විදුලිය බිඳ වැටීම් සියයට 95ක් කඩාකප්පල්කාරී වැඩ

 

(විනීතා එම් ගමගේ)

විදුලි වර්ජනය අතරතුර සිදුවූ  විදුලිය බිඳ වැටීම්වලින් 95%ක්ම කඩාකප්පල්කාරී ක්‍රියා  බව විදුලි බල ඉංජිනේරුවන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික අතුල වන්නිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.

මෙවැනි කඩාකප්පල්කාරි ක්‍රියා වැඩිම ප්‍රමාණයක් සිදුවූයේ අම්පාර දිස්ත්‍රික්කයේ යැයි ද ඔහු කීවේය.සේවයේ යෙදෙන සේවක පිරිස සමඟ හැකි උපරිම අන්දමින්  නඩත්තු කටයුතු කරන බව ඒ මහතා කියයි.

විශ්‍රාමිකයින් කිහිප දෙනකු මණ්ඩලයේ ඉල්ලීම අනුව සේවයට වාර්තා කළ බවත් සඳුදා තවත් පිරිසක් එනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසයි.

බලධාරීන්  වැරදි තීන්දුවක් ගෙන ඇත්නම් අධිකරණය ඉදිරියට යා හැකිව තිබියදී  ජනතාව අපහසුතාවට පත්කිරීම අනුමත කළ නොහැකි බව ද වන්නිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

LINK: විදුලිය බිඳ වැටීම් සියයට 95ක් කඩාකප්පල්කාරී වැඩ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *