
මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ඉන්දියාවේ අදානි සමූහය සමග අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම නීති විරෝධී බැවින් ඉන් ඉවත් වන ලෙස හා එසේ නොවුණහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සුළං බල සංගමය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය දැනුම් දී තිබේ.
ජුනි 02 සහිතව යොමුකර ඇති එම දැනුම්දීමේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල පනත අනුව විශාල විදුලිබල ව්‍යාපෘති ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව ස්වෙච්ඡා යෝජනා මත ලබාදිය නොහැකි බවත්, ලබා දෙනවා නම් එසේ ලබාදිය හැක්කේ ආණ්ඩු දෙකක් අතර සිදුකරන ගනුදෙනුවකදී පමණක් බවත්ය. එහෙත් අදානි සමාගම ඉන්දීය රජයට අයත් සමාගමක් නොවන බවත් එය එම රටේ ඇති පෞද්ගලික සමාගමක් බවත් එහි සඳහන් කර තිබේ.
එමෙන්ම ශ්‍රීලංකාවේ සුළං බලය සමබන්ධයෙන් ඇති ඉතාම වටිනා ස්ථාන වන මන්නාරම හා පුනරීන් යන ප්‍රදේශවල මෙම ඇති ඒකකයට ඇමරිකානු ඩොලර් සත 7.55 යන මිල ලෝකයේ එවැනි ව්‍යාපෘති සමග ගත්කළ ඉතා ඉහළ අගයක් බවත් දේශීය සුළං බල නිෂ්පාදකයින් ඒ සඳහා ඇමරිකානු ඩොලර් සත 5ක මුදලක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප කළ බවද එහි සඳහන් කර තිබේ. එමෙන්ම ඇමරිකානු ඩොලර් වලින් මෙම මුදල් ගෙවීමට සිදුවීම නිසා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටින් පිටවීමට නියමිත බවද එහි සඳහන් කර තිබේ.
ලසන්ත රුහුණගේ:
අනිද්දා පුවත්පත