වසර 2030 වනවිට 70%ක පුනර්ජනනීය ප්‍රභවයන් භාවිතයෙන් විදුලි ජනනය කිරීමේ ඉලක්කය ප්‍රායෝගික නොවන අධි වියදම් කටයුත්තකි…

වත්මන් රජයේ වසර 2030 වනවිට 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් විදුලිය ජනනය කිරීමේ ප්‍රායෝගික හා යථාර්ථවාදී නොවන ඉලක්කයන් සපුරා ගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් වත් වියදම් කළ යුතු බව ලං.වි.ම. ඉංජිනේරු සංගමය පවසයි. මෙහි සැබෑ තත්ත්වය ගරු ජනාධිපති තුමාට පහදා දීම සඳහා එතුමා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද තවදුරටත් ඔවුන් සඳහන් කර සිටිති.

ඉංජිනේරු සංගමයේ සම-ලේකම් විදුලි ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා පවසා සිටියේ වසර 2030 වනවිට 50% ක ඉලක්කයක් කරා ළඟා වීමද ඉතාමත් අපහසු බැරෑරුම් කටයුත්තක් බවත් එසේ වුවද ඒ සඳහා උපරිම උත්සාහය හා කැප කිරීමක් සිදු කරන බවත් ය.

එම නව තාක්ෂණය මෙරට විදුලිබල පද්ධතිය ට එකතු කිරීමට නම් දැනට පවතින කි.වෝ 220 සම්ප්‍රේෂණ පද්ධතියට අමතරව කි.වෝ 400 ක නව සම්ප්‍රේෂණ පද්ධතියක් අලුතින් ස්ථාපනය කිරීමද ඉතා ඉක්මණින් සිදු කළ යුතු බවත් පවසා සිටියේය.

2016 වසරේ සාම්පූර් බලාගාරය එවකට ජනාධිපතිවරයා විසින් අහෝසි කිරීම නිසා වසර පහක් තුල රුපියල් බිලියන 200කට අධික පාඩුවක් ලං.වි.ම. ට සිදුවී ඇති බවත් එම බලාගාරය තැනීම සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන ඇතුලු මූලික කටයුතු සඳහා ඒ වන විටත් රුපියල් බිලියනයක් පමණ වියදම් කර තිබූ බවත් ලේකම්වරයා තව දුරටත් පවසා සිටියේය.

The government had to spend some USD 2 billion to achieve the unrealistic 70 percent renewable energy target , the Ceylon Electricity Board Engineers Union (CEBEU) said yesterday, adding that they were planning to hold discussions with President Gotabaya Rajapaksa in this regard.

CEBEU Secretary Dhammika Wimalaratne told The Island that even to achieve 50 percent through renewable energy by 2030 was a difficult task although they were doing their utmost to achieve it.He said that upgrading the age-old network was one of the most challenging areas and 220 KV lines should be 400 kV apart from adopting other latest technologies.

The country had lost Rs. 200 billion due to the suspension of the proposed Sampur coal power plant, Wimalaratne said. The plant was stopped by former President Maithripala Sirisena after government had spent nearly one billion rupees on it, Wimalaratne added further.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *