හර්ෂනී අර්සකුලරත්න
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් නිවේදනය අද (18දා) නිකුත් කරන බව ලංවිම ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සහ ඉදිරිපත් කර ඇති විදුලි ජනන සැලැස්ම අනුමත නොකිරීම සම්බන්ධව ඊයේ (17දා) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා හා සාකච්ඡාවක් පැවැති බවත් එහිදී ගැටලු සඳහා විසඳුම් දීමට ඇමැතිවරයා දැඩි උනන්දුවකින් කටයුතු කළ බවත් ඔහු පැවැසුවේය.
කෙසේ වෙතත් විටින් විට සිදුවූ එකඟතා, පොරොන්දු මධ්‍යයේ තවමත් ගැටලු නොවිසඳෙමින් ඉදිරියටම ගමන් ගන්නා හෙයින් එළැඹීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගය අනිවාර්යයෙන්ම සිදුවන බවද හෙතෙම පැවැසීය.
අඩු වියදම් බලාගාර සදහා වන සැලසුම් ලංවිම ඉන්ජිනේරුවන් ඉදිරිපත් කර තිබියදී ඒවා නොසලකා හරිමින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරිපත් කළ විදුලි ජනන සැලැස්මට විරෝධය පෑමක් ලෙස මේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කෙරේ.
එසේම ඒ හරහා ඉදිරියේදී ශ්‍රී ලංකාව දැඩි විදුලි අර්බුදයකට මුහුණපෑම නොවැළැක්විය හැකි බවත් ඒ කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමු කිරීම මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ තවත් එක් අරමුණක් බවත් එම සංගමයේ සභාපතිවරයා අවධාරණය කළේය.
http://www.mawbima.lk/print20170621MB20171230.php?id=12322