කුමන්ත්‍රණ පරදා විදුලි මිළ අඩු කරමු!!!
ඔබට මතකද, 2015 දී ඔබ ගෙවන විදුලි බිලෙන් 25% ක් අඩු කළ බව? එසේ අඩු කිරීමට හැකි වූයේ ජනන වියදම ඉතා අඩු නොරොච්චෝලේ තාප බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට 2014 වන විටදී එකතු වීමත් සමගය. පද්ධතියට එකතු වූ ජාතියට සම්පතක් වූ නොරෙච්චෝල් බලාගාරය ඉදිකිරීමට පෙර 2012 වසරේ ජනන වියදම ඒකකයට රු.23.66 ක් වූ අතර එම බලාගාරය පද්ධතියට එකතු වූ පසු 2015 වසරේදී රු. 15.06 ක් දක්වා අඩුවිම හේතුවෙන් ඔබගේ විදුලි බිල පහල දැමීමට හැකි විය. විදුලි ජනන වියදම එක් රුපියලකින් පමණක් අඩු කළහොත් රු. බිලියන 15 ක වාර්ෂික ආර්ථික වාසියක් රටට ලැබෙන බව ඔබ දන්නවාද? එය කෙතරම්ද යන්න අප පහදා දෙන්නම්. එම රුපියලේ වාසිය ගෙන මහජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආයෝජනය කළහොත් එය PET Scan යන්ත්‍ර 10ක්, MRI Scan යන්ත්‍ර 12ක්, CT Scan යන්ත්‍ර 20 ක්, වකුගඩු කාන්දු පෙරණ යන්ත්‍ර 1000 ක් හා ගිලන් රථ 500ක් යන සියලුම දේවල් මිලදී ගැනීමට හැකි බව පැවසුවහොත් ඔබ පුදුම වනවා නොඅනුමානය. නමුත්, එය සත්‍යකි.
අතීතයේ පැවති සමහර රජයන් විසින් නොරෙචිචෝල් බලාගාරය ඉදිකිරීම පමා කිරීම නිසා ඩීසල් දහනයෙන් ආර්ථිකයට වු පාඩුව රුපියල් බිලියන 900 කි. එය දකුණු අධිවේගී මාර්ගයට සමාන තවත් මාර්ග 8 ක් ඉදිකිරිමට යෙදවිය හැකිව තිබූ මුදලකි. සාම්පූර් බලාගාරය අවසාන මොහොතේ නැවැත්වීම නිසා ඉදිරි වසර 5 තුළ රටට සිදුවන පාඩුව රුපියල් බිලියන 200 කි. මෙය කටුනායක අධිවේගී මාර්ගය මෙන් තවත් මාර්ග 4 ක් ඉදිකිරීමට යොදාගතව හැකිව තිබූ මුදලකි. මේ අනුව රටේ ප්‍රධානීන් ගන්නා වැරදි තීන්දු තීරණ නිසා ප්‍රමාණාත්මකව රටේ ආර්ථිකයට මේතරම් දැඩි බලපෑමක් ඇති කළහැකි වෙතත් කිසිදු ක්‍ෂෙත්‍රයක් නොමැති බව පෙන්වා දෙමු.
මේ ආකාරයෙන් රටට ආර්ථික වාසි ගෙන දීම පසකට ලා වියදම අඩු කිරීම වෙනුවට එය ඉහල යවා තමන්ගේ පසුම්බිය තර කරගැනීම පිණිස සුක්ෂම ආකාරයෙන් කටයුතු කරන පිරිස් විසින් මෙවැනි අඩු වියදම් බලාගාර ඉදිකිරීම් නවත්වා පෞද්ගලික අංශයෙන් ඉතා වැඩි මිළට විදුලිය ගැනීමට පාර කපනු ලබයි. තවද, ද්‍රවිකෘති ස්වභාවික වායු හෙවත් LNG බලාගාර පමණක් පද්ධතියට එකතු කර අති විශාල පරිමාණයෙන් රටට ඔරොත්තු නොදෙන පරිදි LNG පිට රටින් ගෙන්වීමේ කූට ව්‍යාපාර වලට පාර කපා, මිලදී ගත්තත් නොගත්තත් (Take or Pay) අධික ලෙස ගෙවීමට සිදු වන අතිශය පාඩු සහගත ගිවිසුම් වලට රට තල්ලු කරන්න සමහර දේශපාලකයින් සහ බලධාරීන් යුහුසුළුව ක්‍රියාත්මක වේ.
මේ අතර විදුලි පාරිභෝගිකයා ගැන සොයා බැලීමට සිටිනා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ඇතැම් ඉහළ නිලධාරින් සිදු කරන්නේ කුමක්ද කියා බලමු. 2014 න් පසුව ලංවිම ජනන සැලසුම් වල තිබෙන අඩු වියදම් බලාගාර අනුමත නොකරමින් ඒවා ජාතික පද්ධතියට නොඑන පරිදි අන්තනෝමතික ලෙස ක්‍රියාකරමින් ඉදිරි වසර 7 දී වසරකට රටට බිලියන 50-60 ක අතර පාඩුවක්ද සිදුකිරීමට උපයෝගිතා කොමිසමේ එම නිළධාරීන් මේ වනවිටත් කටයුතු කර ඇත. එසේම, ප්‍රතික්ෂේපිත වූ ආර්ථික කමිටු වලින් හොර රහසේ හා බලෙන් ඔබන, ආර්ථිකය ඝාතනය කරන යෝජනා ගෙන්වාගෙන ඒ මත ලං.වි.ම ජනන සැලැස්ම් වෙනස් කරමින් ඉදිරි අවුරුදු 20 ටම එක් තාප බලාගාර වර්ගයක් පමණක් සැලැස්මට යෝජනා කරයි. අප මෙහිදී කිව යුත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් සකසන ලද ලං.වි.ම. ජනන සැලැස්ම යනු ගල් අඟුරු, ද්‍රවිකෘති ස්වභාවික වායු, සුර්ය, සුළං, ජල විදුලි ආදී ජනන මූලාශ්‍රයන් ගේ මනා සංකලනයකින් සැදුම් ලද්දක් බවයි. ඉහත කී ලෙස උපයෝගිතා කොමිසම මගින් නීති විරෝධී ලෙස සකස් කරන ලද සැලැස්මට අනුව අනාගතයේ සියළු තාප බලාගාර අධි මිළ ද්‍රවිකෘති ස්වභාවික වායු බලාගාරයන් වේ. එම සැලැස්ම ක්‍රියාවට නැංවුවහොත් මුළු රටම එකම එක ඉන්ධනයක් මත යැපෙන අතර එය බලශක්ති සුරක්‍ෂිතතාවට මරු පහරකි. උදාහරණයක් ලෙස ඔබට මතකද පසුගිය වසරේ පෙට්‍රෝල් හිගයක් ඇති වී පෙට්‍රෝල් නැවක් එනතෙක් මහජනතාවට විදින්න වූ අපහසුතාවය? එය යම් තරමක් හෝ අවම වුයේ ඩිසල් ඉන්ධන තිබු නිසා බව ඔබට වැටහේ යැයි අප සිතමු. මේ අනුව එකම බලශක්ති ප්‍රභවයක් මත පමණක් බලාපොරොත්තු තබා ගැනීම විදුලිබල පද්ධතිය දැඩි අනතුරේ හෙළීමකි. එයින් වාසි හිමි වන්නේ පෞද්ගලික විදුලි බලාගාර හිමියන්ට පමණකි. නමුත්, එයින් අපහසුතාවයට පත් වන්නේ ඔබ සැමයි.
මෙවැනි තත්වයක් මත විදුලිබල ක්ෂේත්‍රයේ පවතින අර්බුදය සැකෙවින් ඔබ වෙත දන්වා සිටීමට අප පෙළබුනේ ලං.වි.ම. අනාගතය සුරක්ෂිත කිරීමටත් ඔබගේ විදුලි බිල ඉහළ නොයා පාලනය කිරීමටත් යන කරුණු හේතුවෙනි. තවද, සෑම අවුරුද්දක් පාසා වැඩි වන මෙ.වො. 200 පමණ ඉල්ලුම හමුවේ විදුලි පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව, අඩු මිළට විදුලිය ලබා දීම සදහා විශාල පරිමාණයේ ස්ථාවර බලාගාර සැදීමට සහ එම බලාගාර සදහා අවශ්‍ය කරන ඉඩම් හදුනා ගැනීම සදහා රජයට අප බල කර සිටිමු. විදුලිබල ක්ෂේත්‍රය වැනි අති විශාල මුදල් සම්භාරයක් සැරිසරන ක්ෂේත්‍රයක තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට අනුව තීන්දු තීරණ ගන්නා මහජන උපයෝගිතා කොමිසමේ සමහර වංක නිලධාරින් හා ඒ තුල සිටින ව්‍යාපාරිකයින් ඉවත් කර එය ස්වාධිනව අපක්‍ෂපාති ලෙස විදුලි පාරිභෝගිකයින් උදෙසා පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙස රජයට බල කර සිටිමු.
දකුණු ආසියාවේ රටවල් අතරින් සැමට අඛණ්ඩ විදුලිය ලබා දීමේ අංක 01 ස්ථානය ලබා ගත් අප හැකිතාක් උත්සහ කරන්නේ පාරභෝගික ඔබට ඉතා විශිෂ්ට සේවයක් ලබා දීමටය. විදුලි කප්පාදු කිරිම් වලින් තොරව මෙම ස්ථානය තවදුරටත් රැක ගැනීම සහ ඉහත කී කරුණු සාක්ෂාත් කිරීම අරභයා ලං.වි.ම. ඉංජිනේරු සංගමය වන අප විසින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එලබීමට තීරණය කර ඇත්තෙමු. එමනිසා ලං.වි.ම. ට හා රටට ඉතා වැදගත් වන ඉහත කී ගැටලුවලට විසදුම් ලබා නොදුනහොත්, අප සංගමය විසින් මීට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත ඉදිරියේදී යොමුවන බවත්, එයට ප්‍රථමව එයින් අපහසුතාවයන්ට පත් වන ඔබ සැම මෙසේ දැනුවත් කිරීම අපගේ යුතුකමක් හා වගකීමක් ලෙස සලකනු ලබන බවද දන්වා සිටිමු.
මෙම අරගලය විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වෘත්තීය වරප්‍රසාද හෝ අයිතිවාසිකම් දිනා ගැනීමක් සදහා නොවන අතර එය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය හා පාරිභෝගික ඔබට අඩු මිළට, අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සදහා වන ප්‍රයත්නයකි.
ස්තුතියි.
ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය
කුමන්ත්‍රණ පරදා විදුලි මිළ අඩු කරමු!!! – Awareness Campaign
