LankaCnews: විදුලි වර්ජනය තවත් තීව‍්‍ර කරයි.. පාලන මැදිරි ක්‍රියාකරුවනුත් වැඩ වර්ජනයට සූදානම්

LankaCnews

විදුලිබල මන්ඩලය විසින් විධිමත් බාවයකින් සාදන ලද විදුලි ජනන සැලස්ම හැකි ඉක්මනින් අනුමත කොට ක්‍රියාවට නංවන්නේ නැතිනම් තමන් වැඩර්ජනයකට ඉදිරියේදී යොමු වන බවට පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ සංගමයේ සභාපති එස්.ඩී.නිශාන්ත මහතා කියා සිටියේය.

මේ වන විට විදුලි ඉංජිනේරුවරුන් විසින් ක්‍රියාවට නංවා ඇති අකුරට වැඩ කිරීමේ තීරණය සම්බන්ධයෙන් පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ අදහස විමසීමේදී එහි සභාපතිවරයා මාධ්‍යට අදහස් දැක්වීමෙන් මේ බව කියා සිටි අතරම මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර සිටියේය.

එහිදී සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘විදුලිබල මණ්ඩලය වසින් හදපු විධිමත් බාවයකින්  ජනන ජනන සැලස්ම ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කල්මරමින් ඉන්නවා මේ විදුලි ජනන සැලසුම් පද්දතිය හදාගෙන ආවේ ඉංජිනේරු මහත්වරු ඒ පද්දතිය ගැන දන්නය අයතමයි කියන්නේ මේ දේ වෙන්න ඕන කියලා ඒක වෙන්නෙ නැති නිසා තමයි ඒ අය අකුරට වැඩ කරන්න තීරණය කරල තියෙන්නේ ඒ තීරණය සාධාරණයි කියල අපිත් හිතනවා ඒවගේ බලධාරීන් ඒ අය කියන දේ අහන්නැතුව කල්මරණවනම් ඉංජිනේරු මහත්වරු තවත් දැඩි ක්‍රියාමාර්ග ගනියි එහෙම වුනොත් පැය 24 පුරාම සේවයේ නිරත වෙන අපිත් අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා.

දැන් අපේ රටේ ඉල්ලුමට සැපයුම දෙන්න බැරිව විදුලිබල මණ්ඩලය ඉන්නේ සැපයුම දෙන්න බැරි පාඩුව රුපියල් කොටි ගාණක් අපිට විදුලි ජනන ව්‍යාපෘති තවත් අත්‍යවශ්‍යයි දැනටමත් අපි පරක්කු වැඩියි දැන් ව්‍යාපෘතියක් ආරම්භ වුනත් අවසන් වෙන්න අවුරුදු පහකට වැඩිය යනවා යම් හෙයකින් නොරොච්චොලේ බලාගාරය අකරමන්‍ය වුනොත් රටට ලොකු පාඩුවක් වෙනවා ඒ නිසා දැනවත් බලධාරීන් මේ ගැන අවධානය යොමු කරලා පියවරක් ගිනියි කියල අපි හිතනවා.

https://lankacnews.com/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%93%E0%B7%80%E2%80%8D%E0%B7%8A/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *