LankaCnews: විදුලිබල මණ්ඩලයේ අර්බුදයට හේතුව අජිත් පී පෙරේරා සොයා ගනී.. PUCSLට දිගට හරහට චෝදනා..

LankaCnews: දැනට විදුලිබල ක්ෂේත්‍රයේ උද්ගත වී ඇති ගැටලුව සම්බන්ධයෙන් මේ සතියේ හිරු රුපවාහිනියේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමින් විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහතා මෙසේ පැවසීය.

විදුලි ඉංජිනේරුවරුන්ගේ ගැටළුව වන්නේ PUCSL එක තමන්ට හිමි බලයෙන් ඔබ්බට ගොස් විකල්ප ජනන සැලැස්මක් සාදා විශාල ප්‍රශ්නයක් හදපු එකයි. PUCSL එකේ ක්‍රියාකාරිත්වය පිළිබදව අමාත්‍යාංශය ලෙස අපට ප්‍රශ්න තිබෙනවා. ඔවුන් අවශ්‍ය පරිනත භාවය හා විචක්ෂණ සීලි බව නොමැතිව කටයුතු කිරීමෙන් හේතුවෙන් විදුලිබල ක්ෂේත්‍රය විශාල අවුලකට ගොස් තිබෙනවා.

ඔය pucsl එක නඩත්තු වෙන්නේ විදුලිබල මණ්ඩලේ සල්ලි වලින්. එහෙම ජීවත්වෙන අය වගකීමෙන් වැඩ කරන්න ඕනේ.

මේ රටට අවශ්‍ය හොද ජනන සැලැස්මක්. මොකද අපිට LNG වලින් විතරක්වත් ගල් අගුරු වලින් විතරක්වත් යන්න බෑ. සුර්ය බලයෙන් විතරක්වත් බෑ. අපට මේ ඔක්කොම අවශ්‍යයි. එම මිශ්‍රණය ඉංජිනේරුමය හා ආර්ථිකමය කරුණු මුලික කොට ගෙන සැදිය යුතුයි.

මේ සම්බන්ධව විදුලිබල මණ්ඩලය, අමාත්‍යාංශය, අගමැතිතුමා, ජනාධිපතිතුමා ඉන්නේ එක මතයක. නමුත් PUCSL එක ඉන්නේ වෙන මතයක. මේ ප්‍රශ්නය තියෙන්නේ PUCSL එකත් එක්ක.

PUCSLට දිගට හරහට චෝදනා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *