ලංවිමට නවක සේවකයන් බඳවා ගැනීම හෙට සහ අනිද්දා – hodamagossip

විදුලිබල මණ්ඩල සේවකයින් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස සලකා ලංකා විදුලිබල මණ්ඩලයට නවක සේවකයින් බඳවා ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ.ඒ සඳහා වන සම්මුඛ පරීක්ෂණ හෙට (20) සහ අනිද්දා (21) පැවැත්වෙන බව එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනයට හෙට (20) වන විට දින අටක් ගත වන අතර මේ හේතුව නිසා කොන්ත්‍රාත් හා තාවකාලික පදනම මත සිටින සේවකයින් හා විශ්‍රාමික විදුලිබල මණ්ඩල සේවකයින්ගේ සහයෝගය ඇතිව පාරිභෝගිකයින් අපහසුතාවකට ලක් නොවන පරිදි විදුලිය ලබා දීමට හැකි වූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

මෙම වැඩවර්ජනය නිසා දිවයින පුරා වරින් වර වූ විදුලිය විසන්ධි වීම් සියයට 99ක් පමණ යථා තත්ත්වයට පත් කළ බව ත් වෙනත් දිනවලදී පැයක් ඇතුළතදී යථා තත්ත්වයට පත්වන විදුලි විසන්ධිවීම් මෙම වර්ජනය නිසා යථාතත්ත්වයට පත් කිරීමට පැය දෙක තුනක් පමණ ප්‍රමාද වූ බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේ ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *