ජනපති උපදේශකයෙකු පෞද්ගලික විදුලි බලාගාරවලට අත වනනවාලු

බිඟුන් මේනක ගමගේ

ඉදිරි වසර විස්ස සඳහා තමන් සැකැසූ ජනන සැලැස්ම යටපත් කර පෞද්ගලික විදුලි බලාගාරවලට ඉඩ සැලැසීමට ජනපති උපදේශකවරයකු හා මහජන උපයෝගිතා කොමිසම කටයුතු කරමින් සිටින්නේ යැයි ලංකා විදුලිබල මණ්ඩල  ඉංජිනේරු සංගමය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියක් යවමින් කියා සිටී.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ලංවිම ජනන සැලැස්ම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයත් විශේෂ කාර්යභාර අමාත්‍යංශයත් ඒකාබද්ධ කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය. නමුත් මෙම තැනැත්තන් එයට ද විරෝධය පළ කරමින් සිය සිතැඟි ඉටුකරගැනීමට කටයුතු කරමින් සිටින්නේ යැයි එම සංගමය චෝදනා කරයි.

තම පෞද්ගලික අරමුණු ඉටුකරගැනීමේ අරමුණෙන් මහජන උපයෝගිතා කොමිසමේ බලය අපහරණය කිරීමට එහි සභාපතිවරයා කටයුතු කරමින් සිටින්නේ යැයි ද ඊට ජනාධිපති උපදේශකවරයා නොමද සහාය පළ කරන්නේ යැයි ද ලංවිම ඉංජිනේරු සංගමය පවසයි.

වසර 2030 වනවිට පුනර්ජනනීය විදුලි ප්‍රභව මගින් බලශක්ති සංයුතියෙන් 50% කට වැඩි ප්‍රමාණයක් විදුලිය උත්පාදනය කළ හැකි නමුත් එය 100% ක් දක්වා සිදුකිරීමට මෙම තැනැත්තන් සිහිනයක ගැලී සිටින්නේ යැයි ද එහි අවසාන ප්‍රතිපලය දැඩි විදුලි අර්බුදයකට රට තල්ලු කිරීම යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

http://www.lankadeepa.lk/latest_news/%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94-%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92-%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B6%85%E0%B6%AD-%E0%B7%80%E0%B6%B1%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%94/1-523324

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *