2022/23 ගල් අඟුරු ගොඩබෑමේ වාරයේ ප්‍රථම නැව ඔක්තෝම්බර් 25 වන දින රාත්‍රී පුත්තලම වරාය අසල නැංගුරම් ලන ලදි. නැවෙන් ගල් අඟුරු බෑම අද දින (ඔක්තොබර් 26) පස්වරු 1 ට පමණ ආරම්භ කරන ලදි. ගල් අඟුරු රැගත් පළමු බත්තල සවස 4 ට පමණ බලාගාරයේ ජැටියට සේන්දු විය. එම නැවේ ධාරිතාව ගල් අඟුරු මෙට්‍රික ටොන් 61,342කි. එය සම්පූර්ණයෙන්ම බෑම සඳහා දින 5 ක් පමණ ගතවේ.

මේ ආකාරයට සෑම වසරකම සැප්තැම්බර් මස 15 වන දින සිට ඊළඟ වසරේ අප්‍රේල් මස 15 වන දින වන තෙක් ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000 බැගින් වන නැව් 38 ක් පැමිණීම සිදු වෙයි. එක් නැවකින් එම ගල් අඟුරු තොගය බෑම දින 5 ක් ඇතුලත සිදු නොකළහොත් අප්‍රේල් මස 15 සිට මාස 6ක් පමණ පවතින වාරකන් හෙවත් මුහුද රළු වන කාලයට පෙර එම නැව් 38හිම ගල් අඟුරු බෑම සිදු කරගත නොහැකි තත්ත්වයක් ඇතිවෙයි… එවිට ගල් අඟුරු අවශ්‍ය තොග නොමැති කමින් ජනන යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීමටත් පවතින විදුලි ඉල්ලුම හමුවේ විදුලි කප්පාදුවකට යාමටත් සිදු විය හැක.

දැනටමත් ගල් අඟුරු ගොඩ බෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම මාසයකින් පමණ ප්‍රමාද වී ඇති බැවින්, මේ වසරේ අද දින සිට ලබාගත හැකි උපරිම ගල් අඟුරු තොග ලබාගැනීම කිසිදු ප්‍රමාදයකින් තොරව සිදු කළ යුතුය.
එබැවින් රටේ විදුලිබලශක්ති අවශ්‍යතාවයෙන් 1/3ක් සපුරාලන නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට නියමිත වේලාවට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා දී ප්‍රමාණවත් ගල් අඟුරු තොග සපයාදීමේ භාරදූර වගකීම රජය සතුය…!!!