ආපදා තත්ත්වයෙන් පූර්ණ වශයෙන් හානියට පත්වූ නිවාස සඳහා නව විදුලි සැපයුම නොමිලේ ලබා දීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.
එහි සමාන්‍යාධිකාරි ඒ.කේ. සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, එම නිවාසවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා මාස 6ක සහන කාලයක් ලබාදෙන බව ය.
සිදුව ඇති අලාභය ග්‍රාම නිලධාරිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් තහවුරු කිරිමෙන් පසු එම සහනය ජනතාවට හිමිවනු ඇති.
මේ අතර බිඳවැටුණු විදුලි සැපයුමෙන් සියයට 95 ක් යථා තත්ත්වයට පත් කර ඇතැයි ද සමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය.
ඔහු පැවසුවේ, තව ත් පවුල් දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා විදුලි සැපයුම මෙතෙක් ලබා දී නොමැති බව ය.
ඒ, සඳහා අතිරේක කණ්ඩායම් යොදවා තිබේ.
කළුත, බේරුවල ප්‍රදේශයෙන් තව දුරට ත් විදුලි බිඳවැටීම් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේය.
පසුගියදා දිවයිනට බලපෑ තද සුළං සහිත අයහපත් කාලගුණ තත්ත්වයෙන් පූර්ණ හානි වූ නිවාස සංඛ්‍යාව 835කි.