http://www.mawbima.lk/print20170621MB20171230.php?id=8922
පසුගිය වසරේ අඛණ්ඩව විදුලිය දෙන්න බිලියන 60ක් වැය වුණා
? 2945 readers have read this article ! By mawbima2018-01-03
රංජිත් සියඹලාපිටිය
පසුගිය වර්ෂය තුළ ඇතිවූ වියළි කාලගුණික තත්ත්වය නිසා විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට රුපියල් බිලියන 60ක් වියදම් වූ බවත් ඊට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් බිලියන 6ක් පමණක් රැගෙන ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ඉතිරි වියදම් කළමනාකරණය කර ගත් බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.
නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් එම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.
2018 නව වසර තුළ අපට විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙයි.
අපි විදුලිබල මණ්ඩලයෙන් ලාබ ලබනවාට වඩා මහජන සේවාවක් ලබාදීමක් පමණයි කරන්නේ. ඒ නිසා තමයි විදුලි ඒකකයක් සඳහා රු. 16ක් වැය කළත් ජනතාවගෙන් විදුලි ඒකකයට රුපියල් 4ක් බැගින් අය කරන්නේ.
මේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය
අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ ලේකම් අනුර බටගොඩ මහතාද එක්ව
සිටියහ.