ප්‍රමිතියකින් තොර LED විදුලි බුබුළු නිසා පාරිභෝගිකයන් අමාරුවේ

මෙරට විදුලි පරිභෝජනය ඉහළ යෑමත් සමග විදුලි බිල්පතද ඒ හා සමගාමීව ඉහළ ගොස් ඇත. එයට හේතු වී ඇත්තේ අපට විදුලිය උපදවන ජල විදුලිය සමස්ත ඉල්ලුමට සැපයුම ලබාදීමට තරම් ප්‍රමාණවත් නොවීමය. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයන් මගින් පවත්වාගෙන යනු ලබන විකල්ප විදුලි උත්පාදනයන් වෙතද යොමු වීමට විදුලිබල මණ්ඩලයට සිදු වී ඇත. එහිදී ඒ සඳහා වැය වන මුදල අධික වීමත් සමග පාරිභෝගිකයාට එහි වන්දිය යම් ප්‍රමාණයකින් ගෙවීමට සිදුව තිබේ.


4-thescientifi
විශේෂයෙන් මෙම මිල වැඩිවීම බලපාන්නේ ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ටය. විදුලිය භාවිත කිරීමේදී නිවාස සඳහා විදුලිබල මණ්ඩලය විසින් මසකට යම් ඒකක ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එය ඉක්මවන්නන්ට වැඩි මුදලක් සිය බිල්පතට එක් වේ. එය සීමා කරගැනීම පාරිභෝගිකයාට මෙන්ම සමස්ත විදුලිබල උත්පාදනයටද ලැබෙන්නා වූ සහනයකි. මේ පිළිබඳ විදුලිබල මණ්ඩලය නිරතුරුව ජනතාව දැනුවත් කිරීම තුළින් මේ වනවිට ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන් සිය විදුලි බිල්පත සීමා කරගැනීම සඳහා අඩු ක්‍ෂයවීමකින් හා වැඩි ආලෝකයක් ලබාදෙන විදුලි බුබුළු භාවිතයට යොමු වී ඇත. එය සුබවාදී ප්‍රවණතාවක් වුවද එම ක්‍රමවේදය කෙතරම් සාර්ථකද යන්න විමසා බැලිය යුතු වේ. මන්ද වෙළෙඳ පොළේ අලෙවිය සඳහා ඇති එවැනි විදුලි බුබුළුවල ප්‍රමිතිය පිළිබඳ නිසි සොයා බැලීමක් මේ වනතුරු සිදු වී නොමැති නිසාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *