2016 දී ජනාධිපතිවරයා විසින් එතෙක් ලංවිම අවම වියදම් දිගුකාලීන විදුලි-උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මේ තිබූ මෙගාවොට් 500ක සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි කිරීම, තමන් පරිසරවේදීන් යයි කියාගන්නා උපදේශකයන් කීපදෙනෙකුගේ උවමනාව මත අහෝසි කෙරුණි. ඉන්දියානු සමාගමක ආධාර මත ඉදිවීමට තිබූ මෙම බලාගාරයේ වටිනාකම දුටු බංග්ලාදේශය 2017දී එම සමාගමෙන්ම තම රටට ලබාගෙන 2022දී වැඩ නිම කිරීමට නියමිතය. මෙගාවොට් 1320ක් වන මෙම සුපිරි ගල් අඟුරු බලාගාරය බංග්ලාදේශය සතු විශාලතම අනෙක් බලාගාරය වන මෙගාවොට් 1320ක Payra බලාගාරයට උත්පාදන ධාරිතාවයෙන් සමාන වනු ඇත…
දෛවයේ සරදමක් ලෙස මෙම බලාගාරය හැඳින්වෙන්නේ “මෛත්‍රී සුපිරි ගල් අඟුරු බලාගාරය” ලෙසයි. එලෙස ලංකාවට ලැබීමට තිබූ නමුත් අපගේ පාලකයින්ගේ අදූරදර්ශි ක්‍රියාපිළිවෙත නිසා අපට අහිමි වූ මෙම බලාගාරය ලබාගත් බංග්ලාදේශය වෙතින්ම ඊට සිවු වසරකට පසු ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට සිදු වීම කොතරම් අභාග්‍යසම්පන්න සිදුවීමක්ද…???

මෙම අඩු වියදම් බලාගාරය අහිමි වූ නිසා වැඩි මිලට ඩීසල් භාවිතයෙන් පසුගිය වසර කීපයේ විදුලි උත්පාදනය කිරීමෙන් සිදුවූ පාඩුව අද වනවිට රුපියල් බිලියන 200 ද ඉක්මවා ගොස් ඇත.

සිරස ටීවී ඔස්සේ විකාශනය වූ ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා, ලංවිම හිටපු සභාපති මහාචාර්ය අනුර විජේපාල මහතා, ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු පිරිසක් සහභාගි වූ “සිරස මාවත 2021-07-15, රට විකුණයිද?”
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න…
https://youtu.be/hLcxsI0_vSI