චෝදනාව ආයේ අහන්නවත් නැති වෙයි.

එතකොට මොකක්ද මේ මාෆියාව ?

අව්වෙන් සුළඟෙන් විදුලිය හදනවා කියන වැඩේට අපි හැමෝම හරිම ආසයි නේ. එක කරන්න ඕනි දෙයක් තමයි. ඒත් අවාසනාවකට මේ රටේ පුනර්ජනනීය විදුලිය කියන එක සමහරුන්ට ජනතාව රවට ගන්න හරීම ආකර්ශනීය මාතෘකාවක් විතරයි. මේක යට තියෙන ජුගුප්සාජනක ක්‍රියාවලිය බොහෝ දෙනෙක් දන්නේ නෑ. එක එළි කරන්න හදන හැමෝටම සෑහෙන ප්‍රහාරයක් වදිනවා.

දැන් තියෙන දේශපාලන ක්‍රමේ අනුව ඡන්දයකින් දිනන්න ප්‍රචාරක කටයුතුවලට එක් පුද්ගලයෙකුට මිලියන සිය ගණනක් ඕනි වෙනවා. ඉතින් මේ පුනර්ජනනීය විදුලියේ ඉන්න සමහර ව්‍යාපාරිකයින් ආයෝජනයක් හැටියට මේ දේශපාලන පක්ෂ , පුද්ගලයින්ට මේ සඳහා මුදල් ලබා දෙනවා. පක්ෂ භේදයකින් තොරව සමහර දේශපාලකයින් මේ පුනර්ජනනීය විදුලිය ව්‍යාපාරයේ කෙලින්මත් යෙදී සිටිනවා. ඉතින් මේ අයගේ සැබෑ අරමුණ පරිසරය සුරකින්නවත් පුනර්ජනනීය විදුලිය නගාසිටුවිමවත් නෙවෙයි විදුලි බල මණ්ඩලය හරහා භාණ්ඩාගාරේ තියෙන ජනතා මුදල් කොල්ලකෑමයි. සෑම ආණ්ඩුවක් ම පත් වුන අලුත ඒ ක්ෂේත්‍රවල ඉන්න විද්වතුන්ට කන් දෙනවා, එත් ටිකක් පරණ වෙද්දී විද්වත් යෝජනා විසි කරලා තමා සමඟ ඉන්න ව්‍යාපාරිකයින්ගේ යෝජනා ක්‍රියාත්මක කරනවා. නැත්නම් කොහෙන්ද ඊළඟ ඡන්දයට මුදල් හොයා ගන්නේ. මේ කරුණ මුලින් ම වටහා ගත්ත නිසා වෙන්න ඇති වර්තමාන විදුලිබල ඇමතිතුමා වැඩ පටන් ගත්ත පලවෙනි සතියෙම ‘විදුලි මාෆියාව තියෙන්නෙ දියවන්නාවේ’ කියල ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කලේ.
අවසාන වශයෙන් අපිට අහන්න තියෙන්නේ ඔබට නිකමට හිතෙන්නේ නැද්ද මේ

“2030 දී 70% ක් පුනර්ජනනීය විදුලිය” වැනි ආකර්ශනීය පාඨ හරහා විදුලියෙන් පමණක් ජර්මනිය පරාද කරන්න හදන අපි අනෙකුත් අංශවලිනුත් ජර්මනිය පරාද කරන්න “

” 2030 දී බර්ලිනය හා සමාන භූගත විදුලි දුම්රිය පද්ධතියක් කොළඹට” ,

” 2030 දී සෑම පුද්ගලයෙකුට ම දුම්රියේ බස් රියේ ආසනයක්”,

” 2030න් පසු කිසිදු ගෘහ සේවිකාවක් මැද පෙර දිග නොයවමු”,

” 2030 දී හදවත් රෝගී සැත්කම් පොරොත්තු ලේඛනය දවස් 3 කට අඩු කරමු”

වගේ අපි හැමෝටම වැදගත් ඉලක්ක වලට යන්නේ නැත්තේ ඇයි කියල?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය

Eng. Anil Ranjith – The new President of CEBEU for the term 2021/2022

The Annual General Meeting of CEBEU for the term 2021/2022 was held on the 8th of February 2022 at Grand Ballroom of Water’s Edge Hotel Battaramulla. The AGM notice was read by the Jt. Secretary followed by the President’s Report and Treasurer’s accounts reports.

The outgoing President Eng. Saumya Kumarawadu asked the membership to appoint a Pro-Tempo President to continue the proceedings and Eng. Rohan Senevirathne (AGM-DD4) was proposed and seconded by the membership.

Eng. Rohan Senevirathne accepted the nominations for the new President for the term 2021/2022 and Eng. Anil Ranjith was unanimously appointed as the new President of the CEBEU for the term of 2021/2022. Eng. Nimal Silva was nominated and appointed unanimously by the house as the Vice-President. Eng. Dhammike Wimalarathne retained his position as one of the Jt. Secretaries and Eng. Eranga Kudahewa was appointed as the other Jt. Secretary. Eng. Vijayantha Weerasekara was appointed as the Treasurer of CEBEU term 2021/2022.

Eng. Shantha Perera was appointed as the Editor of CEBEU for the term 2021/2022 and Eng. Charitha Dayarathne (retaining the post for another year) and Eng. Isuru Kasthurirathne were appointed as Jt. Front Representatives of CEBEU term 2021/2022. Eng. Sudantha Hewage was appointed as the transfer board representative whilst Eng. Sisira Dissanayake and Eng. Thilina Dhanushka Guluwita retained their posts for another year as Mechanical Representative and Web Editor respectively of CEBEU for the term 2021/2022. Eng. Chathura Gunawardane was appointed as the Civil representative of CEBEU.

CEBEU extends their heartiest gratitude to the outgoing Head Table and the Executive Committee for their immense commitment towards the betterment of Electrical Engineers of CEB during the most difficult period of almost 18 months of their term where they not only had to battle with the Covid-19 pandemic but also had to face the crucial issues with the government, the board and as well as the top management of CEB.