news – අකුරට වැඩ නිසා පැය 8 න් පසු හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ඉවත් වේ – ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය

අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අනුව පැය 8 ක සේවා කාලයෙන් පරිබාහිරව හදිසි විදුලිය බිඳ වැටීම් සේවාවලින් ද ඉවත් වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

එහි සභාපති සෞම්‍ය කුමාරවඩු මේ බව කියා සිටියේ කොළඹ අද(01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, යුගදනවි බලාගාරයේ රජය සතු සියයට 40ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට පැවරීමට ගෙන ඇති තීරණයට එරෙහිව කටයුතු කළ විදුලිබල මණ්ඩලයේ සම්ප්‍රේෂණ අංශයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු සහ තවත් නිළධාරියෙකු සභාපතිවරයා විසින් ඊයේ සිට අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ඊට විරෝධය දැක්වීම සඳහා ඉංජිනේරු සංගමයේ නියෝජිතයින් විදුලිබල මණ්ඩලයේ මූලස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ සාමාන්‍යාධිකාරිවරයා සිටින කාමරය වටලා සිය විරෝධය දැක්වීමත් සමඟයි.  

ඉංජිනේරු සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භකල ද විදුලි හදිසි බිඳ වැටීමක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා සූදානම් බව ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ සඳහන් කළා. https://www.youtube.com/embed/djNAN3_uwVw

Leave a Reply

Your email address will not be published. Required fields are marked *