මහජන උපයෝගිතා කොමිසමට ජනපතිගෙන් උපදෙස්
2018-2037 කාල පරාසය සඳහා පිළියෙළ කරන ලද දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ක්‍රියාවට නැංවීමට අදාළ ඉදිරි පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත උපදෙස් දුන්නේය.
දිගුකාලීන විදුලි ජනන සැලැස්ම කඩිනමින් ක්‍රියාවට නැංවීම පිළිබඳ ඊයේ (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දෙනු ලැබීය.
මෙරට ඉදිරි විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා 2018 වසරේ සිට 2037 දක්වා කාල පරාසය තුළ ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැලැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.
අදාළ සැලැස්ම ක්‍රියාවට නැංවීම පිළිබඳ ගැටලු ඇත්නම් සාකච්ඡා කර, පවතින බාධාවන් ඉවත් කර ගනිමින් මෙම කටයුතු කඩිනම් කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට අවධාරණය කෙළේය.
ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, සාගල රත්නායක යන මහත්වරුන්ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.බී. ගනේගල,ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති සාලිය මැතිව්, විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු යන මහත්වරුන් ඇතුළු
නිලධාරින් මේ අවස්ථාවට එක්ව සිටියහ.