ඔබගේ නිවස ජල ගැල්මකට ලක් වූයේ නම් පහත සදහන් දෑ අනුගමනය කරන්න

ජලය ඔබගේ නිවසට ගැලීමට මත්තෙන් නිවසේ විදුලිය විසන්දී කරන්න (හැකි නම් පමණි)

මෙවැනි ව්‍යවසනයකට ඔබ දැනටමත්ලක් වෙලා ඇත්නම් පහත පරිදි ආරක්ෂිත උපක්‍රම අනුගනුගමනය කිරීමෙන් අනතුරු අවම කර ගත හැක.

I. ජල ගැල්මෙන් ඔබගේ නිවස හානියට පත් වී ඇත්නම් බොහෝ විට එහි විදුලියද ස්වයංක්‍රීයව විසන්දීවී ඇත. කෙසේ නමුත්, විදුලි මීටරයෙන් ඔබගේ නිවසේ විදුලි පද්ධතිය වෙන් කිරීමට නම් මීටරය අසල ඇති “CUT OUT” එකඉවත්කිරීම හෝ බ්‍රේකර් ස්ව්චය විසන්දී කිරීම කල යුතු වේ. මෙය සිදු කල යුත්තේ විදුලි බල මණ්ඩලයෙන් හෝ සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු විසිනි.

II. විදුලි බල මණ්ඩලය විසින් මෙසේ ආපදාවන්ට ලක් වූ සියලුම ප්‍රදේශවල විදුලිය විසන්දී කර ඇත්තේඔබගේ ආරක්ෂාව සදහායි. එමනිසා, ඉහත පරිදි විසන්දි කිරීමක් අත්‍යවශය නොවන අතර ඊට සුදුසුකම් ඇති අය සොයා ගැනීමට නොහැකි නම් එය සිදු නොකිරීමට වග බලාගන්න.

III. ලංවිම විදුලි පද්ධතිය විසන්දි කලත්විදුලි රැහැන් වල විදුලිය පැවතීමේ අවදානම

විශේෂයෙන් සුර්ය පැනල සහිත නිවැසියෙක් නම් (Inverter ඇති නිසා ස්වයන්ක්‍රීයව OFF වුවත්) ඔබගේ සුර්ය පැනල පද්ධතිය ලංවිම විදුලි බල පද්ධතියෙන් අනිවාර්යෙන්ම වෙනකොට තබන්න. ඒ මන්ද යත් විදුලි රැහැන් වල විදුලිය නොමැති වුවත් ඔබගේ පැනලයෙන් විදුලිය ආපසු පිටත ඇති විදුලි රැහැන් වලට ගොස් අසල් වැසි නිවසකට යෑමේ අනිවාර්යය අවදානම ඇති හේතුවෙනි. එසේම  ඔබගේ නිවසේ විදුලි ආරක්ෂාව පිළිබද එය ඉතා තර්ජනයකි.

ඩීසල් හෝ වෙනත් කිසිදු ජනන යන්ත්‍රයක් ඔබගේ නිවසට සම්බන්ධ කිරීමෙන් වලකින්න.

මෙසේනිසි දැනුමකින් තොරව හෝ අදාළපරිදි ජනන යන්ත්‍ර පාවිච්චි කිරීමට හැකි අවස්ථාවන් එලබ නොමැති මොහොතකදී ඒවාපාවිච්චි කිරීමෙන් පිටත විදුලි රැහැන් වලට විදුලියයෑමෙන් ඔබට හා ඔබ අසල්වාසීන්ටත් ඉතා විශාල අනතුරු ගෙන දෙන බව කිව යුතුය.

මෙම ජනන යන්ත්‍ර නිවස ඇතුලත තබාපාවිච්චි කිරෙමෙන් එයින් නිකුත් වන විෂ වායුන් නිසා ඔබගේ ජීවිත වලටද හානි සිදු විය හැක.

IV. ජලය ඇති විටදී හෝ ගෙබිම තෙත්වීවිටදී විදුලි ස්විච ක්‍රියාත්මක කිරීමෙන් වහාම වලකින්න.

V. විදුලිඋපකරණ ක්‍රියාත්මක කිරීමෙන්ද වලකින්න.

DB

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *