(නිමල කොඩිතුවක්කු)
ලංකා විදුලි බල මණ්ඩලය මේ වසර සඳහා ඇස්තමේන්තුගත අලාභය රුපියල් කෝටි අටදහසක් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
එසේ වුවද විදුලි බිල වැඩි නොකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
තලංගම ලංකා විදුලි බල මණ්ඩලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද (30) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
විදුලි බල මණ්ඩලය වාර්ෂික අලාභය මහවැලිය ඉදිකිරීමට යන වියදමට සමාන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
ලංකා විදුලි බල මණ්ඩලය මෙතරම් පාඩු ලැබීමේ වගකීම දේශපාලඥයන් බාර ගත යුතු බවද ඔහු පැවැසීය.
කොතරම් පාඩු ලැබුවද ලංකා විදුලිබල මණ්ඩලය කිසිම දිනෙක පෞද්ගලීකරණය කිරීමට තමන් ඉඩ නොතබන බවත් කී අමාත්‍යවරයා නිවැරදි තීන්දු තීරණ මගින් එම ආයතනය ලාබ ලබන ස්ථානයක් බවට හැකි ඉක්මනින් පත් කරන බවද සඳහන් කළේය.