දිවයින: ඉල්ලීම්වලට විසඳුම් නැතිනම් විදුලි පද්ධතියම කඩා වැටේවි – ලං.වි.ම. ඉංජිනේරු සංගමය

අජිත් අලහකෝන්

තම ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදුනහොත් මෙම සතියේ සිට රට පුරා විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට ඉඩ ඇතැයි ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ශාන්ත කුමාර මහතා ප්‍රකාශ කර සිටී.

ලං.වි.ම. විසින් ඉදිරිපත් කළ දිගුකාලීන අඩු වියදම් විදුලි ජනන සැලසුම එනම් විදුලි බලාගාර සෑදීමේ සැලැස්‌ම මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්‌ෂේප කර විජාතික මහා පරිමාණ ව්‍යාපෘතියන්ට සරිලන නීති විරෝධී සැලැස්‌මක්‌ ඉදිරිපත් කිරීමට විරෝධය දක්‌වමින් තමන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවද හෙතෙම කීවේය.

ඒ අනුව මෙම සතියේ වැඩකරන දිනවල පස්‌වරු 4.15 න් පසුව සහ නිවාඩු දිනවල මුළු දවසේම විදුලිය බිඳ වැටීමක්‌ සිදුවූවොත් ඒවා යථා තත්ත්වයට පත්කිරීමක්‌ සිදු නොවන බව හෙතෙම කීවේය.

මේ සම්බන්ධව ලංකා විදුලි බල මණ්‌ඩලයේ ඉංජිනේරු සංගමයේ විශේෂ මහ සභා රැස්‌වීමක්‌ කැඳවීමට තීරණය කර ඇතැයිද හෙතෙම කීවේය.

මේ නිසා ජනතාවට සිදුවන පීඩාවන්ගේ වගකීම රජය විසින් භාරගත යුතු බවද කී ශාන්ත කුමාර මහතා පසුගිය 08 වැනිදා සිට තමන් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරත වුවත් පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා නඩත්තු කටයුතු සාමාන්‍ය පරිදි සිදුකළ බවද කීවේය.

http://divaina.com/daily/index.php/puwath-2/12123-2018-05-27-14-23-46

Leave a Reply

Your email address will not be published. Required fields are marked *