වර්තමාන විදුලිබල ජනන අර්බුදයේ පැතිකඩක්…

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍ර‍යෙහි (Unit 02) A මට්ටමේ අලුත්වැඩියාව ඉතා සාර්ථකව නිම කරනු ලැබූ අතර එම යන්ත්‍රය මේ වන විට ඕනෑම මොහොතක යළි පණ ගන්වා පද්ධතියට සම්බන්ධ කිරීමට සුදානම් කර පවතී. ඒ සඳහා ඉතා කැප වීමෙන් වැඩ කටයුතු කල බලාගාරයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

මෙම අළුත්වැඩියාව පියවරෙන් පියවර විස්තර කෙරෙන ලිපි පෙළ සඳහා සබැඳියන් මෙතැනින් ලබාගන්න.

1. https://bit.ly/overhaulA1

2. https://bit.ly/overhaulA2

3. https://bit.ly/overhaulA3

4. https://bit.ly/overhaulA4

මේ වන විට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල සතුටුදායක ජල මට්ටමක් තිබීම හේතුවෙන් ජලවිදුලි බලාගාර උපරිම ධාරිතාවයකින් ක්‍රියාත්මක කරමින් මුළු විදුලි අවශ්‍යතාවයෙන් 63% කට වැඩි ප්‍රමාණයක් එමගින් ජනනය කරන නිසා ගල් අඟුරු බලාගාරයේ පළමුවන සහ තුන්වන යන්ත්‍ර දෙක ද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මෙගාවොට් 220 බැගින් වූ ධාරිතාවයකින් පමණකි . සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක නොවීමත් සමඟ රටේ පවතින ඉන්ධන හිඟතාවය හේතුවෙන් ද්‍රව ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන පෞද්ගලික අංශයේ හා ලංවිම සතු තාප බලාගාර වලින් විදුලිය නිෂ්පාදනය කිරීමද සැලකිය යුතු කාලයක සිට සිදු නොවේ. ජාතික විදුලිබල පද්ධතියට දැනටමත් සම්බන්ධ කර ඇති ජනන ධාරිතාවයන් පවා මුල්‍යමය හේතු මත නවත්වා තිබියදී විවිධ පාර්ශව වල අවශ්‍යතාවය මත ලංවිමට දරා ගත නොහැකි වියදම් තව තවත් එකතු කිරීමට උත්සාහ කරන කණ්ඩායම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස අපි ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු….

2022 වසරේ මුල් භාගයේදීද ලංවිම හිටපු සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝගේ උවමනාවට පුද්ගලික තාප බලාගාර සමඟ අත්සන් තැබූ හදිසි මිලදී ගැනීම් ගිවිසුම් නිසා ඉන්ධන නැතිව නවතා තිබූ, මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කල බලාගාර වෙනුවෙන් ධාරිතා ගාස්තු වශයෙන් පමණක් ලංවිම ට දැරීමට සිදු වුන මුදල ඒකකයකට රුපියල් 6 කට වැඩිය. මේ රුපියල් 6 සම්බන්ධව පසුගිය COPE කමිටු වලදී රඟ දැක්වූ නාටක දැන් අමතක වී ඇති සෙයක් පෙනෙන්නට තිබේ. ඉන්ධන නොමැතිව නවතා තැබීමෙන් නිකරුනේ මෙගා වොට් 150 ක පුද්ගලිකබලාගාර සඳහා මෙවරද ගෙවීමට සිදු වනු ඇති මුදල රුපියල් මිලියන 1,300 කට වැඩිය.

ආර්ථිකය පතුල නොපෙනෙන අගාධයක වැටී, පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා මෙන්ම අනෙකුත් තාප බලාගාර සඳහා හිඟ මුදල් ගෙවා ගැනීමට නොහැකිව, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිරීමට අමතර කොටස් මිලදී ගැනීමට නොහැකිව බලාගාර අවදානමකට ලක්වී ඇති මෙවන් මොහොතක අප රටක් වශයෙන් කල යුත්තේ තව තවත් ණය කඳු පිටින් එකතු කරමින්, බොර දියේ මාළු බෑමට සූදානම් වන කූඨ ව්‍යාපාරිකයන් හා දේශපාලන අතකොළු පෙන්වන නාට්‍ය සංදර්ශන දෙස බල බලා සිටීම ද, නැතහොත් ඔබගේ හෙට දවස වෙනුවෙන් හඬ නැඟීම ද? තීරණය ඔබ සතුයි..!!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *