Mawbima: විදුලි බලාගාර පමාවෙන් කෝටි 65,000ක පාඩුවක්

දෙනගම ධම්මික රණවීර

තමහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බලාගාර ඉදිකිරීමේ සැලසුම් අනුමත නොකිරීම ඇතුළු හේතුන් නිසා රජයට රුපියල් කෝටි 65,000ක පමණ විශාල පාඩුවක් සිදු වී ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය අවධාරණය කරයි.

එම සංගමය පසුගිය සිකුරාදා (05දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම කරුණු අනාවරණය කළේය.

2015 සිට විදුලි බලාගාර සඳහා සැලසුම් අනුමත නොකිරීම නිසා රටට රුපියල් කෝටි 53,617ක් පාඩු වී ඇති බවත් සැලසුම් කළ සාම්පූර් සහ අනෙකුත් අඩු වියදම් බලාගාර නැවැත්වීම සහ ප්‍රමාද වීම නිසා ඒ වෙනුවට වියදම් අධික ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවන බැවින් එම පාඩුව සිදුවන බවද එම සංගමය සඳහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කරන ලද බලාගාරවලින් රුපියල් 10කට අඩුවෙන් විදුලි ඒකකයක් නිපදවීමට හැකිවූවත් ඉන්ධන බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවීමට රුපියල් 25ක් වැය වන බව පෙන්වා දෙන එම සංගමය හදිසි අවස්ථාවලදී ඒකකයක් රුපියල් 30 බැගින් මිලදී ගන්නා බවත් පවසයි. ඩීසල් මිල 30%කින් සහ දැවිතෙල් 15%කින් වැඩි වී ඇති බවද අවධාරණය කරන විදුලි ඉන්ජිනේරු සංගමය එම තත්ත්වය දිගටම පැවතුණහොත් සමස්ත පාඩුව රුපියල් කෝටි 65,000ක් වන බවද සඳහන් කරයි.
http://mawbima.lk/print20180101MB20181230.php?id=21333

Leave a Reply

Your email address will not be published. Required fields are marked *