අසාධාරණ බදු පනතට එරෙහිව ලංවිම ප්‍රධාන කාර්යාලය සහ ඌව පළාත වෘත්තිකයින් හා සේවා නියුක්තිකයින් පෙත්සම් අත්සන් කිරීම – 2023 ජනවාරි 03 දින

අසාධාරණ හා අත්තනෝමතික ආකාරයෙන් සිදුකළ බදු සංශෝධන සහ පනත් සම්මත කරවා ගැනීමට විරෝධතාව පළ කරමින් ජනාධිපතිවරයා වෙත යැවීමට සූදානම් කර ඇති පෙත්සම අත්සන් කිරීම අද දින ලංවිම ප්රධාන කාර්යාලය ඉදිරිපිට සහ බදුල්ල ලංවිම ඌව පළාත් නියෝජ්ය සාමාන්යාධිකාරී කාර්යාලය ඉදිරිපිට සියළුම ලංවිම වෘත්තීකයින්ගේ සහ සේවා නියුක්තිකයින්ගේ සහභාගිත්වයෙන් සිදු කළ අයුරු…
ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා මාධ්ය හමුවේ තවදුරටත් අදහස් දක්වා සිටියේය…
මෙම පෙත්සම මගින් මතු කරන වැදගත්ම කාරණාවක් වනුයේ “මහජන බදු මුදල් රජය විසින් වියදම් කරන ආකාරය නිරීක්ෂණය කිරීම සඳහාත් විනිවිදභාවයකින් යුතුව එය වාර්ෂිකව මහජනතාව වෙත වාර්තා කිරීම සඳහාත් පාර්ලිමේන්තුවට වගකියන ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම” යන ඉල්ලීමයි.

රටටත්, ජනතාවටත් අත්‍යාවශ්‍ය විදුලි ව්‍යාපෘති ප්‍රමාද කරවන්නේ කාගේ උවමනාවටද…?

අපේ රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වර්තමානයේදී ගිගාවොට් පැය 43 (43 GWh) හෙවත් විදුලි ඒකක මිලියන 43 ක් පමණ වෙනවා. ඒත් ආර්ථික කටයුතු වල හැකිලීම, කර්මාන්තශාලා වල නිෂ්පාදන ක්‍රියාවලි වල මන්දගාමීත්වය, විදුලි කප්පාදුව හා ගාස්තු වැඩි කිරීම වැනි හේතු නිසා, එය මේ දිනවල ගිගාවොට් පැය 35 (35 GWh) වගේ අගයකට පමණ අඩු වෙලා තියෙනවා.

මේ දින වල රටේ විදුලි අවශ්‍යතාවය දවසේ එක් එක් වේලාවේදී පහත ආකාරයෙන් වෙනස් වෙනවා.

  • පැය 24 පුරාම අවමය 1100 MW – 1200 MW වගේ අවශ්‍යයි. (මෙය Base Load යනුවෙන් හඳුන්වනවා)
  • දිවා කාලයේදී පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්. (Day Peak)
  • රාත්‍රි 6 – 10 අතර උපරිම ඉල්ලුමක් පවතින කාලයේදී 2300 MW – 2500 MW පමණ විදුලි ඉල්ලුමක් පවතිනවා. (Night Peak)

මේ වගේ එක එක වේලාවල් වලට විදුලිය නිපදවන්න භාවිතා වන බලාගාරත් වෙනස් වෙනවා. පැය 24 ම විදුලිය ලබාදෙන බලාගාර අඩුම ජනන වියදමක් සහිත බලාගාර වෙනවා වගේම, ඒවා ස්ථිර විදුලි සැපයුමක් සහිත බලාගාර (Base load plant) ලෙස හඳුන්වන්නට පුළුවන්.

ඒ වගේම දිවා කාලයේදී පුනර්ජනනීය බලශක්තීන්ගෙන් නිපදවන විදුලිය වැඩි වශයෙන් භාවිතා කරනවා. දිවා කාලයේදී අපි  දැනට පද්තිධයට සම්බන්ධ කරගෙන තිබෙන වහල මත සූර්‍ය බල පද්ධති ඇතුළු  700MW කට අධික සූර්‍ය විදුලියත් ලැබෙන නිසාවෙන්ම පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්.

රාත්‍රීයේ උපරිම ඉල්ලුම ඇති කාලයට (සවස 6 සිට රාත්‍රි 10 දක්වා) බොහෝ දුරට භාවිතා කලේ තාප බලාගාර වලින් නිපදවන විදුලියයි. නමුත් මේ දින වල ඒ වෙලාවටත්, විදුලිය නිපදවන්නේ වෙනත් ප්‍රභව වලින්.

තත්ත්වය මෙසේ පවතිද්දී වැස්ස ලැබෙන දාට පැය 24ම ජල විදුලිය භාවිත කලත්, එයත් කෙටි කාලීන නිසා අවුරුද්දෙ 365 දවසෙම ස්ථිර ලෙස විදුලිය දෙන්න අඩු ජනන වියදමක් සහිත ගල්අඟුරු බලාගාරයත් භාවිතා කරනවා.

ගල් අඟුරු වගේම අඩු වියදමකින් විදුලිය නිපදවන පැය 24 පුරාම 365 දවසම එක දිගටම විදුලිය ජනනය කල හැකි ක්‍රමයක් තමයි ස්වාභාවික වායු බලාගාර. අප රට තුල දැනටමත් 350 MW බැගින් වූ ස්වභාවික වායු බලාගාර දෙකක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරල තියෙනවා.

මේ අලුත් ස්වභාවික වායු බලාගාරයන්ට අමතරව දැනට ක්‍රියාත්මක වන 300 MW යුගදනවි බලාගාරයත් ස්වභාවික වායු වලින් දුවන්න පුළුවන් විදියට තමයි ඉඳිකරල තියෙන්නෙ.

ඒත් අප රට තුලට ස්වභාවික වායු ගෙන ඒම සහ ගොඩ බෑම වෙනුවෙන්, සැලසුම් කරල තියෙන පද්ධති සහ නල මාර්ග ඉදිකරන ව්‍යාපෘතියෙ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර, 2022 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතියට යොමුකර තිබුණත්, මේ වනතුරුත් අදාළ අනුමැතිය නම් ලැබිල නැහැ. මේ අනුමැතිය පරක්කු වෙන එකෙන් අපි හදන බලාගාර විදුලි ජනනය පටන් ගැනීමටගතවන කාලය “අවුරුදු වලින්” ප්‍රමාද වීම සිදුවෙනවා.

LNG දෙවෙනි බලාගාරය ඉදිරියට නොයවා දැන් මාස ගණනාවක් තිස්සේ තියෙන්නේ අමාත්‍යංශයේ. මේ අනුමැති ලබාදීම ප්‍රමාද කරන්න මෑත කාලයේ වැඩිපුර කතාබහට ලක්වූ නිව් ෆෝට්‍රස් සමාගම, ඇමරිකානු බලපෑම්, ඉන්දියානු බලපෑම් රජය ඇතුලෙ හොල්මන් කරනවද කියල හිතෙන්නෙ, එහෙම ප්‍රමාද වෙන්න වෙනත් හේතු හොයාගන්න අසීරු වෙලා තියෙන නිසාමයි.

ඉතින් මේ ව්‍යාපෘති නිසි කලට නිම කර පැය 24 ම දින 365 ම අඛන්ඩ විදුලි සැපයුමක් අ⁣ප රටේ ජනතාවට ලබාදීම අපේ ඒකායන අරමුණයි.

මේ අනුමැති තව තවත් ප්‍රමාද කරන එකෙන් මේ නැතිවෙන්නේ රටේ අනාගතය නොවේද…?

අපේ අනා⁣ගතය නොවේද… ?

අපේ දරුවන්ගෙ අනාගතය නොවේද… ?

මෙය ඔබ සැමට බුද්ධියෙන් විමසා බැලීමට, අපි මෙලෙස සටහන් කර තබන්නෙමු. මේ අප රටේ අනාගතය වෙනුවෙන්, අපේ ඉදිරි පරපුර වෙනුවෙන් අප සැවොම අත්වැල් බැඳගත යුතු කාලයයි.

— ලංවිම ඉංජිනේරු සංගමය —

හදිසි විදුලි මිලදී ගැනීම්

මෙම වසරේ අප්රේල් මාසයේ පටන්, අපි රටක් විදියට දේශපාලනික, සමාජීය සහ ආර්ථිකමය ක්ෂේත්රයන් වල දැඩි ලෙස වෙනස්කම් වලට ලක් වූ බව අපි කවුරුත් දන්නා කරුණක්. ඒ අතරිනුත් ආර්ථිකය පහලටම ඇද වැටී, රට බංකොලොත් රටක් ලෙසයි දැන් ලෝකයම පිළිගෙන තියෙන්නේ.
මේ හේතු නිසා, ලංකා විදුලිබල මණ්ඩලය මගින් ජනතාවට පැය 24 පුරාම විදුලිය ලබාදීමේ අරමුණ ඇතිව සිදුකරගෙන ගිය ව්යාපෘති ගණනාවක්ම මේ වන විට අතරමග නැවතිලයි තියෙන්නේ. ඊට හේතුව නම්, අපට ණය ලබාදුන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, JICA ආයතනය වැනි ණය ලබාදෙන ආයතන ඔවුන් පොරොන්දු වෙලා තිබුණු ණය ලබාදීම නවතා දැමීමයි. IMF එක හරහා ලංකාවට ණය ලබාදීම අනුමත කරන තෙක්, ඒ ආයතන ණය ලබාදෙන්නේ නැති බව තමයි ප්රකාශ කරන්නේ.
මේ ණය මුදල් නොලැබී යාමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට, රටේ ජනතාවට අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා අත්යවශ්ය, ඉදිකරමින් තිබු LNG බලාගාර, සුළං බලාගාර සහ සුර්ය ශක්ති විදුලි උත්පාදන ව්යාපෘති අතරමග නවතා, පිළිතුරක් ලැබෙන තෙක් බලා ඉන්න සිදුවෙලා තිබෙනවා. ඒ වගේම මෙම බලාගාර හා ව්යාපෘති හරහා ඉදිරියේදී නිපදවීමට නියමිත විදුලිය, සම්ප්රේෂණය සදහා ඉදිකරමින් තිබූ හා ඉදිකිරීමට නියමිත ග්රිඩ් ව්යාපෘති සහ සම්ප්රේෂණ රැහැන් මාර්ග ව්යාපෘති අතරමග නැවතීම හේතුවෙන්, අදාළ කොන්ත්රාත්කරුවන් ඔවුන්ට ගෙවන්න තියෙන මුදල් ඉල්ලමින් විදුලිබල මණ්ඩලයට බලපෑම් කරන තරම් අසීරු අවස්ථාවකට අපි අද මුහුණ දෙමින් සිටිනවා.
කරුණු මෙසේ තිබියදී, ලගදී හරි අපුරු නිර්දේශයක් විදුලිබල අමාත්යංශයෙන් ලැබී තිබෙනවා. එනම් 150 MW පමණ හදිසි විදුලි මිලදී ගැනීම් වෙනුවෙන්, ලබන ජනවාරියේ ඉදන් අනුමැතිය අමාත්යාංශයෙන් ලබාගන්නා ලෙසයි. මීට කිසිසේත්ම විදුලිබල මණ්ඩලය විදියට, කිසිම කැමත්තක් නැහැ. මන්ද යත්, අඩු තරමින් මේ දිනවල අපි කරගෙන යන කාර්යයන්ටවත් ගෙවන්න මුදල් නැති කොට අලුත් ඒවාට ගෙවන්න හැකියාවක් නැති බව, අපිට හොඳාකාරවම තේරෙන නිසයි.
විදුලිබල මණ්ඩලේ ගිණුම තියෙන මහජන බැංකුව, දවස ගානේ මණ්ඩලයෙන් නිකුත් කරන චෙක්පත් වලට ගෙවීම් කරන්නේ, ජනතාව ගෙවන මුදල් එකතු වෙන ප්රමාණය අනුවයි. එකතු වෙන ප්රමාණයට වඩා වැඩිපුර ණයට කීයක්වත් දෙන්න හැකියාවක් මහජන බැංකුවට නැහැ. මොකද විදුලි බල මණ්ඩලය, ඒ තරමටම බැංකුවට ණයයි. ඒ නිසා බැංකුව කියන්නේ තවත් නම් ණයට දීමේ හැකියාවක් නැති බවයි.
මේ තත්වය දැනගෙනත් “ඇයි මේ හදිසි මිලදී ගැනීම්”, විදුලිබල මණ්ඩලය වෙනුවෙන්ද, නැතිනම් රටේ ජනතාව වෙනුවෙන්ද?, එහෙමත් නැතිනම් ඇත්තටම කවුරු වෙනුවෙන්ද මෙවැනි අත්තනෝමතික තීරණ ගන්නේ. තීරණය ඔබ සතුයි.
ලගදීම මාධ්යට කියයි රටේ ජනතාවට පැය 24 ම විදුලිය දෙන්න අපි යෝජනාවක් ගේනවා, ඒකට විදුලිබල මණ්ඩලේ මාෆියාකර ඉංජිනේරුවෝ කැමති නෑ කියල. ඊට පස්සේ ඒ දේවල් අනුමත කරන අයටත්, මේ අවස්ථාවාදීව යෝජනා ඉදිරිපත් කරන අයත් එක්ක එකතුවෙලා අපිට දොස් කියන්න පුළුවන්. “මණ්ඩලයේ හැමෝම වැඩි පඩි නම් ගන්නවා, ඒත් අපිට විදුලිය නැහැ. මේක විකුණමු, එතකොට ප්රශ්න සියල්ල විසඳිලා, මේක සුරපුරයක් වේවි” කියල.
අපිත් කැමතියි පැය 24 ට පැය 48 ක් වුනත් විදුලිය දෙන්න. මොකද විදුලි බල මණ්ඩලයේ සේවය කලාට, අපිත් රටේ සාමාන්ය විදුලි පාරිභෝගිකයින් තමයි. ඒ නිසා අපි කොහෙත්ම කැමති නෑ ලයිට් කපනවට. මොකද එතකොට අපේ ගෙවල් වලත් ලයිට් පත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙන්න දැනට තියෙන බලාගාර වලට අවශ්ය ගල් අඟුරු ටික, ඩීසල් ටික මිලදීගන්න වත් වියදම් කරන්න මුදල් නෑ. එහෙම තත්ත්වයක තවත් හදිසි මිලදී ගැනීම් වෙනුවෙන් වියදම් කරන්න මුදල් කොහෙන්ද?. ඒ නිසයි අපි හදිසි මිලදී ගැනීම් වලට යන්න එපා කියල කියන්නේ.
අපිව කබලෙන් ලිපට ඇද දාන්න එපා කියලයි මේ ඉල්ලන්නේ. අපි රටේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි අවශ්යතාවය සපුරාලන්න කරගෙන යන ව්යපෘති ගැන අවබෝධයෙන්, ඒ සදහා අවශ්ය සහයෝගය හා කාලය දෙන්න කියලයි අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ. එහෙම වුනොත් මේ බංකොලොත් රට ගොඩ ගන්න අපිට අපගේ උපරිම දායකත්වය ලබා දෙන්න හැකියාව ලැබේවි.

2022/2023 නව ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව පැමිණේ…!!!

2022/23 ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව ඔක්තෝම්බර් 25 වන දින රාත්‍රී පුත්තලම වරාය අසල නැංගුරම් ලන ලදි. නැවෙන් ගල් අඟුරු බෑම අද දින (ඔක්තොබර් 26) පස්වරු 1 ට පමණ ආරම්භ කරන ලදි. ගල් අඟුරු රැගත් පළමු බත්තල සවස 4 ට පමණ බලාගාරයේ ජැටියට සේන්දු විය. එම නැවේ ධාරිතාව ගල් අඟුරු මෙට්‍රික ටොන් 61,342කි. එය සම්පූර්ණයෙන්ම බෑම සඳහා දින 5 ක් පමණ ගතවේ.

මේ ආකාරයට සෑම වසරකම සැප්තැම්බර් මස 15 වන දින සිට ඊළඟ වසරේ අප්‍රේල් මස 15 වන දින වන තෙක් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000 බැගින් වන නැව් 38 ක් පැමිණීම සිදු වෙයි. එක් නැවකින් එම ගල් අඟුරු තොගය බෑම දින 5 ක් ඇතුලත සිදු නොකළහොත් අප්‍රේල් මස 15 සිට මාස 6ක් පමණ පවතින වාරකන් හෙවත් මුහුද රළු වන කාලයට පෙර එම නැව් 38හිම ගල් අඟුරු බෑම සිදු කරගත නොහැකි තත්ත්වයක් ඇතිවෙයි… එවිට ගල් අඟුරු අවශ්‍ය තොග නොමැති කමින් ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමටත් පවතින විදුලි ඉල්ලුම හමුවේ විදුලි කප්පාදුවකට යාමටත් සිදු විය හැක.

දැනටමත් ගල් අඟුරු ගොඩ බෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම මාසයකින් පමණ ප්‍රමාද වී ඇති බැවින්, මේ වසරේ අද දින සිට ලබාගත හැකි උපරිම ගල් අඟුරු තොග ලබාගැනීම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුය.

එබැවින් රටේ විදුලිබලශක්ති අවශ්‍යතාවයෙන් 1/3ක් සපුරාලන නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට නියමිත වේලාවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා දී ප්‍රමාණවත් ගල් අඟුරු තොග සපයාදීමේ භාරදූර වගකීම රජය සතුය…!!!

#CEB #LVPP #CoalSupply

Eng. Nihal Weerarathne – The new President of CEBEU for the term 2022/2023

Eng. Nihal Weerarathne was elected as the President of CEBEU for the term 2022/2023 in the Annual General Meeting held at Sri Lanka foundation institute on 30th September 2022.

Eng. Weerarathne currently hold the position of Deputy General Manager – Corporate Strategies and Regulatory Affairs of the Ceylon Electricity Board.

CEBEU Congratulates Eng. Nihal Weerarathne on his new appointment as the President of one of the most prestigious Professional Trade Unions in Sri Lanka and wishes best of luck for him and his team for the upcoming year filled with many challenges against the CEBEU as well as CEB.

ඇත්තටම විදුලි බිල වැඩි වෙයිද?

ජයමග රූපවාහිනී වැඩසටහනේ මාධ්‍යවේදී නුවන් විදානගේ මහතා සමග සිදුකළ වත්මන් විදුලිබල ක්ෂේත්‍රය හා සබැඳි අර්බුද හා ඒවාට ඇති විසඳුම් ගැන සාකච්ඡාව… #උත්තරය #ජයමගTV

ලංවිම ව්‍යාපෘති ඉංජිනේරු ඒ. ධනුෂ්ක පරාක්‍රමසිංහ – කමිටු සාමාජික ලංවිම ඉංජිනේරු සංගමය

නිකන් ලැබෙන හිරු එළියෙන් විදුලිය නිපදවන එක, කෙතරම් නම් ලාභද…?

මේ දිනවල වැඩිපුරම කතා කරන මාතෘකාවක් තමයි පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය. ඒ අතරිනුත් හැමදාම, අඩුවක් නැතිව ලැබෙන හිරු එළියෙන් විදුලිය නිපදවීම ගැන බොහෝ දෙනාගේ අවධානය යොමුවෙලා තියෙනවා. 

ඇත්තටම හිරු එළියෙන් විදුලිය නිපදවන එක රටට කොච්චර ලාභද?…… 

” එහෙම නම් මෙච්චර කාලයක් මේ තාක්ෂණය අපේ රටේ මහා පරිමාණයෙන් ක්‍රියාත්මක නොකලේ ඊට සම්බන්ධ වෘත්තීයවේදීන්ගේ මොකක්හරි අපි නොදන්න මාෆියාවක් නිසාද?……

එහෙම නැත්නම් අපි නොදන්නා හේතුවක් මේකට තියෙනවාද?….

හැමෝටම මේ ගැන ප්‍රශ්න තියෙන නිසා, සංඛ්‍යාලේඛන එක්කම මේ ගැන විමසීමක් කරල බලමු.” 

අපි ඉස්සෙල්ලම පොඩි ගානක් හදලා මේක තේරුම් ගන්න බලමු. 

====================

ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2021 විදුලිබල මණ්ඩලය සතු තෙල් වලින් විදුලිය ජනනය කරන තාප බලාගාරවලින් විදුලි ඒකක මිලියන 1,237 (1,237 GWh) හදලා තියෙනවා. ඒකට වැය වෙලා තියන මුළු මුදල රුපියල් මිලියන 39,186. ඒ කියන්නෙ නිකං ගණං හදලා බැලුවොත් එක ඒකකයකට රුපියල් 31.67 (31.67 Rs/kWh). 

2021 අවුරුද්දේ පොළොව මත සවිකල සූර්ය බලාගාර වලින් විදුලි ඒකක මිලියන 154.5 (154.5 GWh) හදලා තියෙනවා. ඒ අයට ගෙවලා තියෙන මුදල රුපියල් මිලියන 3,248. ඒ කියන්නේ විදුලි ඒකකයකට ගිහිල්ලා තියෙන්නේ රුපියල් 21.01 (21.01 Rs/kWh) විතරයි. 

දැන් අපි බලමු,

2021  අවුරුද්දේ ලංකා විදුලිබල මන්ඩලයේ තෙල් වලින් දුවන තාප බලාගාර ඔක්කොම නවත්තලා ඒ විදුලි ඒකක මිලියන 1,237  සූර්ය බලයෙන්  ගත්තනං ලංකාවට පාඩුද, නැත්තං වාසිද?, කියලා. 

බැලූ බැලූ බැල්මට හැමෝම කියයි සූර්ය බලය ඒකකයක් රුපියල් 21.01 වෙද්දී, තාප විදුලිය ඒකකයක් රුපියල් 31.67 (Rs/kWh) වෙනවා. ඒ හින්දා සූර්ය බලයෙන් විදුලිය නිපදවන එක තාප විදුලියට වඩා ලාබයි කියලා. 

ඒකනේ හැමෝම විදුලිබල මණ්ඩලයට දොස් කියන්නේ?… 

ඒත්  ඇත්තම කතාව ඔය කියන දේ 2021 අවුරුද්දේ වුනානම්…. ” *රුපියල් මිලියන 1,069 විදුලිබල මණ්ඩලයට පාඩුයි*. “

“සූර්ය බලයෙන් විදුලි ඒකකයක් නිපදවන්න අඩු වියදමක් යද්දී කොහොමද එහෙම වෙන්නේ”….

මම දැන් කියන්නම් කොහොමද ඒක වුනේ කියලා…. 

==========================

විදුලිබල මන්ඩලයේ තාප බලාගාර වලට 2021 අවුරුද්දේ වියදම් වෙච්ච බිලියන 39 ඇතුලේ තියෙනවා බිලියන 14 ක් , හරියටම කියනවා නම් රුපියල් මිලියන 14,266 ක් වෙච්ච ස්ථාවර වියදම්, (Fixed Cost). ඒ කියන්නේ ඒ බලාගාරවලින් විදුලි ජනනය සම්පූර්ණයෙන්ම නැවැත්තුවත් ඔය කියන ස්ථාවර වියදම එලෙසම දරන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. 

විදුලිය ජනනය කරන කොට වැයවෙන්නේ ඔය කියන ස්ථාවර වියදමට අමතරව යන ඉන්ධන වියදමයි. විදුලි ජනනය නැවැත්තුවොත් ඉතුරුවෙන්නේ ඉන්ධන සඳහා යන වියදම විතරයි. ස්ථාවර වියදම එහෙමමයි. ඒක කොහොමත් දරන්න වෙනවා.

ඒ ස්ථාවර වියදමට අපි කියනවා (Capacity Cost), එහෙම නැත්නම් ධාරිතාව (Capacity) සඳහා යන වියදම, එහෙම නැත්නම් විදුලි ජනන “හැකියාව” (generating capacity) පවත්වා ගැනීම සඳහා යන වියදම කියලා. 

(ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්.)

දැන් අපි ආයි පාරක් අර ඉස්සෙල්ලා කියපු සරල අංක ගණිත ගාන හදලා බලමු. 

2021 අවුරුද්දේ ලංවිම තෙල් තාප බලාගාර ඔක්කොම නවත්තලා  ඒවායෙන් ජනන කරපු විදුලි ඒකක මිලියන 1,237, ඒකකයක් රු. 21.01 ගානේ සූර්ය බලයෙන් ගත්ත නම්,….

සූර්ය විදුලියට වැය වෙනවා රුපියල් මිලියන 25,989. (1,237x 21.01).

ඒ වියදමට අපිට එකතු කරන්න සිද්ද වෙනවා අර රුපියල් මිලියන 14,266 වෙච්ච ස්ථාවර වියදම. 

දැන් ඔය දෙකම එකට එකතු කලහම ලැබෙනවා රුපියල් මිලියන 40,255 ක්. 

“ඒ කියන්නේ ඉන්ධන වලින් ජනනය කරන එක නවත්තලා සූර්ය බලයෙන් ජනනය කරොත් බිලියනයකටත් වඩා වැඩිපුර වියදම් වෙනවා.”……. ඒක තමයි ඇත්ත කතාව. 

එතකොට කෙනෙක් අහන්න පුළුවන් “ඇයි එහෙම ස්ථාවර වියදමක් තියෙන්නෙ”?….  ඒ මොනවටද කියලා . 

ස්ථාවර වියදම තමයි , ඒ බලාගාර වලට කරපු ප්‍රාග්ධන ආයෝජනය. ඒ බලාගාර *ඕනෑම වෙලාවක විදුලිය ජනනය කරන්න සූදානමින්* තබා ගැනීම වෙනුවෙන් කරන නඩත්තු කටයුතු සඳහා යන වියදම්, කාර්ය මණ්ඩල සඳහා වන පඩි නඩි,  ගොඩනැගිලි නඩත්තු කිරීමේ වියදම් වගේ දේවල්.

එතකොට කෙනෙක් අහන්න පුලුවන් සූර්ය බලයෙන් විදුලිය ගන්නවනම් මොකටද අපි ඒ වගේ විශාල වියදමක් දරලා තාප බලාගාර නඩත්තු කරන්නේ, ඒවා වහල දාල ඕනෙනං විකුණලා දාන්න පුළුවන්නේ, එතකොට ඔය ස්ථාවර වියදමත් ඉතුරුයි නේ කියලා.

අපි ඒකත් පොඩ්ඩක් සරලව විමසලා බලමු..

=====================

හැමදෙනෙක්ම වගේ විදුලිය ජනනය කරනවා කියනකොට හිතන්නේ ජනනය කරලා ලැබෙන විදුලි ශක්ති ඒකක ගණන (kWh) එහෙම නැත්තං unit ගණන ගැන විතරයි.  විදුලි ඒකකයක මිල සංසන්දනය කරලා තමයි සූර්ය බලය තාප බලයට වඩා ලාබයි කියන ගණන් හැදිල්ල හැමෝම කරන්නේ. ඒත් විදුලි පද්ධතියක ජනන කරන විදුලි  ශක්තියට  අමතරව ඉතාමත් වැදගත් තවත් පරාමිතියක් තියෙනවා. ඒකෙන් මනින්නෙ විදුලි බල ධාරිතාව, (Generating Capacity). මනින ඒකකය තමයි MW. 

විදුලි පාරිභෝගිකයන් ඉල්ලන විදුලි  ශක්ති (Energy) ඒකක ගණන (kWh) විදුලිබල මණ්ඩලයට සපයන්න වෙනවා වගේම හැම තප්පරයක් ගානෙම විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බලය (Power) සඳහා වන ඉල්ලුමත් (MW) අඩුවක් වැඩියක් නැතුව හරියටම එපමණකින්ම සපයන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. ඒ කියන්නේ යම් කිසි වෙලාවක විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බල ඉල්ලුම (Power Demand) 2000MW ක් නම් හරියටම 2,000MW ම ජනනය කරන්න විදුලිබල මණ්ඩලය සිද්ධ වෙනව. ඔය කියන ඉල්ලුම සහ සැපයුම මෙගාවොට් කීපයකින් හරි එහෙ මෙහෙ වුනොත් පද්ධතියේ සංඛ්‍යාතය Hz පනහෙන් එහාට වෙනස් වෙනව. ඒක කොච්චර භයානකද කියලා කියනවා නම් සංඛ්‍යාතය හර්ට්ස් තුනක් පහලට ඇවිත්, 47 Hz  වුණොත් මුළු පද්ධතියම තත්පර ගණනක් ඇතුළත කඩා වැටෙන්න පුළුවන්.

ඒක හින්දා විදුලි ශක්තිය (Energy – kWh) පාරිභෝගිකයන්ට සපයනවා වගේම පාරිභෝගිකයන්ගේ විදුලි බල ඉල්ලුමත් (Power – MW) තත්පරයක් තත්පරයක් ගානේ සපයන්න විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා. 

ඒ කටයුත්ත කරන්න විදුලිබල මණ්ඩලයට විදුලි ජනන ධාරිතාවක් (Generating Capacity) තියෙන්න ඕනේ.  සාම්ප්‍රදායික තාප හෝ ජල විදුලි බලාගාර වලින් විදුලි ශක්තිය (Energy) වගේම නිශ්චිත විදුලි බල ධාරිතාවක් (Firm Power Capacity ) අපිට ලැබෙනවා. ඒත් සූර්ය බලයෙන් අපිට ලැබෙන්නෙ විදුලි ශක්තිය විතරයි. ඒක හින්දා හැමවෙලේම විදුලිබල මණ්ඩලයට සිද්ධ වෙනවා ඕනෑම වෙලාවක  විදුලි ජනන ධාරිතාව (Power Generating Capacity) තමන්ට අවශ්‍ය විදිහට හසුරුවන්න පුළුවන් ස්ථාවර ධාරිතා බලාගාර (Firm Power Plants) පද්ධතියේ තියාගන්න. ඒ ධාරිතා හැකියාව තමයි අපි Firm Capacity කියලා කියන්නේ. ඒ ධාරිතා හැකියාව තබා ගැනීම සඳහා  දරන්න වෙන වියදම, විදුලි ජනනය කරන වෙලාවෙදි ඉන්ධන සඳහා වන වියදමට වඩා වෙනස්. 

ඒක හරියට අපිට පැයට කිලෝ මීටර් 150ක් යන්න පුලුවන් හැකියාව තියෙන වාහනයක් ගත්තා වගේ.

ආයෝජන වියදම, වාහනය ධාවන තත්ත්වයේ තබා ගැනීම සඳහා කරන්න වෙන නඩත්තු වියදම, වගේ වියදමක් තමයි ධාරිතාව සඳහා ගෙවන ස්ථීර වියදම (Fixed Capacity Cost). ඒ  වාහනෙන් ගමනක් යනකොට හැම කිලෝමීටරයකට වැය වෙච්ච ඉන්ධන වියදම (Rs/km) වගේ තමයි අර විදුලි ඒකකයක් සඳහා යන වියදම (Rs/kWh).

=========================== 

ඔය කරුණු ඔක්කොම සලකලා බලද්දී තේරුම් ගන්න පුළුවන් මේ හැමදේකම අපි නොදකින පැත්තකුත් තියෙනවා කියලා. අපි මේක තේරුම් කරලා දෙන්න 2021 අවුරුද්දේ ගණන් හිලව් ගත්තේ දැන් තියන ඉන්ධන වියදම් අසාමාන්‍ය ඒවා හින්දා. ඒක ලෝක යුද තත්ත්වයක් හින්දා ඇති වෙච්ච එකක් . පුනර්ඡනනීය විදුලිය ඉන්ධන දහනයට වඩා හැම අතින්ම හොඳයි. ඒක ගැන කිසිම තර්කයක් නෑ. ඒ වගේම ලෝකය පුරාම පුනර්ජනනීය විදුලිය සඳහා යන වියදම  ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමිනුයි පවතින්නේ. මුළු ලෝකෙම අනාගතය පුනර්ජනනීය විදුලිය කියන එක ඉතාම පැහැදිලියි. අපි අනිවාර්යෙන්ම මේ රට එතෙන්ට ගෙනියනවා. ඉහළින් කරපු සරල පැහැදිලි කිරීම කලේ රටේ බහුතරයක් නොදන්න දේවල් ටිකක් මේක පිටිපස්සෙ තියෙනවා කියන එක පැහැදිලි කරන්නයි. ඒ මිසක් පුනර්ජනනීය විදුලිය, තාප විදුලිය සංසන්දනය කරන්න එහෙම නෙමෙයි. මේක දැන ගෙන යා යුතු ගමනක්. බොහොම සැලසුම් සහගතව යා යුතු ගමනක්. ඒක නිසයි අපි අවසාන අවුරුදු 5හේ අපේ සැලසුම්වල වසරින් වසර ක්‍රමානුකූලව පුනර්ජනනීය විදුලිය වැඩි කරලා තියෙන්නේ. සැලසුම් කරපු විදිහට පුනර්ජනනීය විදුලිය පද්ධතියට එකතු වුණේ නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒව හදාගෙන අනිවාර්යෙන්ම අපි මේ රට නැවතත් වාරයක් පුනර්ජනනීය විදුලිය මත පදනම් වෙච්ච විදුලි පද්ධතියක් කරා ගෙනියනවා. ඒක තමයි අපේත් ඉලක්කය.ඒක කරන්න හැමෝම අපිව තේරුම් අරගෙන අපිට සහයෝගය දෙයි කියලා අපි හිතනවා. 

ලක්මාලි කරුණානායක – ප්‍රධාන ඉංජිනේරු – බලශක්ති කළමනාකරණ -වයඹ පළාත II – ලංකා විදුලිබල මණ්ඩලය

2022/06/19

Cancelling Competitive bidding will not expedite the process but will lead to corruption

Dr. Asanga Rodrigo – Former Director General of SLSEA.

Here is a reply to the Minister of Power & Energy Kanchana Wijesekara’s tweet from the former Director General of Sri Lanka Sustainable Energy Authority.

This effort of the CEBEU is not to avoid RE integration. This is to prevent the killing of Tendering process of the country. We have added 705MW of Solar Power and 248MW of Wind power to our national grid so far. We have already installed 1400MW of Hydro power too. Don’t forget our maximum demand is around 2700 MW. So calculate the RE penetration percentage of Sri Lanka and compare the values with Germany and Australia. Understand the truth behind the scenes.

CEBEU sees ominous side of proposed changes to Electricity Act

By Ifham Nizam

The Ceylon Electricity Board Engineers’ Union (CEBEU) yesterday expressed concern about the Bill gazetted on April 29, 2022, to amend the Sri Lanka Electricity Act No. 20 of 2009.

The CEBEU said the Bill would be tabled in Parliament on June 09, 2022.

CEBEU Joint Front Representative Isuru Kasthurirathna told The Island that they had informed Prime Minister Ranil Wickremesinghe, Speaker Mahinda Yapa Abeywardena, Sajith Premadasa and Members of Parliament of their opposition to the Bill.

“We have requested all stakeholders to prevent the passage of amendments to the Sri Lanka Electricity Act,” Kasthurirathna said.

Power and energy sector was a more technically oriented field and was of highly importance in economic terms as it dealt with multi-billion rupee financial transactions. Thus, the basic concept of the Sri Lanka Electricity Act No. 20 of 2009 has been to procure electricity through competitive bidding only, to secure the lowest priced electricity through competition, to control its impact on the national economy properly, the CEBEU pointed out.

The Island – 07-06-2022

අදානි ව්‍යාපෘතිය නීති විරෝධියි…!!!

මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමූහය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම නීති විරෝධී බැවින් ඉන් ඉවත් වන ලෙස හා එසේ නොවුණහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සුළං බල සංගමය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුම් දී තිබේ.

ජුනි 02 සහිතව යොමුකර ඇති එම දැනුම්දීමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව විශාල විදුලිබල ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ස්වෙච්ඡා යෝජනා මත ලබාදිය නොහැකි බවත්, ලබා දෙනවා නම් එසේ ලබාදිය හැක්කේ ආණ්ඩු දෙකක් අතර සිදුකරන ගනුදෙනුවකදී පමණක් බවත්ය. එහෙත් අදානි සමාගම ඉන්දීය රජයට අයත් සමාගමක් නොවන බවත් එය එම රටේ ඇති පෞද්ගලික සමාගමක් බවත් එහි සඳහන් කර තිබේ.

එමෙන්ම ශ්‍රීලංකාවේ සුළං බලය සමබන්ධයෙන් ඇති ඉතාම වටිනා ස්ථාන වන මන්නාරම හා පුනරීන් යන ප්‍රදේශවල මෙම ඇති ඒකකයට ඇමරිකානු ඩොලර් සත 7.55 යන මිල ලෝකයේ එවැනි ව්‍යාපෘති සමග ගත්කළ ඉතා ඉහළ අගයක් බවත් දේශීය සුළං බල නිෂ්පාදකයින් ඒ සඳහා ඇමරිකානු ඩොලර් සත 5ක මුදලක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කළ බවද එහි සඳහන් කර තිබේ. එමෙන්ම ඇමරිකානු ඩොලර් වලින් මෙම මුදල් ගෙවීමට සිදුවීම නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටින් පිටවීමට නියමිත බවද එහි සඳහන් කර තිබේ.

ලසන්ත රුහුණගේ:

අනිද්දා පුවත්පත

ආර්ථිකේ, කොරෝනා, කාබනිකේ සහ විදුලිය…

මොකක්? කිරි පැණියි යකඩ ඇණයි වගේ… කිසිම ගැලපීමක් නැති මාතෘකා ටිකක් නේද…?

නැත්තෙමත් නෑ… ඔය හැම මාතෘකාවක් ගැනම ඔන්න ඔය උඩ වීඩියෝ එකේ තියෙනව වගේ ලොකු මිටින් මන් දැකල තියෙනව TV එකේ 2019 හිටං. මට මේ මිටීම දැක්කම ඒවා මතක් උනා.

මතකද 2019 නොවැම්බර් දෙසැම්බර් වගේ කලෙක ජනාධිපතිතුමා මහා බැංකුවේ භාණ්ඩාගාරේ වගේ ආයතනවල ඉන්න ආර්ථික ලොක්කෝ ගෙන්නලා ආවේශ වෙලා වගේ දෙහි කැපුවා ආණ්ඩුවේ වැඩවලට සහය දෙන්න බැරිනම් යන්න කියල. අද වෙලා තියෙන විනාසෙට සෑහෙන්න වග කියන්න ඕනි නමුත් රට බංකොලොත් වෙන්න ටිකකට කලින් ගෙදර මාරුඋන අර්ථික ඝතකයොත් මේන් මේ මිටීමේ ඔව් සෑර් කියා කියා අර නිළදාරින්ට දෙහි කැපුවා නොසෑහෙන්න. අද අපේ ගැලවුම්කාරය කියල ගෙනත් ඉන්න නනදලාල් මහත්තයත් ඔය බැනුම් අහපු ගොඩේ හිටියද මන්ද ? බොරු කියන්න ඕනි නෑ TV එකේ පෙන්නපු විස්තරවලට අනුව මටත් හිතුන එහෙම තමයි ජනාධිපති සැරට ඉන්න ඕනි… නැතුව බෑ කියල. එත් මොකද ඇත්තටම උනේ. දැන් අන්තිමට ඉතින් අපි හිඟන්නෝම උනානේ. මට අද හිතෙනවා එදා මහා බැංකුවේ හිටපු හොඳ මොලේ තියෙන නිලධාරී “ඔහොම මරි-මෝඩ වැඩ කරොත් ආර්ථිකේ වැටෙනවා” කියපු එක වෙන්න ඇති ඒ මිනිස්සු බැනුම් අහන්න හේතු උනේ කියා කියල… මං ඉතින් ආර්ථික ඔස්තාර් කෙනෙක් නොවන නිසා මීට වඩා ඒ ගැන කතාකරන්නේ නෑ…

ඊලඟට ආයේ කොරෝනා ආපු මුල වකවානුවේ ඔය වගේම මිටිං දැක්ක TV එකේ. වසංගත රෝග ගැන වගකීම ඇති දොස්තරල ටික දෙනෙක්, වෙන්න ඕනි දේ ගැන කියන්න හදනවා. නමුත් දොස්තරලා නොවන බොහෝ දෙනෙක් ජනාධිපති වටකරගෙන හරි සෑර් මෙහෙම කරමු අරම කරමු කියනවා, අර දොස්තරලාට කතා කරන්න නොදී. ඉතින් ඒ වගේම මුල වකවානුවේ පිළිගත් වෛද්‍ය ක්‍රමවේද වලින් බැහැර ධමිමික පැනිය වගේ නොයෙකුත් විකල්ප ක්‍රම ගලාගෙන ආව මතකද? රජයත් මුල්ම වකවානුවේ එන්නත ගෙන්න ඕනිද නැද්ද වගේ මට්ටමක හිටියා. නමුත් වාසනාවට වගේ පහුවෙලා හරි මගට වැටුන. මෙහිදී ජනතාවගේ ජිවිත බේරගන්න පිළිගත් වෛද්‍ය ක්‍රමවේදවලට යන්න ලොකු සටනක් කරපු බෝවෙන රෝග අංශයේ සහ අනිකුත් වෛද්‍යවරුන්ට සමාජයේ ප්‍රණාමය අදටත් තියෙනවා. (එත් දොස්තරලා අතරින් ඉතා සුළු පිරිසක් ‘වටවෙලා උරණ දුම් හට්ටි’ , ‘අමුතු කරල්’ වගේ අසම්මත දේවලින් නොයෙකුත් ලාබ ප්‍රයෝජන ගන්න කරපු උත්සාහයනුත් නොතිබුනා නෙවෙයි.). මෙන්න මේ රැස්වීමේ ලෝකේ පුනර්ජනනීය විදුලිය ට්‍රෙන්ඩ් එකත් එක්ක අපිත් යමු සෑර් කියන අපේ ජාසිංහ දොස්තර මහත්තයා ඒ කාලේ පොදු ජනතාවගේ වීරයෙක්. අපි දේශපාලකයෝ කියන කිසිදෙයක් විස්වාස නොකරත් ජාසිංහ දොස්තර මහත්තය කියනදේ, දෙන උපදෙස් විවාදයකින් තොරව පිළිගත්තා. තව එකක් ඉංජිනේරුවෝ වෙච්චි අපි දොස්තර මහත්වරු කියන දෙයක් කරල, ඒ කියන්නේ ඔය රෝහල් වල තියෙන කැඩුන ඉලෙක්ට්‍රොනික උපකරණ හදල දීලා, ගොඩනැගිලි, උපකරණ අරන් දීල උදව් කරා මිසක් දොස්තරලට කොරෝනා වලින් රට ගොඩදාන හැටි කියල දෙන්න ගියේනම් නෑ. ඒක අපේ විෂය නෙවෙයිනේ…

ඊළඟට කාබනිකේ. ඒ කාලෙත් අපි මේ වගේම ලොකු මිටිං දිහා කට ඇරන් බලං හිටිය TV එකේ. කෘෂිකර්මය පිලිබඳ උගතුන් කීපදෙනෙක් ඕක එක පාරට කරන්න ගියොත් සාගතයක් එනවා කියන්න හදනවා. නමුත් මේ වගේම “ඔව් සෑර් සැට් එක” ඒ අයට කතා කරන්න දුන්නෙම නෑ. හොඳ නිළධාරී මේ විනාසෙට අත ගහන්න බෑ කියල අස්වෙලාත් ගියා නේද? ජනමාධ්‍යට ඇවිත් මේක මේ විදියට කරන්න එපා කියපු මහාචාර්යවරුන්ට චෝදනාකරා ඒ අය එහෙම කියන්නේ පෝර ගෙන්නන කොම්පැණි වලින් කොමිස් අරං කියල. මහා විනාසේකට පස්සේ අද ජනාධිපතිවරයා ඇතුළු අපි ඔක්කොම පිලිගන්නවා ඒක දඩිබිඩියේ කොරන්න පුළුවන් එකක් නෙවෙයි කියල.

දැන් කතාකරමුකෝ මේ වීඩියෝ එකේ තියෙන මාතෘකාව ගැන. ඒ කියන්නේ 2030 ටත් කලින් දඩිබිඩි ගලා දස දහස් ගානක් solar හයිකරලා ඉන්ධන වෙනුවෙන් යන ඩොලර් ඔක්කොම ඉතුරු කිරීම තමයි කතාව. ඒකට තියෙන බාධාව ( මාත් ඇතුළු) මණ්ඩලේ ඉංජිනේරුවෝලු. උල තියන්න වටිනවා නේද?

TV එකේ මිටීම හඳුන්වා දෙන්නේ පුනර්ජනනීය විදුලිය ගැන කථාකරන්න “කරන්ට් ලොක්කෝ” එක්ක සාකච්ඡාවක් කියල. දැන් දොස්තරලා අතරින් කොරෝනා ගැන උපදෙස් දෙන්න ඉන්නේ වසංගත රෝග පිලිබඳ දොස්තරලානේ. ඒ වගේ ඉංජිනේරුවෝ අතරින් රටේ විදුලි පද්ධතිය ගැන වගකීම තියෙන්නේ , විදුලි පද්ධති ගැන ඉගෙනගෙන ඒ ගැන ප්‍රයෝගික අත්දැකීම තියෙන විදුලි ඉංජිනේරුවෝ. ඔය මිටීමේ පනහක් විතර හිටියට එහෙම අය ඉන්නේ දෙතුන් දෙනයි.. ඒ අයටත් “ඔව් සෑර් සැට් එක” අභිබවා හරිදේ කියාගන්න ඔය වගේ මිටිංවල කවදාවත් ඉඩ ලැබෙන්නේ නෑ. (මටත් ජනාධිපතිවරයා ළඟ ඔය වගේ අත්දැකීම් දෙපාරක් අත්දකින්න උනා ). එකේ වරද ඒ අයගේ නෙවෙයි. හොඳ දියුණු උන රටවල රටේ ආර්ථිකයට, ජනජීවිතයට බලපාන, ඒ වගේම ඩොලර් බිලියන 10-12 වගේ ගණන්වල වියදම් ගැන තීරණ ගන්නේ ඔහොම කැකිල්ලේ මොඩල් මිටින් වලින් නෙවෙයි. ඒවට අදාල හැම ක්ෂේත්‍රයකම විද්වතුන් විසින් කරන ලොකු අධ්‍යනයකින් පස්සේ. දැන් ගත්තොත් 70% නෙවෙයි 100% පුනර්ජනනීය විදුලියට යාම ගැන උනත් කිසිම විවාදයක් අපිට නෑ . එත් ප්‍රශ්නේ තියෙන්නේ එක කන්නෙන් කාබනිකෙට ගියා වාගේ 2030 දී මේකට යන්න තියෙන කඩි කුලප්පුව ගැන. ඒ කඩි කුලප්පුව එන්නේ ඉක්මනට එකෙන් හම්බුකරන්න හිතන අය. මේ 2030 ඉලක්ක තීරණය කරන්න කලින් කිසිම විද්වත් අධ්‍යනයක් කරලා නෑ. solar ව්‍යාපාරිකයින්, බොරු උපදේශකයින්, දේශපාලකයින් තමයි 2030 ඉලක්කය තීරණය කරේ. නමුත් දැන් එක රටේ නීතිගත ප්‍රතිපත්තිය නිසා අපිට තියෙන්නේ හානිය අවම කරගෙන ඒ දිශාවට ප්‍රයෝගිකව යන්න පුළුවන් දුරක් යන එක.

ජනාධිපතිවරයා කියනවා සෝලා දාල විදුලිය නිපදවල, විදුලි කැපිල්ලත් නවත්තල ඉන්ධන වලට යන වියදම සම්පූර්ණයෙන් නවත්තන වැඩපිළිවලට ලං.වී.ම ඉංජිනේරුවෝ විරුද්ධයි කියල සමාජ මතයක් තියෙනවලු. එහෙම සමාජ මතයක් තියෙනවා කියන එකනම් ඇත්ත කියල මටත් හිතෙනවා. යාලු මිත්‍රයෝ, නෑදෑයෝ විතරක් නෙවෙයි කොන්ඩේ කපන්න ගියාම බාබර් පවා අහනවා ඉක්මනට solar දාල ලයිට් කැපිල්ල නවත්වන්න බැරිද කියල. මම fb එකේ post ගණනාවක් දැකල තියෙනවා නිකන් තියෙන හිරු එළියෙන් කොමිස් ලැබෙන්නේ නැතිනිසා ලං.වී.ම ඉංජිනේරුවෝ solar වලට විරුද්ධයි කියල. හැබැයි ඔය කියන මතේ නම් සමහර solar ව්‍යාපාරිකයින් විසින් හදපු එකක්. අපි උපකල්පනය කරමු ලං.වී.ම ඉන්න ඉංජිනේරුවෝ 100% ම කොමිස් බලාගෙන වැඩකරනවා කියල. මට අහන්න තියෙන්නේ මේක කොමිස් ප්‍රශ්නයක් නම්, solar වලින් කොමිස් නොගෙන හෙන අමාරුවෙන් බැනුම් අහ අහා ගල් අඟුරු, ස්වභාවික වායු (LNG) වලින් විතරක් කොමිස් ගන්න මුන්ට පිස්සුද කියල. ඒ වගේම බිස්නස් කරන අය අතරින් solar බිස්නස් එකට විතරක් කොමිස් නොදෙන, හිරු එළිය වගේම සුපිරිසිදු කට්ටිය විතරක් අපු එකත් හරි පුදුමයි නේද? අනේ මන්ද.

ඉතා පිරිසිදු හිරු එළියෙන් කිසිම සද්ද බද්දයක් නැතිව විදුලිය හදන එක හරිම ආස හිතෙන වැඩක් නේ. අපේ ගෙදරත් තියෙනව 5kW පද්ධතියක්. බිල බින්දුව නෙවෙයි අතටත් දෙතුන් දාහක් හම්බවෙනවා. මගේ යාළු මිත්‍රයොත් හිතන් ඉන්නේ සෝල දාල ගෙදර බිල බිංදුව කරා වගේ රටේ ඉන්ධන බිලත් බිංදුව කරන්න පුලුවන් කියල. මන් දැක්ක මේ මීටිමේ අපේ අලුත් තරුණ ඇමතිතුමා වගේම “යේස් සෑර් සැට්” එකේ කීපදෙනෙක්ම “දඩස්” ගාලා solar දාල ඉන්ධන බිල දඩස් ගාල බිංදුව විදිය කියල දෙනවා. ඉතින් ඒක එහෙම ලේසි කාරණාවක් නම් අපි අම්ම මෝ නැතුව බැණුන් අහන්නේ මොකටද. කරන්න එපැයි නේද? බිංදුව කොහොම උනත් ඉන්ධන ගෙන්න යන සැහෙන මුදලක් එකෙන් ඉතිරි කරන්න පුළුවන් කියන එක හරි. නමුත් වැදගත් දේ තමයි ඒකට ඉවසීමෙන් ක්‍රමානුකුලව යන්න ඕනි. නැත්නම් වෙන්නේ එක කන්නෙන් දඩිබිඩි කාබනිකෙට ගිහින් කරගත්තේ විනාසේ අනිත් එක. දඩස් ගාල කාබනික කරලා යූරියා වලට යන ඩොලර් වියදම සම්පුර්ණයෙන් අඩුකරන්න ගිහින් දැන් කන්නත් නැතිවෙන පොටක්නේ තියෙන්නේ. අපේ කරුමෙට විදුලිය පිලිබඳ ගන්න තකතීරු තීරණවල ප්‍රතිපල අර කොරෝනා සහ කාබනිකේ වගේ මාස කීපයෙන් දැනෙන්නේ නෑ. ආර්ථිකේ වගේම විදුලිය ගැන ප්‍රශ්නත් සංකීර්ණයි. ඒ වගේම ප්‍රතිපල එන්නේ තැපෑලෙන්… සැහෙන්න පහුවෙලා. විදුලියේ මෝඩ තීරණේක ප්‍රතිපල එන්නේ ඊළඟ ආණ්ඩුව ආවම. එතකොට හැමදාම කලින් කට්ටිය මත එක ලේසියෙන් පටවලා, ඉංජිනේරුවන්ටත් බැනල ලේසියෙන්ම යට ගහන්න පුළුවන්…

දිග වැඩි උනා. එත් මට මේක ලියන්න හිතුනේ මගේ කොරෝනා වීරයා , ඒ කියන්නේ අනිල් ජාසිංහ දොස්තර මහත්තයා, ලෝකේ යන විදුලි ට්‍රෙන්ඩ් එකට අපිත් යමු කියනව දැකලා. 2030 දී 80% විදුලිය පුනර්ජනනීය විදුලිය ප්‍රයෝගිකව කරන්න කොච්චර ඩොලර් බිලියන ගානක් යනවද වගේ ඒවා බලන්න විදුලිබල අමාත්‍යංශයෙන් විද්වත් කොමිටියක් දැම්ම. මතක විදියට 2020 මුල. විශ්ව විද්‍යාල ආචාර්යවරු, පිට රට විද්වතුන් එහෙම ඉන්න හොඳ කමිටුවක්. ඒක ඒ වැඩේ කරන් යත්දී , ජනාධිපතිවරයා ළඟ තිබ්බ මෙන්න මේ වගේම මිටිමක තීරණය කරා 2030දී 70% ක් ප්‍රයෝගික නෑ, 2030 දී 50% ක් යමු (2050 දී 100% යන්න බලමු) කියලා. අපිත් ඒකට එකඟ උනා. අර 2030දී 70% විද්වත් කොමිටියේ වැඩ නතර උනා. ඒ විදියට කරගෙන යද්දී කොරෝනා ආව. කොරෝනා අඩුවේගන යත්දි 2021 ජුනි මාසේ වගේ හිටිය ගමන් නෑ නෑ 50% නෙවෙයි 2030දී 70% යන්න පුළුවන් කියල ආයේ තීරණය කරා, මුල් ගල තියන්න ඔන්න මෙන්න තිබුණ නොරොච්චෝලේ අලුත් යන්ත්‍රයක් දාන ව්‍යාප්තිය වහාම නතර කරා කියල මාධ්‍ය හරහා අහන්න ලැබුණා. බොහෝ දෙනෙක් දන්නේ නැති කාරණාවක් තියෙනව. ඒ තමයි ඒ තීරණ ගන්න කැබිනට් පත්‍රිකාව දාල තිබ්බේ විදුලිබල අමාතංශයේන් නෙවෙයි. විදුලි බලේ ගැන අතිශය දරුණු ලෙස බලපාන තීරණ අරං යෝජනාව දාල තිබ්බේ පරිසර අමාත්‍යංශයෙන්. එතකොට අපේ කොරෝනා වීරයා, දොස්තර ජාසිංහ මහත්තයා පරිසර අමාත්‍යංශයේ ලේකම්. එයා තමයි කැබිනට් පත්‍රිකාව හදල පරිසර ඇමතිතුමා හරහා ඉදිරිපත් කරන වගකීම ගත්තේ. පරිසර අමාත්‍යංශයේ උපදේශකයෙක් ඉන්නවා විටෙක විදුලි තවත් විටෙක ලෝක දේශගුණ විපර්යාසය පිලිබඳ විද්වතෙක් හැටියට තමාව හඳුන්වා ගන්න පරිඝනක ඉංජිනේරුවෙක්. රැකියාවක් කරන්නේ නෑ. රැකියාවට කරන්නේ රටේ සංවර්ධන ව්‍යාපෘති නතර කරලා පිටරට NGO වලින් සල්ලි හම්බුකරන එක. යුරෝපිය ජාතික එයාගේ නෝනයි එයයි solar උපදේශක සහ බිස්නස් තමයි පිටට පෙන්න කරන රැකියාව. අන්න එයත් එක්ක එකතුවෙලා තමයි ජාසිංහ මහත්තයාගේ පරිසර කණ්ඩායම විදුලිය පිලිබඳ නැත්නම් මුළු රටේ ආර්ථිකයට තදින්ම බලපාන මේ තීරණ ගත්තේ. අන්තිමට ජනාධිපතිවරයා COP වගේ අන්තර්ජාතික සමුළුවල අපි වගේ දුප්පත් රටකින් ලෝකයා බලාපොරොත්තු නොවන අති භයානක පොරොන්දු දීල අව. මේක අත්සන් කරාම යුරෝපියන් රටවලින් ඩොලර් බිලියන ගණන් වලින් ආධාර ලැබෙනවා කියල ආණ්ඩුවේ ඉහල උදවිය අන්දලා තිබ්බලු. මං TV එකේ දැක්ක යුරෝපිය තානාපතිවරු ජනාධිපති හම්බවෙලා සම්පුර්ණයෙන් කාබනිකෙට සහ පුනර්ජනනියට යන තුන්වන ලෝකේ පළමු රට වන ලංකාවට හොඳටම උදව් කරනවා කියල. අන්න ඒ ආධාර ලැබුණද ජාසිංහ මහත්තයෝ? නැත්නම් උන්ට කියල අඩුම ගානේ ඔය නැතෙයි කියන පපුවේ අමාරුවට, ජලභීතිකාවට දෙන බේත් එන්නත් ටිකක් වත් ගන්න බැලුවොත් නරකද?

මේක දැන්නම් හොඳටම දිගයි නේ. සමාවෙන්න. එනිසා මේ ටික විතරක් දොස්තර ජාසිංහ මහත්තයගෙන් අහන්නම්.

දැන් තාප විදුලිය තහනම් කරලා solar වලින්ම විදුලි පද්ධතිය හදන එක ලාබම ක්‍රමේ නම් හැම රටක්ම ඒ ලාභ ක්‍රමේ ඉක්මනට කරන්නේ නැතිව, මොන උලව්වටද ‘අපි තාප බලාගාර හදන්නේ නැතෝ’ කියල අමාරුවෙන් සමුළු තියාගෙන වාද විවාද කරලා බල්ල නාවන්න ගෙනියනවා වගේ හෙන අමාරුවෙන් අත්සන් කරන්නේ…??? ඇයි චීනෙ කියන්නේ අපිට එක පාරට අපේ රටේ ගල්අඟුරු බලාගාර හදන එක නවත්තන්න බෑ, ඕනි නම් 2025දී ගල්අඟුරු බලාගාර හදන්න පිටරටට ණය දෙන එක නවත්වන්නම් කියල? ජාසිංහ මහත්තය කියනව මේක ලෝකේ trend එකලු. එතකොට අල්ලපු රටේ මෝඩි මහත්තය 2050 ශුන්‍ය කාබන් ප්‍රතිපත්තියට අපිට නම් යන්න බෑ , අපි 2070 යන්න බලන්නම් කිව්වෙත් ඔය සමුළුවෙදි නෙවෙයිද? සුද්දෝ දෙන හැම අණ්ඩරයම ගෙඩිය පිටින් ඉන්දියාවේ, බංගලිදෙශේ නායකයෝත් ගිල්ලනම් අද ඒ රටවලුත් නැති බංගස්ථාන වෙලා. ඒ මිනිස්සු මොලේ ඇතිව වැඩකරපු නිසා හිඟමනට වැටිච්ච අපිට සේලයින් දෙන්න තරම් ධනවත් වෙලා ඉන්නවා නේද?

Eng. Athula Wanniarachchi

ඇඳිරි නීතිය ඉවත් කළ පසු…

ඇඳිරි නීතිය ඉවත් කළ විට, වැඩිවන විදුලි ඉල්ලුම සමග පැය හතහමාරක (7 1/2) විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ලංවිම පද්ධති පාලන අංශයේ ප්‍රධාන ඉංජිනේරු සහ ලංවිම ඉංජිනේරු සංගමයේ සම ලේකම් විදුලි ඉංජිනේරු එරංග කුඩාහේවා මහතා පවසා සිටියි…

මින් ඉදිරියට දේශපාලඥයින්ගේ විදුලි බිඳවැටුම් නඩත්තුවක් නෑ…

විදුලි ඉංජිනේරුවන්ගෙන් දැඩි තීන්දුවක්…

ඊයේ ගාළුමුවදොර සාමකාමී ජනතා අරගලයට රජයෙන් එල්ල කළ මැර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා…

කිසිදු ආකාරයකින් ජනතාව පීඩාවට පත්වන ආකාරයට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට සහතික වෙනවා…

මේ මොහොතේ ජනතාවට තොරතුරු දැනගැනීමට, සන්නිවේදන කටයුතු වලට මෙන්ම අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට විදුලිය අත්‍යාවශ්‍ය සාධකයක් බව අපි විශ්වාස කරනවා…

නමුත් ජනාධිපති, අගමැති හෝ අනෙකුත් ඇමති වරුන්ගේ විදුලි විසන්ධි වීමක් හෝ බිඳවැටීමක් සිදුවුවහොත් අපි ඒවා යතා තත්ත්වයට පත් කිරීමට කිසිදු ලෙසක මැදිහත්වීමක් සිදු නොකරන බව ප්‍රකාශ කර සිටිනවා…

ජනතා අරගලයේ අවශ්‍යතාවක් මත ජනතාව විසින් ඉල්ලා සිටියහොත් පමණක් විදුලිය විසන්ධි කිරීමට අපි විසින් කටයුතු කරනවා…

ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති විදුලි ඉංජිනේරු අනිල් රංජිත් මහතා මාධ්‍ය හමුවේ පලකල අදහස්.

ලංවිම ඉංජිනේරු සංගමයේ ප්‍රවෘත්ති නිවේදනය

ගෝටාගෝගම පරිශ්‍රයේදී සාමකාමී අරගලකරුවන් වෙත එල්ල කල අමානුෂික ප්‍රහාරය ලංවිම ඉංජිනේරු සංගමය ලෙස අපි දැඩි ලෙස හෙලා දකිමු.

ගෝටාගෝගම පරිශ්‍රයට එල්ල කල බියගුළු, අමානුෂික ප්‍රහාරය සඳහා වගකිව යුතු සියලුම පාර්ශවයන් වෙත තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි වගකිවයුතු පාර්ශවයන් ට බල කර සිටිමු.

රටේ ආර්ථිකය බංකොලොත් කිරීමට හේතු වූ, සමාජ, දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් එක්ව පෙළගැසෙමු.

අර්බුදකාරී වතාවරණය සාමකාමී තත්වයක් වෙත රැගෙන යාම වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා උපරිමයෙන් කැපවෙමු.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් වී මෙම ගැටුම්කාරී සහ අරාජික තත්ත්වය මගහරවා ගැනීමට සියළුම ක්‍රියාමාර්ග ගත යුතුය.

සන්නිවේදනයේ සහ සමාජ මාධ්‍ය භාවිතයේ දැඩි අවශ්‍යතාවය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා කැපවෙමු. දැනටමත් අතිශය අසීරුතාවයන්ට මුහුණ දී ඇති අප රටේ ජනතාව තවත් අසීරු තත්වයකට පත්වන වීම වැලැක්වීමට, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් කැපවෙමු.

ජනතාවගේ බහුතර හඬ නොසලකමින්, සැබෑ වෙනසක් වෙනුවෙන් අරගලය කරන්නන් තවදුරටත් පීඩාවට පත්කරන්නේ නම්, ජනතාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ලංවිම ඉංජිනේරු සංගමය ලෙස අවධාරණයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.

ඔබේ වහලයටත් සූර්ය බල පද්ධතියක් සවි කරගන්න කලින් දැනුවත් වෙන්න…!!!

“හැම වහලයකම සූර්ය බල පද්ධතියක් සවි කරගත්තොත් මේ විදුලි අර්බුදයට විසඳුමක් ලැබේවිද?” ඔය කියන විදියට හැම නිවසකටම සූර්ය බල පද්ධති සවි කරන්න පුළුවන්ද?, පුළුවන් නම් ඒ ක්‍රියා පටිපාටිය මොකක්ද ?”. අද බොහෝ දෙනෙකු සැලකිලිමත් වෙන කාරණයක් පිළිබඳවයි මේ පැහැදිලි කිරීම. තමන්ගේ නිවසේ සූර්ය බල පද්ධතියක් සවි කරගන්න අදහස් කරන ඕනෑම කෙනෙකු ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ඇතිව සිටීම වැදගත්. එසේ නොමැතිව ඒ කාර්‍ය්යට අවතීර්ණ වුව හොත්, විවිධාකාර ගැටලු වලට මුහුණ දෙන්නට වනවා සේම, වැරදි අවබෝධයන් නිසා අයහපත් දේවල් සමාජගත වන්නටත් පුළුවන්.සූර්ය බල පද්ධතියක් නිවසකට සවි කර ගැනීමේ ආකාර කිහිපයක් පවතී. ඒ එක් එක් ක්‍රමයන් වලින් ඔබේ නිවසට සරිලන , ඒ වගේම ඔබගේ අවශ්‍යතාවය ඉටු වෙන ක්‍රමවේදය කුමක් දැයි මුලින්ම තීරණය කල යුතුය.

1. ජාතික පද්ධතියට සම්බන්ධ කල හැකි පරිදි පමණක් සවි කරන සූර්ය බල පද්ධති ( On Grid Solar System ) – මේ ක්‍රමයට සූර්ය බල පද්ධතියක් සවි කිරීමේදී, සූර්ය පැනල හරහා නිපදවන සියලුම විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි. මෙය ඍජුවම විදුලි පද්ධතියට මුදාහරින නිසා, සවි කිරීමට පලමුව අදාළ ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්‍යාල හරහා අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. එසේම සූර්ය බල පද්ධති සවි කිරීම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් අනුමත කරන ලද ආයතනයන් ඇත. නමුත් සූර්ය පැනල සවිකිරීමේ ආයතනයන් වෙත යන්නට පලමුව විදුලි බල මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම කල යුතු වේ. මන්ද සමහරවිට ඔබගේ නිවස පිහිටි ස්ථානය අනුව සූර්ය පැනල හරහා නිපදවන විදුලිය ජාතික පද්ධතියට එකතු කර ගැනීම ගැටලු සහගත වන්නට පුළුවන. Rooftop Solar System – වහල මත ඉදිකරන සූර්ය බල පද්ධති, ජාතික විදුලි පද්ධතියට එක් කර ගැනීමේදී සලකනු ලබන කරුණු ** මෙහිදී අදාළ නිවසේ විදුලි අවශ්‍යතාවය ජාතික පද්ධතිය මඟින් ලබා ගන්නා අතර, වහල මත ඉදිකර ඇති සූර්ය පැනල මඟින් නිපදවන විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරිනු ලබයි. මෙසේ බොහොමයක් යාබද නිවෙස් වලද සූර්ය පද්ධතීන් හරහා විදුලිය නිපදවීම සිදු වුව හොත්, ඊට අදාළ ට්‍රාන්ස්ෆෝමරයේ ධාරිතාවය ඉක්මවා යන තරම් විදුලි ප්‍රමාණයක් පද්ධතියට එකතු විය හැකිය. එය විදුලි පද්ධතියට හානිදායක කරුණකි. එබැවින් ට්‍රාන්ස්ෆෝමරයක ධාරිතාවයෙන් 80% ක ප්‍රමාණයකට වඩා සූර්ය පැනල සවිකිරීමේ හැකියාවක් නොමැත. ** එමෙන්ම සූර්ය පැනල මඟින් නිපදවන විදුලිය ඒ අවස්ථාවේම ජාතික පද්ධතියට මුදාහරින බැවින්, එය පරිභෝජනය කරන්නට ප්‍රමාණවත් තරම් පාරිභෝගිකයින් ඊට සම්බන්ධ විදුලි මාර්ගයේ සිටිය යුතුය. මන්ද එසේ නොමැති වුව හොත් විදුලි පද්ධතියට මුදාහරින විදුලිය කිසිවෙකු පරිභෝජනය නොකරන විට, සූර්ය පැනල සවිකර ඇති ස්ථාන ආසන්නයේ වැඩි වෝල්ටීයතාවයක් නිර්මාණය වී, ආසන්න නිවෙස් වල විදුලි උපකරණ වලට හානි විය හැක.එබැවින් සූර්ය පද්ධතියක් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කර ගැනීමේදී ජාතික පද්ධතියට සහ අනෙකුත් විදුලි පාරිභෝගිකයින්ට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම, විදුලි බල මණ්ඩලය සතු වගකීමකි. එමෙන්ම විදුලි පාරිභෝගිකයින් ලෙස එය අප සැමගේමද ජාතික වගකීමකි. ඒ පිළිබඳව මනා අවබෝධයෙන්, දැනුවත් භාවයෙන් සිටීම මෙන්ම එයට අවශ්‍ය සහය දැක්වීමද අපගේ යුතුකමකි.

2. ජාතික පද්ධතියට සම්බන්ධ නොකරන සූර්ය පද්ධති ( Off Grid Solar System ) – ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධතාවක් නොමැතිව තමන්ගේ පෞද්ගලික විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමට පමණක් සරිලන පරිදි මෙම පද්ධති සවිකර ගනු ලබයි. එහිදී සූර්ය පැනල හරහා නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා කරගනු ලබන බැවින්, විදුලිය විසන්ධි වී ඇති අවස්ථාවන් වලද, තමන්ගේ විදුලි අවශ්‍යතාවය ඒ හරහා සපුරා ගැනීමේ හැකියාව පවතී. එසේම ඉදිරියේදී අඛණ්ඩව විදුලිය සපයන කාලයන් වල වුව, දවසේ වැඩිම විදුලි ඉල්ලුම පවතින කාල සීමාවේදී ( Peak hours- රාත්‍රී 6.00 ත් 10.00 ත් අතර ) ජාතික පද්ධතියෙන් ඉවත් වී අධික පිරිවැයක් දරා නිපදවන විදුලිය පරිභෝජනයෙන් වැළකීමටද ඔබට පුළුවන. එය ජාතික වශයෙන් ඔබ විසින් සිදු කරනු ලබන වටිනා ක්‍රියාවකි. තවද ඔබගේ නිවසේ සාමාන්‍ය තෝරාගත් අවශ්‍යතාවයන් සඳහා කුඩා ප්‍රමාණයේ සූර්ය පැනල සවිකර ගැනීමෙන්ද, නිවසේ විදුලි බිල අඩුකර ගත හැකි අතර ජාතික පද්ධතියේ ඉල්ලුම අඩු කරවීමටද දායක විය හැකිය. උදාහරණයක් ලෙස වතුර උණු කිරීමේ උපකරණ කුඩා සූර්ය පැනලයක් හරහා ක්‍රියා කරවා ගත හැක. එමෙන්ම එළිමහන් විදුලි බල්බ සඳහාද ඉතාමත් පහසුවෙන් මේ ක්‍රමය යොදා ගත හැකිය.

3. ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමේ හැකියාව මෙන්ම ජාතික පද්ධතියෙන් වෙන්ව ක්‍රියා කිරීමේ හැකියාවද ඇති සූර්ය පද්ධති ( Hybrid Solar System )මෙම සූර්ය පද්ධතීන් සඳහාද ඉහත විස්තර කල ජාතික පද්ධතියට සම්බන්ධ වන සූර්ය පද්ධති (On-grid Solar System ) වලට අදාළ සියලුම කරුණු අදාළ වේ. එමෙන්ම මෙම ක්‍රමයේදීද සූර්‍ය පැනල වලින් නිපදවන විදුලිය බැටරි පද්ධතියක ගබඩා වන බැවින්, විදුලිය නොමැති අවස්ථා වලද විදුලි අවශ්‍යතාවය සපුරා ගැනීමේ හැකියාව තිබීමේ වාසියද ඇත.

Eng. Lakmali Karunanayake (Chief Engineer – EM – NWP1)