CEB strike underway, strikers convened to Colombo – Hiru News

වර්ජිත විදුලි සේවකයින් කොළඹට

විරෝධතාවක් සඳහා වර්ජනයේ නිරතවන විදුලි සේවකයින් කොළඹට කැඳවූ බව විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අද (18) උදෑසන සිට ආරම්භ කළ අඛණ්ඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව තම වෘත්තීය සමිති සන්ධානය හා එක්ව සිටින සේවකයින් රාජකාරි කටයුතුවලින් ඉවත්ව මේ වනවිට වර්ජනයට සහය දක්වන බවත් විදුලි බිල්පත් අයකරගැනීමේ කටයුතුවලින්ද ඉවත්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

පාලනාධිකාරියට පමණක් වැටුප් වැඩිකිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සේවකයින් පිරිසක් කොළඹ පිහිටි විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වටලනු ලැබුවේ ඊයේ රාත්‍රියේයි.

පසුව විරෝධතාකරුවන් එහි සභාපති ඩබ්ලිව්. බී. ගනේගල ඔවුන්ගේ ග්‍රහණයට ගනු ලැබුවා.

අනතුරුව සභාපතිවරයා මුදාගැනීමට පොලිස් කැරළි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මැදිහත්වීමත් සමග ඊයේ රාත්‍රියේ විදුලිබල මණ්ඩල මුලස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එහිදී තමන්ට පහරදීමක්ද සිදුවූ බවයි විදුලි වෘත්තිය සමිති සඳහන් කළේ.

ඊට විරෝධය පළ කරමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරතවන්නේ.

සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට අද (18) දහවල් විරෝධතාව පැවැත්වෙන බව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියා සිටියා.

මේ අතර විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු කියා සිටියේ පාලනාධිකාරියට පමණක් නොව විදුලි සේවකයන්ටද සියයට 25 ක පඩි වැඩිවීමක් සිදුකළ බවයි.

කෙසේ වෙතත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද සේවකයන් සියයට 90ක් පමණ මේ වනවිට සේවයට වාර්තා කර ඇති බවයි.

http://www.hirunews.lk/sinhala/181377/%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%AD-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7

CEB strike underway, strikers convened to Colombo

The Joint Trade Union Federation says that it has invited all the employees of Ceylon Electricity Board who are on strike to head to Colombo for a demonstration.

The convener of the Federation, Ranjan Jayalal told our news team that an indefinite strike was launched this morning (Jan. 18).

The CEB headquarters was surrounded by workers last night alleging that the management has increased the salaries only of the administrative staff.

Later, CEB chairman, W. B. Ganegala was held hostage in his office and police had to intervene to rescue the chairman.

The CEB workers launched the strike this morning accusing that they were assaulted during last night’s demonstration.

Meanwhile, chairman of the Electricity Engineers’ Association, Saumaya Kumarawadu said that CEB workers had been recently awarded a salary increment of 25%.

The spokesperson for the Ministry of Power and Renewable Energy, Sulakshana Jayawardana said that 90% of CEB workers have reported to work today despite the ongoing strike.

http://www.hirunews.lk/181377/ceb-strike-underway-strikers-convened-to-colombo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *