විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පැවසුවේ, එම කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත බව ය.
එම කමිටුවේ සභාපතිත්වය දරන්නේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එස්. විරිතමුල්ල මහතා ය.
විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු ද අදාළ පංච පුද්ගල කමිටුවට අයත් ය.
ඉන්ජිනේරුමය නොවන කාර්යයන් සිදු කරන විදුලිබල මණ්ඩල සේවකයින්ගේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් ද කමිටුවේ විශේෂ අවධානයක් යොමුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ය.
වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් විදුලි සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය ඊයේ පස්වරුවේ තාවකාලිකව අවසන් කළහ.