www.hirunews.lk
ලබන මාර්තු සහ අප්‍රේල් මාසවලදී දිවයින පුරා යම් කාලසීමාවකට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
එම කාලසීමාව තුළ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ යන්ත්‍රයක දින 45ක නඩත්තු කටයුත්තක් ද යෙදී ඇති බව සඳහන්.
එමෙන්ම පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි මිලදීගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එහෙත් එහි තාක්ෂණික කමිටුවලට සහභාගිවීම විදුලි ඉංජිනේරු සංගමය වර්ජනය කිරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ අර්බුදයක්ද පැවතීම මීට හේතුව වී ඇති බව සඳහන්.
ලබන මාර්තු සහ අප්‍රේල් කාලසීමාව තුළ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පවතින ප්‍රදේශවලට වියලි කාලගුණ තත්ත්වයක් බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද ප්‍රකාශ කරනවා.
මේ නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේ.