


අසාධාරණ බදු පනතට එරෙහිව ලංවිම ප්රධාන කාර්යාලය සහ ඌව පළාත වෘත්තිකයින් හා සේවා නියුක්තිකයින් පෙත්සම් අත්සන් කිරීම – 2023 ජනවාරි 03 දින
















රටටත්, ජනතාවටත් අත්‍යාවශ්‍ය විදුලි ව්‍යාපෘති ප්‍රමාද කරවන්නේ කාගේ උවමනාවටද…?
අපේ රටේ දෛනික විදුලි අවශ්‍යතාවය වර්තමානයේදී ගිගාවොට් පැය 43 (43 GWh) හෙවත් විදුලි ඒකක මිලියන 43 ක් පමණ වෙනවා. ඒත් ආර්ථික කටයුතු වල හැකිලීම, කර්මාන්තශාලා වල නිෂ්පාදන ක්‍රියාවලි වල මන්දගාමීත්වය, විදුලි කප්පාදුව හා ගාස්තු වැඩි කිරීම වැනි හේතු නිසා, එය මේ දිනවල ගිගාවොට් පැය 35 (35 GWh) වගේ අගයකට පමණ අඩු වෙලා තියෙනවා.
මේ දින වල රටේ විදුලි අවශ්‍යතාවය දවසේ එක් එක් වේලාවේදී පහත ආකාරයෙන් වෙනස් වෙනවා.
- පැය 24 පුරාම අවමය 1100 MW – 1200 MW වගේ අවශ්‍යයි. (මෙය Base Load යනුවෙන් හඳුන්වනවා)
- දිවා කාලයේදී පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්. (Day Peak)
- රාත්‍රි 6 – 10 අතර උපරිම ඉල්ලුමක් පවතින කාලයේදී 2300 MW – 2500 MW පමණ විදුලි ඉල්ලුමක් පවතිනවා. (Night Peak)
මේ වගේ එක එක වේලාවල් වලට විදුලිය නිපදවන්න භාවිතා වන බලාගාරත් වෙනස් වෙනවා. පැය 24 ම විදුලිය ලබාදෙන බලාගාර අඩුම ජනන වියදමක් සහිත බලාගාර වෙනවා වගේම, ඒවා ස්ථිර විදුලි සැපයුමක් සහිත බලාගාර (Base load plant) ලෙස හඳුන්වන්නට පුළුවන්.
ඒ වගේම දිවා කාලයේදී පුනර්ජනනීය බලශක්තීන්ගෙන් නිපදවන විදුලිය වැඩි වශයෙන් භාවිතා කරනවා. දිවා කාලයේදී අපි දැනට පද්තිධයට සම්බන්ධ කරගෙන තිබෙන වහල මත සූර්‍ය බල පද්ධති ඇතුළු 700MW කට අධික සූර්‍ය විදුලියත් ලැබෙන නිසාවෙන්ම පවතින්නේ 1800 MW – 1950 MW පමණ විදුලි අවශ්‍යතාවයක්.
රාත්‍රීයේ උපරිම ඉල්ලුම ඇති කාලයට (සවස 6 සිට රාත්‍රි 10 දක්වා) බොහෝ දුරට භාවිතා කලේ තාප බලාගාර වලින් නිපදවන විදුලියයි. නමුත් මේ දින වල ඒ වෙලාවටත්, විදුලිය නිපදවන්නේ වෙනත් ප්‍රභව වලින්.
තත්ත්වය මෙසේ පවතිද්දී වැස්ස ලැබෙන දාට පැය 24ම ජල විදුලිය භාවිත කලත්, එයත් කෙටි කාලීන නිසා අවුරුද්දෙ 365 දවසෙම ස්ථිර ලෙස විදුලිය දෙන්න අඩු ජනන වියදමක් සහිත ගල්අඟුරු බලාගාරයත් භාවිතා කරනවා.
ගල් අඟුරු වගේම අඩු වියදමකින් විදුලිය නිපදවන පැය 24 පුරාම 365 දවසම එක දිගටම විදුලිය ජනනය කල හැකි ක්‍රමයක් තමයි ස්වාභාවික වායු බලාගාර. අප රට තුල දැනටමත් 350 MW බැගින් වූ ස්වභාවික වායු බලාගාර දෙකක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරල තියෙනවා.
මේ අලුත් ස්වභාවික වායු බලාගාරයන්ට අමතරව දැනට ක්‍රියාත්මක වන 300 MW යුගදනවි බලාගාරයත් ස්වභාවික වායු වලින් දුවන්න පුළුවන් විදියට තමයි ඉඳිකරල තියෙන්නෙ.
ඒත් අප රට තුලට ස්වභාවික වායු ගෙන ඒම සහ ගොඩ බෑම වෙනුවෙන්, සැලසුම් කරල තියෙන පද්ධති සහ නල මාර්ග ඉදිකරන ව්‍යාපෘතියෙ ප්‍රසම්පාදන කටයුතු අවසන් කර, 2022 ජනවාරි මාසයේදී කැබිනට් අනුමැතියට යොමුකර තිබුණත්, මේ වනතුරුත් අදාළ අනුමැතිය නම් ලැබිල නැහැ. මේ අනුමැතිය පරක්කු වෙන එකෙන් අපි හදන බලාගාර විදුලි ජනනය පටන් ගැනීමටගතවන කාලය “අවුරුදු වලින්” ප්‍රමාද වීම සිදුවෙනවා.
LNG දෙවෙනි බලාගාරය ඉදිරියට නොයවා දැන් මාස ගණනාවක් තිස්සේ තියෙන්නේ අමාත්‍යංශයේ. මේ අනුමැති ලබාදීම ප්‍රමාද කරන්න මෑත කාලයේ වැඩිපුර කතාබහට ලක්වූ නිව් ෆෝට්‍රස් සමාගම, ඇමරිකානු බලපෑම්, ඉන්දියානු බලපෑම් රජය ඇතුලෙ හොල්මන් කරනවද කියල හිතෙන්නෙ, එහෙම ප්‍රමාද වෙන්න වෙනත් හේතු හොයාගන්න අසීරු වෙලා තියෙන නිසාමයි.
ඉතින් මේ ව්‍යාපෘති නිසි කලට නිම කර පැය 24 ම දින 365 ම අඛන්ඩ විදුලි සැපයුමක් අප රටේ ජනතාවට ලබාදීම අපේ ඒකායන අරමුණයි.
මේ අනුමැති තව තවත් ප්‍රමාද කරන එකෙන් මේ නැතිවෙන්නේ රටේ අනාගතය නොවේද…?
අපේ අනාගතය නොවේද… ?
අපේ දරුවන්ගෙ අනාගතය නොවේද… ?
මෙය ඔබ සැමට බුද්ධියෙන් විමසා බැලීමට, අපි මෙලෙස සටහන් කර තබන්නෙමු. මේ අප රටේ අනාගතය වෙනුවෙන්, අපේ ඉදිරි පරපුර වෙනුවෙන් අප සැවොම අත්වැල් බැඳගත යුතු කාලයයි.
— ලංවිම ඉංජිනේරු සංගමය —

හදිසි විදුලි මිලදී ගැනීම්

වර්තමාන විදුලිබල ජනන අර්බුදයේ පැතිකඩක්…
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයෙහි (Unit 02) A මට්ටමේ අලුත්වැඩියාව ඉතා සාර්ථකව නිම කරනු ලැබූ අතර එම යන්ත්‍රය මේ වන විට ඕනෑම මොහොතක යළි පණ ගන්වා පද්ධතියට සම්බන්ධ කිරීමට සුදානම් කර පවතී. ඒ සඳහා ඉතා කැප වීමෙන් වැඩ කටයුතු කල බලාගාරයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
මෙම අළුත්වැඩියාව පියවරෙන් පියවර විස්තර කෙරෙන ලිපි පෙළ සඳහා සබැඳියන් මෙතැනින් ලබාගන්න.
මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සතුටුදායක ජල මට්ටමක් තිබීම හේතුවෙන් ජලවිදුලි බලාගාර උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කරමින් මුළු විදුලි අවශ්‍යතාවයෙන් 63% කට වැඩි ප්‍රමාණයක් එමගින් ජනනය කරන නිසා ගල් අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන යන්ත්‍ර දෙක ද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 220 බැගින් වූ ධාරිතාවයකින් පමණකි . සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක නොවීමත් සමඟ රටේ පවතින ඉන්ධන හිඟතාවය හේතුවෙන් ද්‍රව ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන පෞද්ගලික අංශයේ හා ලංවිම සතු තාප බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කිරීමද සැලකිය යුතු කාලයක සිට සිදු නොවේ. ජාතික විදුලිබල පද්ධතියට දැනටමත් සම්බන්ධ කර ඇති ජනන ධාරිතාවයන් පවා මුල්‍යමය හේතු මත නවත්වා තිබියදී විවිධ පාර්ශව වල අවශ්‍යතාවය මත ලංවිමට දරා ගත නොහැකි වියදම් තව තවත් එකතු කිරීමට උත්සාහ කරන කණ්ඩායම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු….
2022 වසරේ මුල් භාගයේදීද ලංවිම හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝගේ උවමනාවට පුද්ගලික තාප බලාගාර සමඟ අත්සන් තැබූ හදිසි මිලදී ගැනීම් ගිවිසුම් නිසා ඉන්ධන නැතිව නවතා තිබූ, මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කල බලාගාර වෙනුවෙන් ධාරිතා ගාස්තු වශයෙන් පමණක් ලංවිම ට දැරීමට සිදු වුන මුදල ඒකකයකට රුපියල් 6 කට වැඩිය. මේ රුපියල් 6 සම්බන්ධව පසුගිය COPE කමිටු වලදී රඟ දැක්වූ නාටක දැන් අමතක වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ. ඉන්ධන නොමැතිව නවතා තැබීමෙන් නිකරුනේ මෙගා වොට් 150 ක පුද්ගලිකබලාගාර සඳහා මෙවරද ගෙවීමට සිදු වනු ඇති මුදල රුපියල් මිලියන 1,300 කට වැඩිය.
ආර්ථිකය පතුල නොපෙනෙන අගාධයක වැටී, පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා මෙන්ම අනෙකුත් තාප බලාගාර සඳහා හිඟ මුදල් ගෙවා ගැනීමට නොහැකිව, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිරීමට අමතර කොටස් මිලදී ගැනීමට නොහැකිව බලාගාර අවදානමකට ලක්වී ඇති මෙවන් මොහොතක අප රටක් වශයෙන් කල යුත්තේ තව තවත් ණය කඳු පිටින් එකතු කරමින්, බොර දියේ මාළු බෑමට සූදානම් වන කූඨ ව්‍යාපාරිකයන් හා දේශපාලන අතකොළු පෙන්වන නාට්‍ය සංදර්ශන දෙස බල බලා සිටීම ද, නැතහොත් ඔබගේ හෙට දවස වෙනුවෙන් හඬ නැඟීම ද? තීරණය ඔබ සතුයි..!!!!

2022/2023 නව ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව පැමිණේ…!!!
2022/23 ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව ඔක්තෝම්බර් 25 වන දින රාත්‍රී පුත්තලම වරාය අසල නැංගුරම් ලන ලදි. නැවෙන් ගල් අඟුරු බෑම අද දින (ඔක්තොබර් 26) පස්වරු 1 ට පමණ ආරම්භ කරන ලදි. ගල් අඟුරු රැගත් පළමු බත්තල සවස 4 ට පමණ බලාගාරයේ ජැටියට සේන්දු විය. එම නැවේ ධාරිතාව ගල් අඟුරු මෙට්‍රික ටොන් 61,342කි. එය සම්පූර්ණයෙන්ම බෑම සඳහා දින 5 ක් පමණ ගතවේ.

මේ ආකාරයට සෑම වසරකම සැප්තැම්බර් මස 15 වන දින සිට ඊළඟ වසරේ අප්‍රේල් මස 15 වන දින වන තෙක් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000 බැගින් වන නැව් 38 ක් පැමිණීම සිදු වෙයි. එක් නැවකින් එම ගල් අඟුරු තොගය බෑම දින 5 ක් ඇතුලත සිදු නොකළහොත් අප්‍රේල් මස 15 සිට මාස 6ක් පමණ පවතින වාරකන් හෙවත් මුහුද රළු වන කාලයට පෙර එම නැව් 38හිම ගල් අඟුරු බෑම සිදු කරගත නොහැකි තත්ත්වයක් ඇතිවෙයි… එවිට ගල් අඟුරු අවශ්‍ය තොග නොමැති කමින් ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමටත් පවතින විදුලි ඉල්ලුම හමුවේ විදුලි කප්පාදුවකට යාමටත් සිදු විය හැක.

දැනටමත් ගල් අඟුරු ගොඩ බෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම මාසයකින් පමණ ප්‍රමාද වී ඇති බැවින්, මේ වසරේ අද දින සිට ලබාගත හැකි උපරිම ගල් අඟුරු තොග ලබාගැනීම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුය.
එබැවින් රටේ විදුලිබලශක්ති අවශ්‍යතාවයෙන් 1/3ක් සපුරාලන නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට නියමිත වේලාවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා දී ප්‍රමාණවත් ගල් අඟුරු තොග සපයාදීමේ භාරදූර වගකීම රජය සතුය…!!!

Eng. Nihal Weerarathne – The new President of CEBEU for the term 2022/2023
Eng. Nihal Weerarathne was elected as the President of CEBEU for the term 2022/2023 in the Annual General Meeting held at Sri Lanka foundation institute on 30th September 2022.
Eng. Weerarathne currently hold the position of Deputy General Manager – Corporate Strategies and Regulatory Affairs of the Ceylon Electricity Board.
CEBEU Congratulates Eng. Nihal Weerarathne on his new appointment as the President of one of the most prestigious Professional Trade Unions in Sri Lanka and wishes best of luck for him and his team for the upcoming year filled with many challenges against the CEBEU as well as CEB.

ඇත්තටම විදුලි බිල වැඩි වෙයිද?
ජයමග රූපවාහිනී වැඩසටහනේ මාධ්‍යවේදී නුවන් විදානගේ මහතා සමග සිදුකළ වත්මන් විදුලිබල ක්ෂේත්‍රය හා සබැඳි අර්බුද හා ඒවාට ඇති විසඳුම් ගැන සාකච්ඡාව… #උත්තරය #ජයමගTV
ලංවිම ව්‍යාපෘති ඉංජිනේරු ඒ. ධනුෂ්ක පරාක්‍රමසිංහ – කමිටු සාමාජික ලංවිම ඉංජිනේරු සංගමය

”ජනපති මට කිව්වා නරේන්ද්‍ර මෝදි බල කරනවා, ඒක නිසා අදානිට දෙන්න කියලා” – ලංවිම සභාපති
සම්පුර්ණ වීඩියෝව මෙතනින් නරඹන්න…

ජනාධිපති සහ අගමැති ට ඉහලින් ඉන්න ප්‍රබල ඇමති කවුද…? – නිමල් පියතිස්ස – පා.ම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ.
ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුන් කරන හෙළිදරව්ව