පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරූ මූලික අයිතිවාසිකම් පෙත්සමට කලබලයට පත් වූ බලධාරීන්, ඉන්දියාව සමග ගිවිස ගත් සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම අහෝසි කර දමන බවට ප්‍රකාශ කළහ. මෙය 1990 දශකයේ කූට උපක්‍රම මගින් තෙල් බලාගාර ගෙන ආ පරිද්දෙන් ම, නැවත පුද්ගලික අංශය වෙත විදුලි බල ක්ෂේත්‍රය විවෘත කර ලංකා විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමට ගන්නා උත්සාහයක මුල් පියවර වුවද විය හැක. පාඩු ලබන ආයතන පමණක් පෞද්ගලීකරණය කිරීමට, රජය උත්සහ කරතැයි සිතීම බොළඳ සිතුවිල්ලක් වන අතර, පුද්ගලික ආයෝජකයින් ගේ ආකර්ෂණයට බඳුන් වන්නේ වඩා ලාබ දායි ආයතන වේ. දේශීය හා විදේශීය ද්‍රව ස්වාභාවික වායු ව්‍යාපාරිකයන් අමාත්‍යාංශ මට්ටමින් හෝ ඊටත් ඉහළින් බලපෑම් කරන බව පෙනේ. විදුලි බල ක්ෂේත්‍රයට පුද්ගලික සහභාගීත්වයට මාගේ විරුද්ධත්වයක් නොමැති වුවත් තෙවැනි ලිපියේ විස්තරාත්මක ව පැහැදිලි කරන සේ 1990 දශකයේ දී සිදු වූ දෙය ම නැවත සිදුවීම අනුමත කළ නො හැක. සම්පූර්ණ ලිපිය කියවීමට…
“දිවයින” පුවත්පතේ ලිපිය කියවීමට….