බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම පහළට – අඛණ්ඩ විදුලි සැපයුමට බාධා – හදිසි විදුලි මිලදී ගැනීමකට රජයේ අවධානය

NEWSNOW |COLOMBO – පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පවසා සිටියි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වන විට බලශක්ති ක්ෂේත්‍රය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බවය.

දෛනික විදුලි පාරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ වන විට දෛනික ඉල්ලුම 48% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මෙම තත්ත්වය හමුවේ, අඛණ්ඩ විදුලි සැපයුම අභියෝගයක් වී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.

සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එම තත්ත්වය තුළ කෙටි කාලීන විදුලි මිලදී ගැනීමක් සම්බන්යෙන් අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බවයි.

පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ජනතාවගෙන් යළි ඉල්ලා සිටින බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර මාවුස්සාකැලේ සහ කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට හෙට සිට පරික්ෂණ මට්ටමින් කෘත්‍රිම වැසි ඇති කිරිම නියමිතය.

තායිලන්ත රජයේ අනුග්‍රහයෙන් ඒ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් පසුගිය වසරේ සිදු කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *