ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 46.62 කට මිලදී ගැනීමට හැකියාව තිබියදී ඩොලර් 54.41 කට මෙට්‍රික් ටොන් 1,064,724 ක් මිලදී ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
ගල් අඟුරු මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් පිළිබඳව තීරණ ගනු ලබන්නේ පාර්ලිමේන්තු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික කමිටුව වන අතර, පාර්ලිමේන්තු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙහි සභාපති ලෙස විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම් ජී.එස්. විතානගේ මහතා කටයුතු කරයි. එමෙන්ම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විදුලිබල මණ්ඩල සාමාන්‍යාධීකාරී එම්.සී වික්‍රමසිංහ මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි සාමාජිකයෝ ලෙස කටයුතු කරති. – අද පුවත්පත, ජුනි මස 11 වැනි සදුදා…
Sirasa News First: මිනිත්තු 2:10 සිට බලන්න