අපේ ඉල්ලීම්වලට විසඳුම් කඩිනම් වුවහොත් සිදුවන හානිය අවම කරගත හැකියි

Mawbima

හර්ෂණී අර්සකුලරත්න

ලං.වි.ම. ඉන්ජිනේරු සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීම සඳහා මූලික හේතුව වූ ලං.වි.ම. ඉදිරිපත් කළ විසි අවුරුදු විදුලි ජනන සැලැස්ම තවමත් අනුමත කර නැති බවත් ඊයේ (09දා) දිනයේ කැබිනට් අනුමැතිය හිමිවූයේ බලාගාර ස¼දහා වන ජනන සංයුතියට අදාළ ප්‍රතිපත්තිය සඳහා බවත් ලං.වි.ම. ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු පවසයි.

ඊයේ (09දා) දිනයේ මිශ්‍ර ජනන සැලැස්ම කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව පවසමින් විදුලි ඉන්ජිනේරුවරුන් හට ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අතහරින ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය කළ ඉල්ලීම පිළිබඳ ඉන්ජිනේරු සංගමයෙන් “මව්බිම” කළ විමසීමකදී ඔහු මේ බව පැවැසීය.

සිය ඉල්ලීම් අතර එම ජනන සංයුතියට අදාළ ප්‍රතිපත්ති සඳහා අනුමැතිය ලබා ගැනීම නොවූ බවත් සිය මූලික ඉල්ලීම් ඉටුවන තුරු සිය සංගමය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත් නොහරින බවත් හෙතෙම පැවැසීය.

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රමානුකූලව පියවරෙන් පියවර දැඩි කරන බවද ඒ අනුව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන් හට විදුලි බිඳ වැටීම් සඳහා මුහුණ දීමට සිදුවනු ඇති බව ද ඔහු පැවැසුවේය.

ඒ අනුව බලාගාර පවා අක්‍රිය විය හැකි බව පැවැසූ එම සංගමයේ සභාපතිවරයා ස¼දහන් කළේ විසඳුම් ලබා දීම කඩිනම් වුවහොත් සිදුවන හානි අවම කරගත හැකි බවත් විසඳුම් ලබාදීම දිනෙන් දින ප්‍රමාද කළහොත් සිදුවන හානි සහ අපහසුතා දරුණු වන බවත්ය.

http://www.mawbima.lk/print20170621MB20171230.php?id=13273

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *