NEWS 1st – විදුලි ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

COLOMBO (News 1st) – ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

එහි සභාපති සෞම්‍ය කුමාර වඩුගේ මහතා සඳහන් කළේ, අද සවස 4.15 සිට අකුරට වැ‍ඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ය.

සෞම්‍ය කුමාර වඩුගේ මහතා පැවසුවේ, වසර කිහිපයක සිට විදුලි බලාගාර ඉදිකිරීමේ කිසිදු සැලැස්මක් නොමැති බව ය.

මේ හේතුවෙන් විදුලි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, වගකිවයුතු බලධාරීන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ ද ඒ සඳහා මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව ය.

විදුලි ඉංජිනේරුවන් අද සිට අකුරට වැඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *