මහා සංඝරත්නයේ දැඩි ඉල්ලීම් නිසා මේ මස 20 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මැයි 08 වැනිදා දක්වා කල්දැමූ බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
20 අවුරුදු අඩු වියදම් ජනන විදුලි සැලැස්ම ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මේ මස 20 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර තිබූ බවද එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාර මහතා අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මේ අනුව මැයි 08 වැනිදා සවස 4.15 පසු අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවද හෙතෙම පවසා සිටියේය.
වෙසක් පොහොය වෙනුවෙන් ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වන බැවින් මහා සංඝරත්නයේ ඉල්ලීමට අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය කල්දැමීමට කටයුතු කළ බවද ඔහු සඳහන් කළේය.
http://www.ada.lk/article/323309/%E0%B6%BD%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B8-%E0%B6%89%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%94-%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92