විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ කිරීමට සැරසෙති

ලංකා විදුලිබල මණ්ඩලයේ දිගු කාලීන ජනතා සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මේ මස 8 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

මීට අමතරව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ කරන සියලු රාජකාරී වලින් ඉවත් වීමටද සංගමය දැනටමත් පියවර ගෙන ඇතැයි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ දිගු කාලීන ජනතා සැලැස්මට බාධා කරමින් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්න හොත් ඉදිරියේදී වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම සංගමය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *