රංජන් කස්තුරි
ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්ධන හා විදුලිබිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ හඳුන්වාදිය යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අමරමුදල යෝජනා කර තිබේ.
රජය සතු වාණිජ ව්‍යවසායන්හි මූල්‍ය අවධානම කළමනාකරණය කර ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කළ යුතු බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළහි ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඉකුත්දා දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් එම යේජනා ඉදිරිපත් කර තිබේ.