LankaCnews: කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටී… විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ..

අද පෙරවරුවේ 8 ට පමණ 220 kv (දෙලක්ෂ විසිදහසේ අධි සැර වෝල්ටීයතාවය) විදුලි රැහැන් පද්ධතියක් අක්‍රිය වීමෙන් ශ්‍රී ජයවර්ධනපුර, දෙහිවල, පන්නිපිටිය හා රත්මලාන යන ප්‍රදේශවල විදුලි සැපයුම අඩාල වී ඇත.

ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට විදුලි ඉංජිනේරු සංගමය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වන හෙයින් මෙම බිදවැටීම් විශාල සංඛ්‍යාවක් වන බවත්, ඒවාට වෙනදා මෙන් කෙටිමාර්ග වලින් (Short Cut) විදුලිය නැවත ස්ථාපනය කිරීමට නොහැකි බවයි.

මේ අතර විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සඳහන් කරන්නේ අදාළ ප්‍රදේශවලට විදුලි සැපයුම කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවයි.

LINK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *