ඇමරිකානු සමාගමේ අවශ්‍යතාව බලාගාරයේ 40 % ලබා ගැනීම නෙවෙයි – ලංවිම ඉංජිනේරු සංගමය

මේ පිළිබඳ News1st පුවත් වාර්තාව මෙතනින් නරඹන්න. (https://youtu.be/UPvmtQ34oAQ?t=829)
”මේ නැව ගන්න එකයි, පයිප්ප ටිකයි දාන එක 5% ක්. 90% ක් 95% ක් තියෙන්නේ අපි ගන්න තෙල් ප්‍රමාණයත් එක්ක සැලකුවාම අර අපි මධ්‍ය කාලීන හෝ දීර්ඝ කාලීන එහෙම නැත්නම් ස්පොට් මාර්කට් එකෙන් මේ LNG මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුවේ තමයි මෙතන බිස්නස් එක තියෙන්නේ. මේක ඇමරිකානූ සමාගම දන්නවා”
අදාළ සමාගම මෙහි යටිතල පහසුකම් ක්‍රමානුකූලව ඔවුන් යටතට ගනිමින් පර්යන්ත 10 ක් 15 ක් හදන මුදල් උපයා ගනු ඇතැයි, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
”ඒ නිසා තමයි ඒ ගොල්ලෝ ක්‍රමානූකූලව මේ යටිතල පහසුකම් ඒ ගොල්ලෝ යටතට අරගෙන ඊට පස්සේ ඒගොල්ලෝ එයාලට ඕනි විදිහට මේ පර්යන්ත 10 ක් 15 ක් හදන සල්ලි හම්බකර ගනියි. අපේ බලශක්ති ප්‍රතිපත්තියක් තියනෙවා. මේ කියන යටිතල පහසුකම් ටික සහ නල පද්ධතිය මෙහෙයුම් කටයුතු රජය යටතේ සිදු කෙරන්න ඕනි කියලා”
තව ද යම් හෙයකින් නළ පද්ධතිය සමාගම අතට පත්වුවහොත් හෝ පර්යන්තය ඕනෑම වෙලාවක නැවතුව හොත් අපේ බලාගාර දුවන්නේ කෙසේ දැයි, සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රශ්න කර සිටී.