අද :ආපදා ප්‍රදේශවල අකුරට වැඩ කිරීම නවත්වයි

ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල ජනතාවට සහන ලබාදීම සඳහා එම ප්‍රදේශවල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතා දැමු බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

අඩු වියදම් 20 අවුරුදු ජනන සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මේ මස 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙන බවද එම සංගමය පෙන්වා දෙයි.

බොහෝ ප්‍රදේශවලට ඇදහැළෙන වර්ෂාව නිසා යම් යම් ආපදා තත්වයන් ඇති වෙමින් තිබෙන බවත්, එම ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා අඛණ්ඩව විදුලිය ලබාදිය යුතු බවත් එම සංගමය සඳහන් කරයි.

මේ නිසා ආපදාවන්ට ලක් වූ ප්‍රදේශවල අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව ඉවත් කළ බවද එම සංගමය පෙන්වා දෙයි.

ලිංකුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *