(පද්මා කුමාරී කංකානම්ගේ )
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ ගල් අගුරු අංගනය වටා ඉදි කිරීමට යෝජිත සුළං බාධකය සඳහා මුල්ගල තැබීම විදුලි බල හා බලශක්ති පුනර්ජනනීය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අද (22) බලාගාර පරිශ්‍රයේ දී සිදුවිය.
ගල් අගුරු අංගනයේ ගබඩා කර ඇති ගල් අගුරු කුඩු සහ දූවිලි අසල්වැසි ගම්මානයන් කරා සුළඟින් ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මෙම සුළං බාධකය ඉදිවෙන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මීටර 15 ක් උසින් හා මීටර 1200 ක් දිගින් ඉදිවෙන මෙම බාධකය මගින් ගල් අගුරු අංගනයේ දකුණු හා නැගෙනහිර දිශාව ආවරණය කරනු ලබයි.
වසරක් තුළ මෙම ව්‍යාපෘතිය නිම වීමට නියමිත බවත් මේ සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන 525 ක් වේ.