ගෝටාගෝගම පරිශ්‍රයේදී සාමකාමී අරගලකරුවන් වෙත එල්ල කල අමානුෂික ප්‍රහාරය ලංවිම ඉංජිනේරු සංගමය ලෙස අපි දැඩි ලෙස හෙලා දකිමු.
ගෝටාගෝගම පරිශ්‍රයට එල්ල කල බියගුළු, අමානුෂික ප්‍රහාරය සඳහා වගකිව යුතු සියලුම පාර්ශවයන් වෙත තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අපි වගකිවයුතු පාර්ශවයන් ට බල කර සිටිමු.
රටේ ආර්ථිකය බංකොලොත් කිරීමට හේතු වූ, සමාජ, දේශපාලන ක්‍රමයේ වෙනසක් වෙනුවෙන් එක්ව පෙළගැසෙමු.
අර්බුදකාරී වතාවරණය සාමකාමී තත්වයක් වෙත රැගෙන යාම වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා උපරිමයෙන් කැපවෙමු.

හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් වී මෙම ගැටුම්කාරී සහ අරාජික තත්ත්වය මගහරවා ගැනීමට සියළුම ක්‍රියාමාර්ග ගත යුතුය.
සන්නිවේදනයේ සහ සමාජ මාධ්‍ය භාවිතයේ දැඩි අවශ්‍යතාවය වෙනුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා කැපවෙමු. දැනටමත් අතිශය අසීරුතාවයන්ට මුහුණ දී ඇති අප රටේ ජනතාව තවත් අසීරු තත්වයකට පත්වන වීම වැලැක්වීමට, අඛණ්ඩ විදුලි සැපයුමක් වෙනුවෙන් කැපවෙමු.

ජනතාවගේ බහුතර හඬ නොසලකමින්, සැබෑ වෙනසක් වෙනුවෙන් අරගලය කරන්නන් තවදුරටත් පීඩාවට පත්කරන්නේ නම්, ජනතාව වෙනුවෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට පසුබට නොවන බව ලංවිම ඉංජිනේරු සංගමය ලෙස අවධාරණයෙන් හා වගකීමෙන් ප්‍රකාශ කර සිටිමු.