උපයෝගීතා කොමිසමේ දූෂිත නිලධාරීන් විදුලිබල ක්ෂේත්ත්‍රය විනාශකිරීමේ මෙහෙයුමක
උපයෝගීතා කොමිසමේ නිලධාරීන් කිහිපදෙනෙක් විවිධ අරමුණු ඇතිව ක්‍රියාත්මකවන අගතිගාමී කණ්ඩායම් කිහිපයක් සමග විදුලිබල ක්ෂේත්‍රය විනාශ කරමින් සිටියි. විදේශ මුදල් වලින් යැපෙන පරිසරය සුරකීමේ ලේබලය ගසාගෙන මෙරට ආර්ථිකය බංකොලොත් කිරීමේ විදේශීය න්‍යායපත්‍රයකට වැඩ කරන රාජ්‍ය නොවන සංවිධාන, තම ව්‍යාපාරික සැලසුම් ක්‍රියාත්මක කරගැනීමට රටේ සැලසුම් වලට දැඩිලෙස බලපෑම් කරන ජාත්‍යන්තර හා දේශීය ව්‍යාපාරික සංවිධාන, රට විනාශකර හෝ බලය ඇති කාලය තුල ඇතිතරම් මුදල් සොයන්න වෙහෙසෙන දූෂිත දේශපාලකයි හා ඔවුන්ගේ හිතවතුන්, මොවුන්ගේ මුදල් වලින් යැපෙන හා ඒ වෙනුවෙන් හඬනගන විවිධ ව්‍යාජ ලේබල් ගසාගෙන් සිටින කණ්ඩායම් කිහිපයක්ද මේ අතර සිටින අතර මහජන උපයෝගිතා කොමිසමේ නිලධාරින් කිහිපදෙනෙක් විදුලිබල ක්ෂේත්‍රය නියාමනය කිරීමට ඔවුන්ට ලබාදී ඇති බලතල අනිසි ලෙස යොදාගෙන මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරයි.
නීති කඩමින් විදුලි සැලසුම් අවුල් කරයි
මහජන උපයෝගිත කොමිසම විසින් මෙම මාෆියා කණ්ඩායම සමග 2014 සිට රටේ විදුලිබලාගාර හදන සැලසුම් (විදුලි ජනන සැලසුම්) අවුල් කරන ලදී. 2015 සිට 2034 දක්වා වූ 20 අවුරුදු අඩු වියදම් දීර්ග කාලීන විදුලි ජනන සැලැස්ම ඉතා සැලසුම් සහගතව අනුමත නොකර අවුරුදු 2 ක් පමණ ප්‍රමාද කරන කොමිසම රාජ්‍ය නොවන සංවිධානය හා මෙම මාෆියා කණ්ඩායම සමග එක්ව 2014 න් පසුව රටට අඩුවියදමින් විදුලිය සැපයීමට තිබූ එකම බලාගාරය වන 500MW ක දැවැන්ත සාම්පූර් බලාගාරය ඉවත්කර අවු 20 ක සැලැස්ම වෙනුවට තෙල් බලාගාර කිහිපයක් හා පුනර්ජනනීය බලාගාර කිහිපයක් සහිත අවු 4 ක් නීති විරෝධී සැලැස්මක් අනුමත කළහ. 2017 මාර්තු මස කොමිසමට යවනලද 2018 සිට 2037 දකවා කාලය සඳහා ලං.වි.ම. විසින් සාදන ලද මිශ්‍ර ජනන සැලැස්ම මුළුමනින්ම වෙනස් කර ඔව්න්ගේ ව්‍යාපාරික හා දේශපාලන හිතවතුන් සමග එක්ව නීති විරෝධී (ව්‍යාපාරික) සැලැස්මක් සාදා මෙම සැලැස්ම අනුමත කිරීමද වසර 1 ½ පමණ ප්‍රමාද කරන ලදී.
READ Original Article:
https://lankacnews.com/%E0%B6%BB%E0%B6%A7-%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF/
අනාගතයේ රට දැවැන්ත විදුලි අර්බුධයක
මේ අනුව 2014 සිට 2018 දකවා අපරටට විදුලි ජනන සැලැස්මක් නොමැති වීමනිසා සහ සැදීමට සූදානම්ව තිබූ අඩු වියදම් බලාගාර නැවත්වීම නිසා අවම වශෙයෙන් තවත් අවුරුදු 6-7ක කාලයක් රට දැවැන්ත විදුලි අර්බුධයකට තල්ලුකර ඇත. මෙම කාලය තුල දැවැන්ත මූල්‍යමය අර්බුධයකට ලං.වි.ම. ට මුහුණදීමට සිදුවන අතර අවශ්‍ය තරම් බලාගාර ඉදිනොවීම නිසා පැය ගණන් විදුලි කැපීම හා බොහෝ විදුලි බින්දවටීම් සිදුවීම වැඩිවන විදුලි ඉල්ලුම හමුවේ වැලැක්විය නොහැකිවනු ඇත.
සැලසුම් අවුල් කිරීම නිසා වන පාඩුව ?
උපයෝගීතා කොමිසම විසින් 2015 වසරේ සිට විදුලි බලාගාර හදන සැලසුම් අනුමත නොකර විදුලි ක්ෂේත්‍රය අවුල් කිරීම නිසා රටට සිදුවන පාඩුව රු. කෝටි 53,617 ක් (බිලියන 536 ක්) පමණ වන බව ලං.වි.ම. සැලසුම හා පද්ධති මෙහෙයුම් අංශ වල දත්ත අනුව ලොව සුලභව භාවිතාකරන පිළිගත් SDDP (Stochastic Dual Dynamic Program) මෘදුකාංගයක් මගින් ගණනය කර ඇත. සැලසුම් කල සාම්පුර් සහ අනෙකුත් අඩුවියදම් බලාගාර නැවත්වීම හා ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට වියදම් අධික තෙල් බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බැවින් මෙම පාඩුව සිදුවෙනු ඇත. ලං.වි.ම. සැලසුම් කරනලද බලාගාර වලින් රු. 10 කට අඩුවෙන් විදුලි ඒකකයක් නිපදවීමට හැකි වුවත් පැවතී තෙල් මිලගණන් අනුව තෙල් බලාගාර වලින් නිපදවෙන විදුලි ඒකකයක සාමාන්‍ය මිල රු 25 ක් පමණ වනු ඇත. හදිසියේ මිලදීගන්නා ඩිසල් බලාගාරයක ඒකකයක රු. 30 ක් පමණ වේ. නමුත් පසුගිය දිනවල ඩීසල් මිල 30% පමණ හා දැවී තෙල් මිල 15% කින් පමණ වැඩිවීම නිසා වැඩි වූ මිලගණන් මෙලෙසම පවතියොත් මෙම පාඩුව රු. කෝටි 65,000 ක් (බිලියන 650ක්) පමණ වනු ඇත. මෙය කටුනායක අධිවේගී මාර්ගය වැනි ව්‍යාපෘති 12 ක් පමණ කළහැකි මුදලකි.
2002 මහජන උපයෝගිතා කොමිසන් පනත අනුව තමන් විසින් නියාමනය කරන ආයතනවල මූල්‍යමය ස්ථාවරභාවය (Financial stability) පවත්වාගෙන යෑම කොමිසමේ වගකීමක් වුවද එහි අධ්‍යක්ෂ ජනරාල් වරයා සහ ඇතැම් නිලධාරින් රට සංවර්ධනය සදහා යොදාගත හැකි මුදල් ද්වන්ත ලෙස විනාශ කරමින් ලං.වි.ම. පාඩු ලබන තත්වයකට පත්කර පෞද්ගලික කරණය කිරීමේ මෙහෙයුමක සිටින බව ඉතා පැහැදිලිය.
මෙසේ නාස්තිවන මුදල් භාණ්ඩ මිල වැඩිකිරීමෙන් හෝ බදු මගින් රජයෙන් වක්‍රාකාරව ජනතාවගෙන් අයකරගැනීම මගින් ඒ බර දරන වන්නේද රටේ ජනතාවටමය.
ස්වාධීන කොමිසමක න්‍යායන් කඩයි
ස්වාධීන කොමිසමකට මත වාදයක් තිබිය නොහැක. නමුත් මෙම කොමිසමේ පරිනත නොවූ දූෂිත නිලධාරීන් ප්‍රධාන මාධ්‍ය වල ප්‍රසිද්ධියේ තම මතවාදයන් ඉදිරිපත් කරන අතර ජනමාධ්‍ය වලට සාවද්ධ්‍ය කරුණු කියා ජනතාව නොමග යවයි.
කොමිසමේ දූෂිත නිලධාරින් ආරක්ෂා කරන දේශපාලන බලවතුන් කවුද ?
කොමිසම විදුලි ජනන සැලසුම් අනුමත කරන ක්‍රියාවලියේදී විදුලිබල පනත උල්ලංගනය කරමින් නීති විරෝධී ලෙස කටයුතුකර ඇති බව නීතිපති වරයා විසින් තහවුරුකර ඇත. මෙමගින් කොමිසන් නිලධාරින් රටේ විදුලි බලාගාර හදන සැලැසුම් 2014 සිට අවුල් කල බව රටටම ඔප්පුවී ඇත. මෙම නිලධාරින් ඉවත් කර විදුලිබල ක්ෂේස්ත්රයට මොවුන් කරන හානිය නවත්වන බවට අතිගරු ජනාධිපති තුමා සහ අගමැති තුමා පොරොන්දු විය. කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කොමිසමෙන් ඉවතකල බවටත් උපයෝගිත කොමිසම අයත් අමාත්‍යංශයේ ලේඛම් වරයාත් අප අමාත්‍යාංශයත් තහවුරුකල පසු විද්වත් වෘතීය සමිතියක් ලෙස අප මෙම රජයේ උසස් නිලධාරින් විශ්වාස කලත් 2018 මයි මැයි මස සිට ලං.වි.ම. සමග කිසිඳු රාජකාරියකට සම්බන්ද නොවූ මෙම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මාස 3කට පසු යලි කරලියට එන්නේ කෙසේද?
දැන් ඔහු නීත්පති වරයාගේ උපදෙස්ද නොතකා පෙර වැරදීම සිදුකරමින් විදුලිබල ක්ෂේස්ත්‍රය නැවතත් අවුල්කිරීමට පටන්ගෙන ඇත. ආණ්ඩුවේ ඇතැම් දේශපාලකයින් තම ව්‍යාපාරික අරමුණු මොහුලවා ඉටුකරගැනීමට ප්‍රසිද්ධියේ මෙම බංකොලොත් නිලධාරින් ආරක්ෂා කරයි.
විසඳුම් නැති නිසා අප සංගමය වෘතීයසමිති ක්‍රියාමාර්ග වලට
රටේ ආර්ථිකයටත් ජනජීවිතයටත් ඉතා වැදගත් විදුලිබල ක්ෂේත්‍රය නියාමනය කිරීමට සුදුසු නිලධාරීන් මහජන උපයෝගීතා කොමිසම වැනි උත්තරීතර ආයතන වලට පත්කිරීම රජයේ වගකීමකි. එසේ කරන බවට අතිගරු ජනාධිපති තුමා, අගමැතිතුමා ඇතුළු සියලු වගකිවයුතු පාර්ශවයන් පොරොන්දු වුවද මෙතෙක් ඒ සඳහා විසඳුමක් ලබා දී නොමැති නොමැත.
මෙම තත්වය යටතේ මහජන උපයෝගීතා කොමිසම සම්බන්ධ කිසිඳු රාජකාරියකට සහය නොවීමේ වෘතිය සමිති ක්‍රියාමාර්ගයක් ලං.වි.ම. ඉංජිනේරු සංගමය මේ වනවිට ආරම්භකර ඇත.
තවද සැලසු අවුල්කර රට විදුලි අර්බුධයකට තල්ලුකර තමන්ට ප්‍රතිලාභ ලැබෙන වියදම් අධික තෙල් බලාගාර මිලයට ගැනීම මෙම මාෆියා කණ්ඩායම් වල අරමුණ බැවින් ඒකකයක් රු. 30 ක් පමණ වන හදිසි ඩීසල් බලාගාර ටෙන්ඩර් වලට හා මිල පිළිබඳව නිගමනයක් නොමැතිව විනිවිදභාවයකින් තොරව බලධාරීන් විසින් ඉදිකිරීමට සැලසුම්කරණ තවත් බලාගාර කිහිපයකට සහය නොවීමට අප සංගමය තීරණය කර ඇත.
ගැටලුවලට කඩිනම්ව විසඳුම් නොලැබුණහොත් අප දැඩි වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට ඉදිරියේදී එළඹෙනු ඇත.
– ලං.වි.ම. ඉංජිනේරු සංගමය